IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අවසන් තරගයදා ශෝකයෙන් මියගිය හිටපු කි‍්‍රකට් කී‍්‍රඩිකාව

ප‍්‍රීතිකා රණවීර රාජගිරිය ජනාධිපති බාලිකාවේ සිටි දඟකාර කටකාරම සිසුවියකයැයි හැඳින්වුවහොත් එය නිවැරැදිය. ක‍්‍රීඩා අංශයෙන් කැපී පෙනුණු ඇගේ බොහෝ ක‍්‍රියාකාරකම් කොලූගැටයකුගේ ක‍්‍රියාකාරකම්වලට බෙහෙවින් සමීපය. අයියලා දෙදෙනකු හා මල්ලී කෙනෙකුගෙන් සමන්විත පවුලේ ඇය තුන්වැනියාය. පාසල් අවධියේ සිටම ඇගේ ජීවිතයම ක‍්‍රිකට් යැයි කීවොත් එහිද වරදක් නැත. පන්දු යැවීම, පන්දුවට පහරදීම හා පන්දු රැකීම යන අංශ තුනෙන්ම දක්‍ෂතා දැක්වූ ඇය තක්සලාවෙන් නික්මෙද්දීම නොමැඞ්ස් ක‍්‍රීඩා සමාජයට සම්බන්ධ වීමට තරම් ඇගේ දක්‍ෂතා කැපී පෙනුණි. ඉන් අනතුරුව කෝල්ට්ස් ක‍්‍රීඩා සමාජයටත් ජාතික සංචිතයටත් ඇතුල්වන ඇය ක‍්‍රිකට් වෙනුවෙන්ම ඇගේ ජීවිතයෙන් සමුගන්නට තරම් අවාසනාවන්ත වූවාය. පසුගිය 07 වැනිදා ඛෙත්තාරාම ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අවසන්වුණු ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේ ප‍්‍රතිඵලය ඇයට මරු කැඳවන්නට තරම් සමත් වේය යන්න එම තරගය ඇරඹීමට පෙර ඇගේ යෙහෙළියකට ඇය විසින්ම පැවැසීම එක්තරා ආකාරයකට දෛවෝපගතය. දෙනෙතට නැගෙන්නට අර අදින කඳුල වළකාගෙනම ඇගේ සැමියා වූ මහේෂ් කෝදාගොඩ අප සමඟ ප‍්‍රීතිකා සහ ඇගේ මරණය ගැන බොහෝ දේ හෙළිදරව්කිරීමට ඉදිරිපත් විය. ‘‘තරගය දවසෙ හවස නුගේගොඩ එයාගෙ යාළුවෙක් ප‍්‍රීතිකාට දුරකතන ඇමතුමක් දීලා කිව්වා අද තරගයෙන් අපි පරදිනවා කියලා. එතකොට ප‍්‍රීතිකා කිව්වා තරගය පැරදුනොත් මම හාර්ට් ඇටෑක් හැදිලා මැරෙයි. ඒ කිව්වත් වගේ තරගයේ ප‍්‍රතිඵලය එයාට මරණය ගෙනාවා.’’ ළය පළාගෙන එන ශෝකය තුනීකරගෙන ඔහු එහෙම කිව්වා. ප‍්‍රීතිකා මහේෂ් හමුවීම ගැන ඔහු කීදේ හරිම අපූරුය. ‘‘අපි පවුල් දෙක තුනක් කතරගම විනෝද ගමනක් යද්දී ඒ ගමනට ප‍්‍රීතිකාත් ආවා. දවල් දවසම ඇය ඇඳගෙන හිටපු තරුණයො අඳින ටී.ෂර්ට්, කලිසම්, කැප් තොප්පි නිසා මම හිතුවෙ එයා කොල්ලෙක් කියලා. අපි එදා කතරගම නතරවෙලා පහුවෙනිදා උදේ ඇය දකිද්දි තමයි මං දැනගත්තෙ එයා කෙල්ලෙක් කියලා. මම දවල් දවසෙම එයාට කතා කළේ ‘‘මල්ලී’’ කියලයි. ප‍්‍රීතිකාට හිටපු හුඟක් යාලූවෝ පිරිමි ළමයි. එයා හරිම මිත‍්‍රශීලීයි. කිසි දවසක අනුන්ගෙ ඕපාදුපයක් හොයන්නෙ නැහැ. එයාගෙ සපත්තු, සෙරෙප්පු, ඇඳුම් පැළඳුම් ගොඩක් ඒවා පිරිමි අය පළඳින ඒවා. ක‍්‍රිකට් ක‍්‍රීඩාවට එයා ගොඩක් දක්‍ෂයි. පාසලෙන් අස්වෙද්දිම නොමැඞ්ස් ක‍්‍රීඩා සමාජයටත් පස්සෙ කෝල්ට්ස් ක‍්‍රීඩා සමාජයටත් ජාතික සංචිතයටත් එයා ඇතුල් වුණා. එයා ගමේ අයත් එක්කත් පවුලෙ අය එක්කත් ගොඩක් එකතුයි. පුංචි ළමයි තමයි එයාගෙ යාලූවෝ. ‘‘මම ඩොක්යාර්ඞ් එකේ වැඩ කරන නිසා ටිකක් කාර්ය බහුලයි. එයා සෙල්ලම් කරන තරග බලන්න බොහෝ වෙලාවට මට යන්න වෙන්නෙ නැහැ. ඒවාට එයා යන්නෙ අම්මත් එක්ක. රොෂාන් මහානාම, චම්පක රාමනායක යන හිටපු ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගෙන් එයා ගොඩක් අත්දැකීම් ලබාගත්තා. අන්තිමට ක‍්‍රිකට් එයාගෙ ජීවිතයම වුණා. එයා එක තරගයක කඩුළු 7ක් ලබාගෙන වාර්තාවකුත් තිබ්බා’’ ඔහුගේ හඬ බෙහෙවින් ශෝකාකූලය. ඔවුන්ගේ ජීවිතයේ සියලූ සිහින ප‍්‍රීතිකා හොරෙන් රැගෙන ගියාය. එපමණක් නොව ඔවුන්ගේ කැදැල්ලට එක්වන්නට සිටි අලූත් අමුත්තාද ඇගේ මරණයත් සමගම ඇය ගිය ලෝකයටම යාම කොතරම් ශෝකජනකද? අවුරුදු හයක දියණියට අමතරව ඇයට ලැබෙන්නට සිටි දෙවැනි දරුවා ප‍්‍රසූතකිරීමට තිබුණේ තවත් දෙසතියක පමණ කාලයකි. දෛවය කෙතරම් මහේෂ්ගේ කැදැල්ලට අකාරුණික වූවාදැයි යන්න අලූතෙන් කිවයුතු නොවේ. ‘‘එයාට මීට කලිනුත් හෘද සැත්කමක් කරලයි තිබුණේ. හැම මාසෙකම ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. මම එයාගෙ අසනීප වෙනුවෙන් ලක්‍ෂගාණක් යටකළා. එයා රෝගියෙක් කියලා මානසිකව වැටෙන්න මම ඉඩ තිබ්බෙ නැහැ. නිතරම එයාව සතුටින් තියන්න මම හුඟාක් උත්සාහ කළා. දොස්තරවරු කළින් කියල තිබුණ අධික සතුටත්, අධික දුකත් මෙයාට දැනෙන්න සලස්වන්න එපා කියලා’’ ‘‘තරගය දවසෙ මම වැඩ ඇරිලා ඇවිත් ඇඟට මහන්සි නිසා මැච්එක ටිකක් බලල කලින් නිදාගත්තා. එයා මැච් එක බැලූව. පස්සෙ නිදාගන්න ආවත් ආයෙත් රෑ 12.00ට විතර එයා සාලෙට ඇවිත් ඉන්නවා තාත්තා දැකලා තිබුණා. එයා එහෙම ඇවිත් තිබුණේ අමාරුව වැඩි වෙලා. පාන්දර 2.30ට විතර එයාට හුස්ම ගන්න බැහැ. ඉක්මණින් ඉස්පිරිතාලෙ ගෙනියන්න කියල මාව ඇහෙරෙව්වා. අප ඉක්මනට එයාව කාසල් රෝහලට අරන් ගියා. ඉක්මණින් දැඩි සත්කාර ඒකකයට ඇතුල් කළා. ඒ ඇතුල් කරද්දිත් එයාගෙ බෙල්ල කඩාගෙන වැටෙනවා මම දැක්කා. නමුත් ඒ රෝහලේ දොස්තරවරු හෙදියෝ ඇතුළු හැමෝම දෙවිවරු වගේ මගේ බිරිඳට ප‍්‍රතිකාර කරන්න මහන්සි ගත්තා. ඒක මම හරිම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනෑ. හෙටත් මම බස් එකක ඉඳගෙන ගියත් එතැනදී නැගිටලා ගෞරව කරනවා’’ මහේෂ් එසේ කීවේ හදවතින්මය. දියණියකට මවක අහිමිවීම, සැමියකුට දයාබර බිරිඳක අහිමි වීම මෙන්ම රටකට ක‍්‍රීඩා සමාජයකට දක්‍ෂ ක‍්‍රීඩිකාවක අහිමි වීම ගැන කෝල්ට්ස් ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරියක වන ඉන්දිකා පෙරේරා මහත්මිය ප‍්‍රීතිකා ගැන කතා කළේ හැඬූ කඳුළෙනි.‘‘අපට ආයෙත් ප‍්‍රීතිකා වගේ ළෙන්ගතු මිතුරියක් දක්‍ෂ ක‍්‍රීඩිකාවක් කවදාවත් හමුවන එකක් නැහැ. මට අන්තිමට ඇය හමුවුණේ එයාගෙ උපන් දිනය දවසේ. එයාගෙ ජීවිතයම ක‍්‍රිකට්. දරුවා ලැබෙන්න තව සති දෙකක් තිබුණත් එයා කතා කළේ දරුවා ලැබිලා ඊළඟ තරගයට ක‍්‍රීඩා කරන්නෙ කොහොමද කියලා. එදා තරගය අවසන් වුණාම මම එයාට ඇමතුමක් දුන්නත් ජංගම දුරකථනය වැඩ කළේ නැහැ. මට විදේශ රටක ඉන්න මිතුරියක් තමයි ප‍්‍රීතිකාගෙ මරණය ගැන කිව්වෙ. තරගයේ ප‍්‍රතිඵලය තමයි එයාගෙ මරණයට බලපෑවේ. එයාට කවදාවත් තරහාකාරයෝ හිටියෙ නැහැ. එයාට බැන්නත් එයා තරහ වෙන්නෙ නැහැ’’ දිවි ගමන් මගේ 35 වැනි කඩඉමකදී දයාබර දියණියක හා සැමියකුගෙන්ද මෙලොව එළිය දකින්නට සිටි කිරිකැටියකුගෙන්ද සමුගන්නට තරම් ප‍්‍රීතිකා අවාසනාවන්ත වූවාය. සුදු කොඩිවැලින් සරසා තිබූ නාවල කොස්වත්තේ ද මැල්වත්ත පාරේදී දුටු සෑම මුහුණකම අප දුටුවේ ශෝකාකූල හැඟීමකි. ඒ දසුන ප‍්‍රීතිකාගේ ළෙන්ගතු බවේ මිනිස්කමේ කැඩපතක් බඳුය.

සටහන දුෂ්‍යන්ත කුමාර / ඡායාරූප ඇලෙක්සැන්ඩර් බාලසූරිය
මහේෂ් හා පී‍්‍රතිකා විවාහය දා... නිවෙස



අදහස් (0)

අවසන් තරගයදා ශෝකයෙන් මියගිය හිටපු කි‍්‍රකට් කී‍්‍රඩිකාව

ෂෙරීෆ් Sunday, 14 October 2012 08:09 PM

ක්‍රිකට් වෙනුවෙන් දිවිදුන් ඇයට නිවන් සුව! (නි)

:       0       0

භාග්‍යා Sunday, 21 October 2012 09:16 AM

සමන්, මිනිසුන්ට අනවශ්‍ය කතා කීමෙන් පෙනෙන්නේ ඔයාගේ මෝඩකමයි. (නි)

:       0       0

නාලක Wednesday, 24 October 2012 08:10 AM

ජය පරාජය දෙකම විදදරාගන්න ඕනෑ. ජිවිතයක් නැතිවෙන්න තරම් ඕවා ගැන හිතන්න ඕනෑද? (නි)

:       0       0

සමන් Saturday, 20 October 2012 04:17 PM

දැං අපායේ ක්‍රිකට් ගහන්න..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Monday, 15 October 2012 06:37 PM

අපි ඕනෑම දෙයකට ඕනෑවට වැඩිය ඇබ්බැහි වෙන්න නරකයි. ඔබට නිවන් සුව! (නි)

:       0       0

නසාර් Sunday, 21 October 2012 12:09 PM

ක්‍රිකට් නිසා ජීවිතය ඉහළ යෑම පමණක්ද වෙන්නේ? (නි)

:       0       0

ශෂිමාල් Monday, 15 October 2012 01:52 PM

දුකයි .නමුත් ක්‍රීඩාවක් ලෙස ජය පරාජය සමව විදගත යුතුයි (ස)

:       0       0

දයා, සෞදියේ සිට Monday, 15 October 2012 10:13 AM

අනේ මන්දා කොහේවත් යන දේකට අහක ඉන්න ජීවිතයක්.......ඇයි මෙහෙම වෙන්නේ . (ස)

:       0       0

දුමින්ද Monday, 15 October 2012 10:28 AM

අපගේ බලවත් ශෝකය (ස)

:       0       0

උෂාන් Friday, 19 October 2012 10:21 AM

ජය පරාජය දෙකම සමව විදදරා ගැනීම‍ට අපි පුරුදු පුහුණු වියයුතුයි (නි)

:       0       0

උෂාන් Friday, 19 October 2012 10:21 AM

හරිම දුකයි. සොයුරිය, ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ගයාන් Friday, 19 October 2012 08:10 PM

මානසික ලෙඩක් නැත්තන් මෙහෙම දේවල් වෙන්නෙ නෑ(ස)

:       0       0

නුවන් Friday, 19 October 2012 10:30 AM

මම ඔයා ගැන ආඩම්බර වෙනවා .ප්‍රීතිකා ඔබට නිවන් සුව පතමි (ස)

:       0       0

නුවන් Monday, 15 October 2012 11:04 AM

රෝහල් වලට හොඳක් කියන අය ඉන්නෙ එකත් ලොකු දෙයක් අද කාලෙ හැටියට (ස)

:       0       0

වාසල Wednesday, 17 October 2012 01:47 PM

මෙදින මියගිය සියළු දෙනාම සැමටම මතක හිටීවි (නි)

:       0       0

මංජු Monday, 15 October 2012 12:28 PM

ලාංකිකකම උපරිමයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 21 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 209 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 157 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 218 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 228 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 749 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site