IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අලුත්ම ජාවාරම - අරලිය අරටුව පනස් දාහයි

 

06-P-2-M-3

kalina

සේපාලිකා, වීර, කෝන, මිල්ල, තේ, කිරිඳි වැල ගස් පහයි වැල් එකයි. කියන කතාන්දරය අපි සැවොම දනිමු. ඒ යුවතියක් හදිසියේ තම ආදරණීය සෙනෙහෙ වන්තයාට ලිපිනය පැවසූ ආකාරයයි. ඒ මේ වන විට මුහුණු පොත, එස්.එම්.එස්, ඊමේල් හෝ ස්කයිප් නොතිබු යුගයක දීය.

එහෙත් අද මේ ආකාරයට නොව අමුතුම ආකාරයේ වෙළදාමක් පිළිබදව සමාජයේ අසන්නට දකින්ට හැකිය.

වී. ඕ.සී සළකුණ සහිත කතාන්දරයක් පිළිබඳ පසුගිය කාලයේ රට පුරා මහත් ආන්දෝලනයක් ඇති විය. මෙයටම දෙවැනි ආකාරයේ වල්ලා පට්ට කතාන්දරයක්ද දැන් සමාජයේ දැකිය හැකිය.

මේ වන විට කරළියට පැමිණ ඇත්තේ ගෝනුස්සාගේ කතාන්දරයකි. ග‍්‍රෑම්ස් පනහේ නිල් පැහැ ගෝනුස්සකු රුපියල් දස දහසකට අධික මිලකට ගන්නා බව මේ වන විට ගම් නගරවල රට පුරා පැතිරෙමින් පවතියි. ගෝනුස්සන් සොයා කුණු ගොඩවල් අවුස්සන පිරිස මේ වන විට දැකිය හැකිය.

06-P-2-M-2කුණු අවුස්සන වැඩි පිරිසක් සිටින රටක මෙය ද අගනා වු කටයුත්තකි. එය එක් අතකට සමාජ, පරිසර හා සෞඛ්‍ය ප‍්‍රශ්නයකට විසදුමක් විය හැකිය. ඩෙංගුවාට වැට බඳින්ට මෙය රුකුලක් වනු ඇත.

අප දන්නා පරිදි හූනන් පිළිබඳව ද කතාන්දරයක් පසුගිය කාලයේ දැකිය හැකි වූ අර අහිංසක හූනන් අල්ලාගෙන අලෙවිකරන්ට ගිය අවස්ථා රැුසක් දැකිය හැකි විය. සුදු කැස් බෑවාගේ කතාන්දරයද සුන්දර ආකාරයට රටේ මහත් ආන්දෝලනයක් ගත්තේය.

මීට අමතරව මේ වන විට සුදු, කහ, රතු අරලිය අරටුව සහිත ලී රුපියල් පනස් දහසකට ගන්නා තැරැුව්කරුවෝ ගමේ නගරයේ වැහිවැහැලාය. මේ වනවිට අරලිය අරටුව සහිත දඬු මිල නියම කර ඇත්තේ ද මේ බ්‍රෝකර්ලාය.

රතු කෝමාරිකා නම් වු ශාකයක් ද රුපියල් ලක්ෂයක මුදලකට මිලදී ගන්නා බව කියමින් ගම්වල නගරවල පැළ තවාන්වල කරක් ගසන පිරිසක් මේ වන විට දැකිය හැකිය. මෙමගින් අමුතුම වෙළෙඳ පොළක් ඇතිකර එම භාණ්ඩ ගන්නා බවට රැුල්ලක් මේ වන විට දකුණු පළාතේ දැකිය  හැකිය.
පිටකොටුවේ ව්‍යාපාරිකයෙක් මේ වෙළෙඳාම කරන බවට පවසමින් මේ ශාඛ හා සත්වයන් අලෙවියට කටයුතු කරන පිරිසක් ගැන ගම් නගරවල බ්‍රෝකර්ලා පවසති.

මේ අතර ලංකාවේ කොළ හා මල් අලෙවිය යටතේ මේ ජාවාරම කරන බව සමහරු කියති. මේ වන විට මහා පරිමාණයෙන් කැලෑ කොළ කපා පිටරටවලට අලෙවි කරන ව්‍යාපාරයක් කොළඹ ආශ‍්‍රිතව සිදු කරන ආකාරයද දැකිය හැකිය.

අප දන්නා පරිදි ගෙවතුවල නිවෙස්වල අලංකාරයට සිටවන ගස්වැල්වල කොළ මේ ආකාරයට වෙළෙන්ඳන් මාර්ගයෙන් මිලදී ගනිති. එක් කොළයකට රුපියල් දෙකේ සිට ඉහළට මිල ගණන් කැඳවේ. මිල නියම වේ.

මේ කොළ කඩතොලූ නොවු ඒවාය. ඒවා අමු අමුවේම රැුගෙන වාහනවලින් කොළඹට ගෙන ගොස් මල් හා කොළ එක් කර මල් කළඹ සකස්කර ගුවන් මගින් විදෙස් රටටවලට යැවෙන ක‍්‍රමයක් ද මේ වන විට දැකිය හැකිය.

මේ සියල්ලම, රටට ආර්ථිකයට ශක්තියක් වන්නේ නම්, ප‍්‍රශ්නයක් නොවේ. නමුත් මෙහි අයිතිය හෝ මෙම ශාක පත‍්‍ර හරහා අපගේ සතුන් පැළ කොළ සුද්දන්ගේ අයිතියට නතුවේද යන්න රට හමුවේ බරපතල කතාන්දරයකි. නොඑසේ නම්, අපේ සම්පත්වලට අපේ දරුවන්ට සුද්දෝ අයිතිය කියන්නට යනවා නම් ඒ ගැන දෙවරක් සිතිය යුතුව තිබේ. නැතහොත් අපේ දරුවන්ට උප්පැන්න සහතික දෙන්නට යම් සංවිධාන්මක පිරිසක් සුද්දන්  මාර්ගයෙන් අප අන්දනවා ද යන්න සොයා බැලිය යුතුව තිබේ.

06-P-2-M-1

futter-02



අදහස් (0)

අලුත්ම ජාවාරම - අරලිය අරටුව පනස් දාහයි

ගාමිණී- සිරිවර්දන Tuesday, 09 September 2014 04:50 PM

පුජා කිරීමට පවා වෙනත් මල්වර්ග යොදා ගන්නේ නෙලීමට ඇති අපහසුකම නිසයි. රතු කෝමාරිකා නම් දුර්ලභය.මෙවැනි දේවල් වලට විදේශ ඉල්ලුමක් ඇත්නම් රජය සොයා බලා අපනයනයට අවසර දෙන්නේ නම් ගම්බද ජනතාවට සහනයක් වේවි.විදේශ විනිමයක්ද ලැබෙයි. සැඟවී ඇති අපනයන ද්‍රව්‍ය ගැන රජයේ බලධාරීන් කඩිනමින් උනන්දු විය යුතු කාලයක් එළඹ ඇත (නි)

:       0       1

මාලි Tuesday, 16 September 2014 05:50 AM

මන් ලග ගෝනුස්සෝ පැටව් 10ක් කුඩු කරලා ඉන්නවා කාට හරි ඕනේ නම් මාව අමතන්න (නදී)

:       1       1

අසෝකා Thursday, 11 September 2014 09:10 AM

මේවායේ අයිතිය අපට තබා ගනිමින් පිටරටවලට මේවා බෝ කර ගැනීම තහනම් කරමින් විකුනනවා නම් එය අපට අගය කල හැකිය. මෙම රටවල නිදි කුම්බා ද මල් පැලයක් සේ යුරෝ 4 සිට 19 දක්වාද; ඉගිනියා පැලයක් යුරෝ 19 සිට 35 වෙනවා. ගාමිණී සිරිවර්ධනගේ කතාව හරි. (නදී)

:       0       1

නන්ද Sunday, 14 September 2014 04:08 PM

මේවා වැඩිය ප්‍රසිද්ධ කරන්න නරකයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 256 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 215 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 60 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 302 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 211 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 263 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site