IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අහෝ සෝභිත නොදිටි මොක්පුර

කෑගල්ල මහාධිකරණයේ විභාග වූ ස්ත‍්‍රී දුෂණ නඩුවකින් වරදකරුවූ රුවන්වැල්ලේ ඒ. සෝභිත නමැත්තාට මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය විසි අවුරුදු (20) සිර දඬුවමක් ද රුපියල් ලක්‍ෂ දෙකක වන්දි මුදලක් හා රුපියල් 20,000 දඩයක්ද පසුගිය 2 දින නියම කළාය. එම දුෂණයට ලක්වූ කාන්තාවට රැකියාවක් ලබා දෙන මුවාවෙන් ඇය සෝභිතට අයත් රුවන්වැල්ල වෙදමැදුරට කැඳවාගෙන ගොස් ඉන්පසු සෝභිතට අයත් බුලත්කොහුපිටිය ලිහිණියාවත්ත බංගලාවට කැඳවාගෙන ගොස් රාත‍්‍රියේ සෝභිත අතින් දුෂණයට ලක්කිරීමට අනුබල හා උදව් උපකාර කළ අයි.එච්. හේමචන්ද්‍ර හා එම්.අයි. අනෝමා යන පැමිණිලිකාරියගේ මාමාට හා නැන්දාට ද මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය වෙන්වෙන් වශයෙන් විසි අවුරුදු සිර දඬුවම් ලබා දී රුපියල් ලක්‍ෂ 2ක බැගින් වන්දි මුදල්ද රු. 20,000 බැගින් දඩ මුදල්ද නියම කළාය. තිදෙනාටම අවුරුදු 20 බැගින් සිරදඬුවම් නියම විය. තිදෙනාටම රුපියල් ලක්‍ෂ 2 බැගින් එම කාන්තාවට වන්දි මුදල් ගෙවීමට නියම කළ මහාධිකරණ විනිසුරු එම වන්දි මුදල් නොගෙවන්නේ නම් එක් අයෙකුට අවුරුදු 1 1/2 බැගින් සිර දඬුවම්ද නියම කළාය. ඉන් පසු එක් අයෙකුට රුපියල් 20,000 බැගින් වෙන් වෙන් වශයෙන් තිදෙනාටම දඩ මුදල් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය රුපියල් 20,000 මුදල නොගෙවන අයට තවත් වසර එකහමාර බැගින් සිර දඬුවම් නියම කළාය. දින 9 ක් එක දිගට නඩුව විභාග වීමෙන් පසුව 2 වැනිදා තීන්දුව ප‍්‍රකාශයට පත් කළාය. 2005 ජූලි මස 16 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී උඳුගොඩ පදිංචිව සිටි තරුණ කාන්තාවකට රැුකියාවක් ලබා දෙන මුවාවෙන් රුවන්වැල්ල වෙද මැදුරේ ඒ. සෝභිත හිමියන් වෙත කැඳවාගෙන ගොස් ඇය දුෂණය කිරීම පිළිබඳ චෝදනා ලබා සිටියේ රුවන්වැල්ල වෙදමැදුරේ ඒ. සෝභිතය. එම සිද්ධියට අනුබල දීම පිළිබඳව පැමිණිලිකාරියගේ මාමා කෙනෙකු වන අයි.එච්. හේමචන්ද්‍ර හා එච්.අයි. අනෝමා යන දෙදෙනා චෝදනා ලබා සිටියෝය. පළමුව පැමිණිලිකාරිය මහාධිකරණය හමුවේ සාක්කි දුන්නාය. ඇය මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය හමුවේ මෙසේ පැවැසුවාය. මා විවාහක කාන්තාවක්. විවාහය අත්හැරුනාට පසු ගෙදර ඇවිත් සිටියා. මා උපාධියත් කළා. රැුකියාවක් බලාපොරොත්තු වුණා. විත්තිකාර මාමායි නැන්දයි මට කීවා හොඳ තැනක රැකියාවක් තියෙනවා බලන්න යමු කියා. මා ඒ අනුව රැුකියාව බලන්න 2005 ජුලි 16 දා ගියා. නැන්දයි මාමයි මාව පළමුවෙන් රැුගෙනගියේ රුවන්වැල්ලේ ඒ. සෝභිත හිමිගේ වෙද මැදුරට. එහිදී මගේ සහතික පරීක්‍ෂාකර රැුකියාව ලබා දෙන්න අපි තිදෙනා ත‍්‍රීරෝද රථයකින් ළිහිණියාවත්තට යැව්වා. අපි ළිහිණියාවත්තට යන විට හවස් වී තිබුණා. අපි ගිය බංගලාව ඇත්තේ පාළු තේවත්තක් මැද්දේ. මෙය තට්ටු දෙකක ගොඩනැගිල්ලක්. අපි ගියාට පසු නැන්දා සහ මාමා කීවා දැන් රෑ බෝ වුණා. යන්න වාහන නැහැ. හෙට උදේ යමු කියලා. බංගලාවේ රස්සාව දෙන්න වත්තෙ මහත්තයත් මගේ සහතික පරීක්‍ෂා කළා. රාත‍්‍රිය වේගන එන විට ඒ. සෝභිත ළිහිණියා වත්තට ඇවිත් අපිට කෑම බීම සැපයුවා. ඔහු මාමටයි නැන්දටයි බොන්න දී සෝභිත හිමිත් හොඳටම බීවා. මම නිදාගෙන ඉන්න විට වෙරිමත්වූ සෝභිත මා ළඟට ආවා. මට බලහත්කාර කමක් කරන්න හදන විට ඉඩ දුන්නේ නැහැ. එවිට සෝභිත මා ඇඳේ පෙරළා ගෙන මට අපරාධයක් කළා. මම ගෙදර ගිහින් සිද්ධිය මවට කීවා. ඊටපසු අපි පොලීසියේ පැමිණිල්ලක් දැම්මා යයි පැවසුවාය. ඇය මෙම සාක්කි දුන්නේ රජයේ අධිනීතීඥ චමින්ද අතුකෝරළ මහතාගේ මෙහෙයවීම යටතේය. ඉන්පසු පළමුවැනි විත්තිකරු වූ ඒ. සෝභිත තමාගේ නිදොස් බව ඔප්පුකිරීමට මහාධිකරණයේදී සාක්කි ලබා දුන්නේය. ඔහුගේ සාක්කි මෙහෙයවූයේ නීතීඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතාය. ඔහුගේ මෙහෙයවීම යටතේ 1 වැනි විත්තිකරු කියා සිටියේ තමාගෙන් රුපියල් ලක්‍ෂ 5 ක වන්දි මුදලක් ඉල්ලූ බවත් එම මුදල් නොදෙන්නේ නම් තමාව දුෂණය කළ බවට පොලීසියේ පැමිණිල්ලක් කරන බවත්ය. එහෙත් 1 වැනි විත්තිකරු එම මුදල නොදුන් බව කීවේය. ඉන් අනතුරුව රජයේ අධිනීතීඥ චමින්ද අතුකෝරළ මහතා නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් 1 වැනි විත්තිකරු ඒ. සෝභිත මෙසේ පැවැසුවේය. මම ගැහැණු සමග අනන්ත සම්බන්ධ කම් පවත්වා තියෙනවා. හැබැයි බලෙන් නොවෙයි කැමැත්තෙන්. මම මත්පැන් පානය කර තියෙනවා. බාල වර්ග නොවෙයි විස්කි බ‍්‍රැන්ඩි වගේ දේවල්. මම බාල දේවල් පාවිච්චි කරන්නේ නැහැ. රජයේ නීතීඥ මහතා - තමුන් සිවුරේ සිට වැරදි වැඩ කරන එක හරිද? 1 වැනි විත්තිකරු - මම විතරක් නොවෙයි, බොහෝ දෙනා කරනවා. අද සමාජයේ හැටි. මම වැඩියෙන්ම ජපානයේ බුදු දහමට කැමැතියි. ජපානයේ පාංශුකූලයක් දෙන්න ගියාම දෙන්නේ පෙජරෝ එකක්. ලංකාවෙ පාංශු කුලයට දෙන්නේ තුවායක්. ඒ රටේ භික්‍ෂුව අපි වගේ නොවෙයි හොඳට කාල බීලා ජොලියේ ඉන්නවා. අපිටත්  ඕනෑ මැරෙන තුරු ජොලියෙ ඉන්න. ඒ නිසා ජපානයේ බුදු දහමට මම වැඩිපුර කැමැතියි. සෝභිත අධිකරණයේදී කීවේය.  

කවුද මේ සෝභිත...?

රුවන්වැල්ල ඒ. සෝභිත ප‍්‍රසිද්ධියට පත්වූයේ යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කරන වෙද හාමුදුරු කෙනෙක් වශයෙනි. එහෙත් ඔහු නඩු විභාගයේදී ප‍්‍රකාශ කළේ පේ‍්‍රම සම්බන්ධ ඇති කරන්නටත් නැතිකරන්නටත් ඔහු කිසි දිනක කටයුතු කර නැති බවය. එසේ නොකරන්නේ ඔහුගේ පේ‍්‍රම සම්බන්ධයක් විනාශ වීම නිසා සසුන් ගත වූ බැවිනි. කලක් රුවන්වැල්ල ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කරුවා ඔහු විය. ඔහු වැරදිවලට පෙළඹුණු පුද්ගලයෙකි. එම සියළු වරදවල් වසාගත්තේ මුදල් වලිනි. ඔහු සිතුවේ මුදල්වලින් සියල්ල වසාගත හැකි බවකි. දැනට වසර කීපයකට පෙර මාධ්‍යවේදීන් පිරිසකට රුවන්වැල්ලේදී සිවුර උස්සා පෙන්නා රුවන්වැල්ල පොලීසිය මගින් ගොනුකළ නඩුවක් රුවන්වැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාගවෙමින් තිබී එයට වන්දි මුදලක් ගෙවීමට සිදුවූ බව පැතිර ගියේය. එදා සෝභිත රුවන් වැල්ලේ රජ කළේය. ඔහුගේ අණසක වෙනස් කිරීමට හැකි කිසිවෙකු ඔහු පදිංචි ප‍්‍රදේශයේ නොවීය. ඔහු මුදල් අතුරා සියල්ල වසාදැමීමට තීන්දුකළත් කාලයාගේ ඇවෑමෙන් එසේ කළ නොහැකි විය. පළමුවෙන්ම ජනමාධ්‍ය සෝභිත ගේ දර දඬු ක‍්‍රියා කලාපයන් ජනතා හමුවේ දිග හැරියේය. ක‍්‍රමයෙන් ජනතා උද්ඝෝෂණය වැඩි වීමට පටන් ගත්තේය. එදා ජනයාගෙන් පිරී ඉතිරීගිය වෙද මැදුර ජනශුන්‍ය තැනක් බවට පත්විය. එක් අවස්ථාවක ප‍්‍රදේශයේ භික්‍ෂූන් වහන්සේලාගේ විරෝධය සෝභිතට එල්ල විය. භික්‍ෂු විරෝධයට ලක්ව යන එන මං නොමැති වූ සෝභිත රහසින්ම සිවුරු හැර ටික දිනකට අතුරුදහන් විය. ඉන්පසු සෝභිත සිවුරුහැර යුරෝපීය ඇඳුමින් සැරසී සමාජයට ආවේ හය හතර නොතේරෙන එකකු ලෙසටය. ඔහු ගිහි ජීවිතයට ඇතුළු වූයේ සුනිල් ශාන්ත යන නමෙනි. ඉඩම් හිමි වැවිලි කරුවකු වශයෙන් සමාජයේ පෙනීසිටි ඔහුට අයත්ව තිබූ විශාල ඉඩම බුලත්කොහුපිටිය පිහිටි ලිහිණියාවත්තය. එය අක්කර 45 ක් පමණ වූ තේ වත්තකි.තේ වත්ත පාළු ප‍්‍රදේශයක පිහිටියේය. එහි සේවකයින් 40 ක් පමණ සේවයේ යෙදෙන බව ඔහු කියයි. ඔහුගේ වෙද මැදුරෙත් සේවකයින් තුන් හතර දෙනකු සේවය කරන බව කියයි. සියළු සේවකයින්ට නියමිත වේලාවට වැටුප් ගෙවන බවද හෙළි කළේය. ඔහු හැමවිටම ප‍්‍රකාශ කළේ සමාජයේ උසස් පුද්ගලයන් ඇසුරු කරමින් හොඳට කාබී ජොලියේ ජීවත් වූ එකම පුද්ගලයා ඔහු බවය. මහාධිකරණ විනිසුරුවරිය සෝභිතට දඬුවම් පැමිණවීමේදී ඔහු නොසැලී බලා සිටියේය. ඔහු අධිකරණයේ සිට බන්ධනාගාරය වෙත ගෙන යාමට උසාවියෙන් පිටතට යද්දී සියළුදෙනාට අත උස්සා ආචාර කළේය. සෝභිත කුමන විධියක පුද්ගලයෙක්දැයි ජනතාවට වටහා ගැනීමට අපහසු වූයේ ඔහුගේ විලම්බීත කතා නිසාය.
සටහන : කෑගල්ල ජයරත්න විල්ලර
 

සිද්ධිය දිගහැරුණේ මෙහෙමයි

මෙම කාන්තාව පදිංචි වෙලා හිටියේ බුලත්කොහුපිටිය පොලිස් වසමෙ ගමක. ඇය විවාහවෙලා හිටියත් ඇයට දරුවන් නැහැ. සැමියා එක්ක හටගත් ආරවුලක් නිසා තම මව්පියන් වෙත පැමිණ ඔවුන් සමග පිටත් වුණා. මෙම කාන්තාව සමග දේදුගල අනෝමා සහ හේමචන්ද්‍ර දුරින් ඥාතින් වූහ. අපි එම කාන්තාව කාන්ති ලෙස හඳුන්වමු. දින කිහිපයකට පසු කාන්ති හමුවන්නට ආ ඥාති යුවල ”බැංකුවේ මහත්තයකුගේ වතු බංගලාවක රැුකියාවක් තියෙනවා. ඒක බුලත්කොහුපිටියෙමයි. ගෙදර ඉඳන් යන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙ නැවතිලා රැුකියාව කරන්නත් පුළුවන් කියල කීවා. ඒ මහත්තය ඇවිත් ඉන්නේ. අද යමු” කියල 2005 ජුලි 16 දින දවල් කාන්තිගේ නිවසට ආපු හේමචන්ද්‍ර යුවල ප‍්‍රකාශ කළා. කාන්ති තම විශ‍්‍රාමික තාත්තාට මේ ගැන කිව්වා. ”පුතේ මට අද ටිකක් ඇඟට සනීප මදි” නැන්දයි මාමයි දෙන්නම ඉන්න නිසා ඒ අයත් එක්ක ගිහින් එන්න.කාන්ති බාහිර උපාධි අවසන් වර්ෂය ලියල තිබුණේ. තම සම්පතක් වගේ තිබුණු සහතික ටික ෆයිල් කවරයකට දමාගත්ත කාන්ති නැන්ද මාමා සමග බැංකුවේ මහතා හමුවෙන්න ගියා. බුලත්කොහුපිටිය නගරයෙන් අවිස්සාවේල්ල බස් එකක නැගල රුවන්වැල්ලේ සෝභිත වෙද මැදුර ළඟින් කාන්ති හේමචන්ද්‍ර යුවල බැස ගත්තා. ඊට පස්සෙ කාන්තිගෙ හිතට අමුත්තක් නොදැනුනා නොවේ. නමුත් කිසිත් නොදොඩා වට පිට බැලූවා කාන්ති තේරුම් ගත්තා මෙතන ජ්‍යොතිෂ්‍ය වැඩ කරන ස්ථානයක් බව. එම ගොඩනැගිල්ලේ කාමරයක් තුළ ස්වාමීන් වහන්සේ නමක් ඉන්නා බව කාන්ති වාඩිවී සිටි තැනට ඉදිරියෙන් තිබෙන කාමරයේ දොර ඇරෙන වැහෙන වාර ගණනද දුටුවා. හාමුදුරුවනේ මේ අර බංගලාවෙ කාර්යාලයට හොයපු රස්සාවට එක්කගෙන ආව ළමය කියල හඳුන්වල දුන්නා. කෝ බලන්න සහතික කියල කාන්ති අතේ තිබුණු සහතික අතට අරගෙන බලපු හාමුදුරුවො. ”ඔය ළමය බුලත්කොහුපිටියේ ලිහිණිය වත්තට යන්න. එතන මැනේජර් ඉන්නවා. එයා තමයි ඔය රැුකියාවල් ගැන බලන්නේ. දවල්ට කාලත් නැහැනේ. අර හෝටලයට ගිිහින් දවල්ට කාල එන්න කියල කිව්වා.” බංගලාව ඇතුළේ පහළ මාලයේ පොඩි පිහිනුම් තටාකයක් එහෙමත් තියෙනවා. මැනේජර් මහත්තය සහතික ටික බැලූව. හැබැයි රස්සාවක් දෙනව කියල කිව්වේ නැහැ. සවස් වෙනකොට නැන්දයි මාමයි කාන්තිට කිව්වේ මේ වැඬේ කරගෙනම යමු. දැන් රෑ වුණ. ආපසු යන්න වාහනයක් නැහැ. අපි අද රාති‍්‍රයේ මෙහේ නැවතිලා හෙට උදේම යමු කියල. කාන්ති ඊට වැඩි කැමැත්තක් දැක්වූවේ නැහැ. ඒ වුනත් මේ නැන්දයි මාමයි මමත් එක්ක ඉන්න නිසා කමක් නෑ කියල හිත හදාගෙන එහේ නතර වෙන්න තීරණය කළා. රාති‍්‍ර 7 විතර වෙනකොට වාහනයක් එන සද්ධයක් ඇහුණා. ඒ වාහනයෙන් වතු බංගලාවට ආවේ අර දවල් හිටපු හාමුදුරුවො. බංගලාවේ ඇතුළට ආව. හාමුදුරුවෝ හේමචන්ද්‍ර අනෝමා යුවල එක්ක කතා කරල හයියෙන් හිනාවුණා. මේ කට්ටිය එකතුවෙලා මත්පැන් බෝතල දෙකක් සොසේජස්, පිපිඤ්ඤා, තෝර මාලූ, කටගැස්මට ගෙනත් විනෝද වෙවි බොන්න පටන් ගත්තා. නැන්දයි මාමයි හාමුදුරුවොයි බීවා. කාන්ති බලාගෙන හිටිය. ටික ටික වෙරි වෙනකොට හයියෙන් හිනාවුණා. ඉඳල හිටල කාන්තිට කුමාරි කියලයි කථා කළේ. හාමුදුරුවෝ මෙහෙම ඉන්න කොට තමයි කාන්ති දැන ගත්තේ මේ ඉන්නේ දවල් දැකපු හාමුදුරුවෝ කියල. ඊට පස්සේ නැන්දයි මාමයි හාමුදුරුවොයි කාන්තියි රාති‍්‍ර එක මේසයක වාඩිවෙලා කෑම කෑවා. ඊට පස්සේ නැන්දයි මාමයි කාන්තියි නිදාගන්න පල්ලෙහා කාමරවලට ගියා. කාන්තියි නැන්දයි එක කාමරයක, මාමා අල්ලපු කාමරයේ. නැන්ද කාන්තිට රාති‍්‍රයට අඳින නයිටියක් ගෙනත් දුන්නා. කාන්ති ඒක ප‍්‍රතික්ෂේප කළා. උදේ ගෙදරින් ඇඳගෙන ආව සායයි බ්ලවුස් එකයි පිටින්ම හිටියා. නැන්ද නයිටියක් ඇඳගත්තා. ටිකක් වෙලා යනකොට හාමුදුරුවෝ කාමරයට ආවා. හාමුදුරුවන් කාමරයට එනවාත් සමගම නැන්ද කාමරයේ දොර වහගෙන එළියට ගියා. කාන්ති නැන්දෙ කියල කථා කළා. ඔයා ඔහොම ඉන්න කියල නැන්ද ගියා. කාමරයට ආව හාමුදුරුවෝ කාන්තිට කිව්වා කෑ ගහන්න එපා. මං ගාව  ඕන දෙයක් තියෙනව. අහවල් පොලිසියේ ලොක්කා නැන්දව අරගෙන එන්නෙත් මෙහාට. මට මොකවත් කරන්න බෑ. මගෙන් බේරිලා යන්නත් බෑ කියල අවියක් වගේ දෙයක් පෙන්නල කාන්තිව බය කළා. හාමුදුරුවෝ සිවුර ඇඳගෙන හිටියේ. එතන තිබුණු නාන කාමරයට ගිය හාමුදුරුවෝ එළියට ආවේ කොට කලිසමක් ඇඳගෙන. කාන්තිගේ කොණ්ඩෙන් ඇදල ඇඳට තල්ලූ කළ හාමුදුරුවෝ කාන්තිව බලෙන් නිරුවත් කළා. මරණ බයෙන් හිටපු කාන්ති වෙර දමල හාමුදුරුවන් තල්ලූ කළත් ඒක කරන්න තරම් හයියක් කාන්තිට තිබුණේ නැහැ. කාන්ති අසරණ වුණා. මරණ බය දැණුනා. ඒ පාපතරයා මෘගයෙක් වගේ නැවත ගොදුර ඩැහැ ගන්න කඩා පැන්නා. ඒ වෙනකොට කාන්තිට වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුණේ නැහැ. රැුකියාවක් ගන්න ආ කාන්තිව බිල්ලට ගත් කාමාතුරයා ගොරව ගොරව නිදන්න පටන් ගත්තා. චීවරයක් දරාගෙන දහවල් කාලයේ හැසිරුණු ඒ තැනැත්තා රාති‍්‍රයේදී පන්සිල් පද පහෙන් හතරක්ම කඩා දමලා. එළිය වැටෙනකං කාමරයේ තිබුණ පුටුවකට වෙලා හිටපු කාන්ති එළිය වැටෙනකොටම කාමරයෙන් එළියට පැන ගත්තා. ඒ වෙනකොටත් කාමාතුරයා ගොරව ගොරව නිදි. නැන්දයි මාමයි නැගිටල හිටිය. ඒ දෙන්නට හොඳටම බැන්න කාන්ති මේ විස්තරය කිව්වා. නැන්ද කිව්වේ කෑ ගහන්න එපා. ඔයා බැඳපු කෙනෙක්නේ. සද්ද කරන්න එපා කියලා. අර කාමාතුරය සිවුරක් දරාගෙන ආයෙත් මේ අය ගාවට ආවා. ඒ කාමාතුරයටත් කාන්ති බැන වැදුනා. බීරි අලින්ට වීනා වයනව වගේ මේ සියල්ල අහගෙන හිටිය. කාමාතුරය කිසි දෙයක් ගණන් ගත්තේ නෑ. කාන්ති වතු බංගලාවෙන් එළියට පැන ගත්තා. නැන්දයි මාමයි දෙන්නත් පස්සෙන් ආවා. ඒ වෙනකොට වත්තට ඇවිත් තිබුණු ති‍්‍රරෝද රථයෙන් බුලත් කොහුපිටියට එන්න පිටත් වුණා. එන ගමන් කාන්ති නැන්දටයි මාමටයි හොඳටම බැන්නා. පොලිසියට යනව කියලත් කිව්වා. නැන්දයි මාමයි කිව්වේ හාමුදුරුවෝ එක්ක පොලිසිය හොඳයි. ඒ නිසා වැඩක් වෙන්නේ නැහැ. සද්ද නොකර ඉන්න කියලා. අම්මටයි තාත්තටයි කියන්න එපා කියල. බුලත්කොහුපිටියෙන් ති‍්‍රරෝද රථයෙන් බැහැ ගත්ත කාන්ති තනියම ගෙදර ගියා. ගෙදර ගිය ගමන් අම්මටයි තාත්තටයි සේරම කිව්වා. බුලත්කොහුපිටිය පොලිසියට කිව්වට වැඩක් නැහැ කියල කිව්ව නිසාත් පොලිසියේ අහවලා නැන්ද එක්ක එන්නෙ වතු බංගලාවට කියල කිව්ව නිසාත් කාන්තිට පොලිසිය ගැන සැකයක් තිබුණා. කාන්ති දින කිහිපයක් කල්පනා කළා. ජුලි 20 වැනිදා සවස පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකථන ඇමතුමක් දීලා සිදුවුන හැම දෙයක්ම කීවා. පොලිස් හදිසි ඇමතුම් අංශය මේ සියල්ල සටහන් කරගෙන වහාම බුලත් කොහුපිටිය පොලිසියේ දුරකථනයට ෆැක්ස් පණිවිඩයක් මගින් මෙම පැමිණිල්ල ලබා දුන්නා. මෙම පැමිණිල්ල ෆැක්ස් මගින් බුලත් කොහුපිටිය පොලිසියට ලැබෙන කොට ස්ථානාධිපතිවරයා නිවාඩු ගිහින්. අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. පරීක්ෂක අනුරපක්ෂ මහතා තමයි වැඩ බලන ස්ථානාධිපති. පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් ලැබුණ පණිවිඩයට මෙම තරුණ නිලධාරියා වහාම කි‍්‍රයාත්මක වුණා. නිලධාරිනියක් හා තවත් නිලධාරින් දෙදෙනකු සමග පැමිණිලි කාරියගේ නිවසට ගොස් ඇයව හමුවී නිලධාරිනියක් මගින් ඇගේ ප‍්‍රකාශය සටහන් කරගත්තා. ඒ අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ කළා. මෙම කාන්තාව දුෂණයට ලක්වූ බංගලාවට යනකොට බංගලාව වහල. ඊට පස්සේ වෙද මැදුරට ගියා. එතනත් වහලා. පොලිසියට පැමිණිල්ල එන විටම අර කාමාතුරය තමන්ගේ ස්ථාන දෙකම වහල පැනල ගිහිල්ල. කාමාතුරයට උදව් කරන පොලිසියේ කෙනකු කාමාතුරයට පණිවිඩය දීලා. බුලත්කොහුපිටිය පොලිසියේ අපරාධ අංශය භාරව සිටිය උප පොලිස් පරීක්ෂක අනුරපක්ෂ මහතා උත්සාහය අත හැරියේ නැහැ. රුවන්වැල්ල නගරයේ ඉන්න රාති‍්‍ර ති‍්‍රරෝද රථ රියදුරන්ට කතා කරල සෝභිත ආවොත් දැනුම් දෙන්න කියල ආවා. 20 වැනිදා රාති‍්‍රය නිදි වර්ජිතව කාමාතුරයා සොයා ගිය ගමන අවසන් වුණේ 21 වැනිදාට එළිය වැටෙමින් තිබියදී. 21 වැනිදා උදේ වෙනකොට උප පොලිස් පරීක්ෂක අනුරපක්ෂ මහතා පොත්පත්වල සටහන් යොදා තිබුණා. 21 උදේ  ඕඅයිසී මහත්තයා ඇවිත් මේ ගැන විමසන කොට පරීක්ෂණ කටයුතු ආරම්භ වෙලා. පසුව 21 වැනිදා දවල් වෙනකොට මේ කාන්තාව කාමාතුරයට බිලිදෙන්න උදව්කළ නැන්දයි මාමයි බුලත්කොහුපිටිය නගරයේදී අත්අඩංගුවට ගන්න අනුරපක්ෂ මහතාට හැකියාව ලැබුණා. අර කාමාතුරයා රුවන්වැල්ලේ නීතිඥයකු සමගින් බුලත්කොහුපිටිය පොලිසියට භාර වුණා. මේ වනවිට කාන්තිව කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය මුරුගපිල්ලේ සිවසුගමනියම් මහතාට ඉදිරිපත් කරල. අධිකරණයට ගෙන ආ මෙම චීවරධාරයාගේ අසංවර දේ වාර්තා කරන්න පැමිණ සිටි මාධ්‍යවේදීන් දැක්ක ඔහු තමන් ඇඳ සිටිය චීවරය ඔසවා නිරුවත පෙන්නුවේ තමන් සිවුරක් දරාගෙන ඉන්න කෙනෙක් බව ගණනකට වත් නොගෙන. එම දර්ශන මාධ්‍යවේදීන් ගේ කැමරාවල සටහන් වුණා. මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම, නිරුවත පෙන්වීම චෝදනාව යටතේ රුවන්වැල්ල පොලිසියේ පැමිණිල්ල සටහන් වුණා. පොලිස් සැරයන් ජයරත්න ”බී” වාර්තාවකින් අධිකරණයට කරුණු වාර්තා කළා. කාන්තාවක් දුෂණය කිරීමේ චෝදනාවට ඇප ලැබුණා. මාධ්‍යවේදීන්ට නිරුවත පෙන්වීම වෙනුවෙනුත් ඇප ලබාගන්න වුණා. මාධ්‍යවේදීන් සමග නඩු කිව්ව ඒ සෝභිත අවසානයේ 2010 වර්ෂයේදී මාධ්‍යවේදීන්ගෙන් සිද්ධිය ගැන කණගාටුව ප‍්‍රකාශකර රුපියල් හැත්තෑපන් දහසක් දී නඩුව අවසන් කරගත්තේ අධිකරණයේදීය. රුවන්වැල්ලේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුව විභාගයට ගැනීමෙන් පසුව නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබූ නඩුගොනුව පරීක්ෂාකළ නීතිපතිවරයා මේ තැනැත්තාට විරුද්ධව අධිචෝදනා ගොනුකර කෑගල්ල පළාත්බද මහාධිකරණයේ නඩු පවරනු ලැබුවා. ස්තී‍්‍ර දුෂණයකට දිය හැකි දඬුවම වන්නේ වසර 7කට නොඅඩු වසර විස්සකට නොවැඩි සිර දඬුවමක්, රුපියල් විසි දහසක දඩයක් හෝ ඒ දෙකට අධිකරණයේ අභිමතය පරිදි වන්දි මුදලක් දණ්ඩ නීති සංග‍්‍රහයේ 364-1 යටතේ සඳහන්වේ. එමෙන්ම මෙම ස්තී‍්‍ර දුෂණයට අනුබල දෙන අයට ද දණ්ඩ නීති සංග‍්‍රහයේ 102 යටතේ 364-1 යටතේ ඇති දඬුවම් නියම කළ හැකි බව රජයේ අධි නීතිඥවරයා පෙන්වා දුන්නේය. අධිකරණ ශාලාවම නිහඬය. තීන්දුව ප‍්‍රකාශයට පත් කෙරිණි. ඔහු වසර 20ක් සිපිරිගෙට නියම විය. රුපියල් 20,000ක දඩයක් හා කාන්තිට ලක්ෂ දෙකක වන්දියක් ගෙවන ලෙසත් නියම කෙරිණි.
සටහන - කෑගල්ල එස්. ගමසිංහ ආරච්චි / ඡායාරූප - බුලත්කොහුපිටිය රවීන්ද්‍ර වෙලගෙදර
තේ වත්තේ ගේට්ටුව බංගලාවේ එක් කොටසක් තේවත්තේ බංගලාව



අදහස් (0)

අහෝ සෝභිත නොදිටි මොක්පුර

හර්ෂන Monday, 08 October 2012 12:00 PM

අපරාදේ මිරිස්සට යවන්න තිබුණේ ....කපලා කොටලා දාවි (ස)

:       0       0

.සම්පත් Monday, 08 October 2012 12:05 PM

ව්ශ්වාසය හැර නැයෙක් ලෝවේ කොහෙන්දෝ...... "මම විතරක් නොවෙයි, බොහෝ දෙනා කරනවා" කව්ද අනේක් අය? එක මුතු වෙමු. සසුන රකිමු. (ස)

:       0       0

රණ්බණ්ඩා Sunday, 07 October 2012 03:29 PM

අවුරුදු දෙකකින් පස්සේ පොදු සමාවකින් ගෙදර ඇවිත් පරණ රස්සාවම පටන් ගනියි. (නි)

:       0       0

මධූරංග Monday, 08 October 2012 06:57 AM

රටේ ප්‍රසිද්ධ තැනකට ගෙනත් ගල් ගහන්නයි තියෙන්නේ. (නි)

:       0       0

භාග්‍යා ප්‍රසාද් Saturday, 13 October 2012 09:12 PM

ඇත්තටම හරිම පහත් පුද්ගලයෙක් හිතේ ඇති මෙයාටත් ජපානයේ කාලා බීලා හොදට වාහන පාංසකූලයට දේවි කියලා.. මේ අය නිසා රටේ ඉන්න හොද හාමුදුරුවො දිහාත් මිනිසුන් වපර ඇහින් බලනවා..!(නු)

:       0       0

සෙනෙරත් Monday, 08 October 2012 09:05 AM

මටත් ආසයි මේ වගේ අයට හොඳට නෙලන්න (ස)

:       0       0

දයා Monday, 08 October 2012 10:32 AM

වෙන මුකුත් නෙමෙයි මෙයා ඊලඟට දේශපාලනයට ඒවි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා - මෙදා දේශපාලන විවාද
2024 අප්‍රේල් මස 20 118 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 95 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 189 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 383 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 383 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 121 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1449 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site