IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


අලුතින් තේරුණු සොබාදහමේ පුදුම හත

පුදුම හත සංකල්පයට ඇත්තේ බෝහෝ දිගු ඉතිහාසයකි. කි‍්‍රි.පූ 484 සිට 425 දක්වා වූ කාල පරාසය තුළ ජීවත්වූ හෙරඩෝටස් නමැත්තා හා පූරා කියා ලෝකයේ පුදුම හත නම් කළ අතර, ඒ සඳහා ඔහු ඉදිරිපත් කලේ මිසර පිරමීඩ, එල්ලෙන උයන, ඔලිම්පියා සියුස් ප‍්‍රතිමාව, ආටෙමීස් දෙවොල, හාලිකනාසස් සොහොන්ගෙය, රාඩෝස් ප‍්‍රතිමාව සහ ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ ප‍්‍රදීපාගාරයයි. හෙරඩෝටස්ට පසුව ජීවත් වූ කැලිමෑකුස් නැමැත්තාද ඉහත දැක්වූ පුදුම හත ලෝකයේ පුදුම හත ලෙස පිළිගත්තේය. පුදුම හත යන සංකල්පය ලෝකයට ආවේ එපරිද්දෙන් වූවත් ඉනික්බිතිවද මේ හතට ඉලක්කමක්වත් අලූතින් එකතු වූයේ නැත. ඒ නිසා අදටත් නම් කෙරෙන්නේ පුදුම හතමය! ඉහතින් නම් කළ පුදුම හතේ එක් එක් පුදුමය විටින් විට විනාශ විය. ඒ එක්කො භූමි කම්පා වලනි. නොඑසේනම් හදිසි ගිනිගැනීම් හේතුවෙනි. කෙසේ හෝ වේවා මේ වනවිට ඉන් ඉතිරිව ඇත්තේ එකම එක පුදුමයකි. ඒ මිසරයේ පිරමීඩයි. කෙසේ වෙතත් යුගයෙන් යුගයට අලූතින් පුදුම හත නම් කිරීමේ විලාසිතාවක්ද ඇරඹුණි. මේ වනවිටත් මධ්‍යතන යුගයේ පුදුම හත, නූතන ලෝකයේ පුදුම හත, සංචාරක ආකර්ෂනය දිනූ පුදුම හත, ස්වභාවික පුදුම හත, දිය යට පුදුම හත ආදී වශයෙන් විවිධ වූ පුදුම ගණනාවක් තේරී අවසානය. මේ අතර 2007 වසරේදී මිනිසුන් විසින් නිර්මිත ලෝකයේ පුදුම හතඅලූතින් නම් කරන්නට යෙදුණි. අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණු මහජන ඡුන්ද විමසීමකින් තෝරාගන්නා ලද මේ පුදුම හතට ටජ්මහල, චීන මහා ප‍්‍රකාරය, රෝම රඟමඩල, බ‍්‍රසීලයේ ගැලවුම්කාර ක‍්‍රිස්තු ප‍්‍රතිමාව, මැක්සිකෝවේ ඉටිසා හි මායා නගරය, ජෝර්දානයේ පෙට‍්‍රා රඟහල සහ පේරුරටේ මාචු පීචු ඉන්කා අධිරාජ්‍යයේ නටබු4න් ඇතුළත් විය. තවත් එබඳුම ඡුන්ද විමසීමක් ඉකුත් වසර කිහිපයක් පුරා පැවැත්විණි. එහි ඡුන්ද ගණනය කිරීම සිදුවූයේ 11.11.11 වැනිදාය. එම දිනයෙහි ඇති සුවිශේෂත්වය නිසාදෝ එදින ඡන්ද ගණනය කර එහි ප‍්‍රතිඵල ප‍්‍රකාශිත දිනය ලෙස තෝරාගන්නට ඇත. පුදුම හත තේරීමේ ප‍්‍රධාන කාර්යාලය පිහිටි සූරිච්හිදී ඡන්ද ප‍්‍රථිපල එදින නිකුත් කෙරුණු නමුත් එය නිලවශයෙන් නිකුත්කරන්නේ ලබන වසරේදීය. හේතුව මේ ඡන්ද ගණනය නිවැරැදිද යන්න තවමත් පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් තිබෙන නිසාය. කෙසේ හෝ වේවා ඉකුත් 11 දා නිකුත් කෙරුණු ප‍්‍රථිපල වාර්තාවට අනුව සොබාදහමේ අලූත්ම පුදුම හත ලෙස මහජන ඡන්දයෙන් තේරී පත් වූ පුදුම හත මෙන්න. ඇමේසන්, හැලෝංග් බොක්ක, ඉගුවාසු ඇල්ල, ජේජු දුපත, කොමොඩෝ දුපත හා ජාතික වනෝද්‍යානය, පූර්ටෝ සෙන්සෙසා භුගත ගංගාව, ටේබල් මවුන්ටන්. මෙතෙක් කලක් සම්මතව පැවති සොබා දහමේ පුදුම හත මෙසේය. ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ජනපදයේ පිහිටි ග‍්‍රෑන්ඞ් කැනියන් මහා දොරුව. ඕස්ටේ‍්‍රලියාවේ ක්වින්ස්ලන්තයේ වෙරළ බඩ පිහිටි ලෝකයේ විශාලතම කොරල්පරය වන මහා බාධක පරය, බ‍්‍රසීලයේ මුහුදු තීරයේ පිහිටි රියෝද ජැනයිරෝ වරාය. ලෝකයේ උසම කන්ද වන හිමාල කඳුවැටියේ එවරස්ට් කඳු මුදුන ආක්ටික් හා ඇන්ටාක්ටික් ධ‍්‍රැවයේ අරුණලූ. මෙක්සිකෝවේ පිහිටි මීටර් 3170 ක් උස පැරි කි්‍යුටින් ගිනිකන්ද සිම්බාබ්වේ සහ සැම්බියාවට අයත් සැම්බෙසි ගංගාවේ විශ්මිත නිර්මාණයක් වන වික්ටෝරියා දිය ඇල්ල. එහෙත් අලූතින් තේරුණු පුදුම හත කලින් තිබුණු පුදුම හතට වඩා වෙනස් වී තිබේ. කලින් පුදුම අලූත් පුදුම ඉදිරියේ පසුපසට තල්ලූ වී තිබේ.

කෙසේ හෝ වේවා අලූතින් තේරුණු පුදුම හතේ අපූරු විස්තර මෙසේය.

ඇමේසන්

ඇමේසන් වැසි වනාන්තරය මෙන්ම ඒ මැදින් ගලනා ඇමේසන් නදියද විශ්මයකි. දකුණු ඇමෙරිකාවේ ඇමේසන් නදී නිම්නය ආවරණය කරන අමේසන් වනාන්තරය බ‍්‍රසීලය, පේරු, වෙනිසියුලාව, කොළොම්බියාව, ප‍්‍රංශ ගයනාව, ඉක්වදෝරය, බොලීවියාව, ගයනාව, සහ සූරිනාමය යන රටවල් පුරා පැතිර ඇත්තේය. ඒ නිසාම ලෝකයේ ලොකුම වැසි වනාන්තරය වන්නේ ඇමේසනයයි. එමෙන්ම ලෝකය පුරා පැතිරුණු සියළු වැසි වනාන්තර වල එකතුවෙන් අර්ධයක්ම වැසී යන්නේ ඇමේසනයෙනි. වසර මිලියන ගණනක් තිස්සේ නිර්මාණය වූ ඇමේසන් වනය විවිධාකාර සත්ත්ව සමූහයකගේද වාස භවනයයි. යෝධ කුහුඹු කන්නා, ටේපරයා, ජගුවරයා ඇලිගේටරයා, පීරන් හා මත්ස්‍ය, ඇතුළු විවිධාකාර සත්ත්ව සමූහයකගේද වනචාරී මිලේච්ඡයන්ගේද වාසභූමියක් වන ඇමෙසන් වනය මැදින් ගලායන ඇමේසන් නදිය ලෝකයේ ලොකුම නදියයි. එසේම ලෝකයේ දිගම ගඟ වන්නේද ඇමේසන් ගඟ බව ඉකුත් දා කරන ලද ගවේශනයකින් හෙලිදරව් විය. ඉතින් මේ හරිත වනය ලෝකයේ ලොකුම පුදුමයක් වීම කිසිසේත්ම පුදුමයක් නොවේ.

ඉගුආසු ඇල්ල

බ‍්‍රසීලයේ දකුණු දිග කලාපයටත් ආර්ජන්ටිනාවේ මිඩියන්ස් පලාතටත් අයත් ඉගුආසු ඇල්ල, ඉගුආසු ගංගාවේ පිහිටි දර්ශණීයතම ඉසව්වකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආශ්චර්යයක් වන ඉගුආසු, දිය ඇලි සංකීර්ණයකි. මී. 2700 ක් පළල මේ ඇල්ල ලොකු කුඩා දිය ඇලි 270 ක එකතුවකි. ඇල්ලේ පළලින් මීටර් 1900 ක් බ‍්‍රසීලයටත් ඉතිරිය ආර්ජන්ටිනාවටත් අයත් වෙයි. මෙහි උසම ඇල්ලේ උස මීටර් 82 ක් වන අතර බහුතරයක උස මීටර් 64 ක් පමණය. ඉඟුආසු ඇල්ලේ ප‍්‍රධානතම ඇල්ල වන්නේ යක්ෂයාගේ උගුරයි. පලල මීටර් 150 ක් ඉක්මවන මේ යක්ෂ උගුර ඉංග‍්‍රීසි ‘යූ’ අකුරේ හැඩය ගන්නකි. මෙම ඇල්ල පිහිටා ඇත්තේ බ‍්‍රසීලයත් ආර්ජන්ටිනාවත් වෙන්කරන මායිමේය. තත්ත්පයකට ලීටර් 15000 තරම් ජල ප‍්‍රවාහයක් ඇද හැළෙන මේ අපූරු ඇල්ල අභියස වික්ටෝරියා ඇල්ලත් නයාගරාවත් දෙවැනි වෙයි. ඉගු ආසු ඇල්ල වටකොටගත් වන රක්ෂිතය ජගුවරයින් යෝධ කුහුඹු කන්නන් වැනි ඇමේසන් වන කලාපයට අයත් අපූරු සතුන්ගේද නිජබිමකි.

හා ලොන්ග් බොක්ක

වියට්නාමයට අයත් හාලෝන්ග් බොක්ක නිසල ජල තලයකටත් හුණු ගල් කඳුගැටයකටත් උරුම කියන්නකි. වසන්තයේදී බෙහෙවින් පැහැපත් වන බොක්කේ ජලය නිසා මුහුදු පතුලේ සිරි නරඹමින් පිහිනන්නටද පුළුවන. විසිතුරු ගල්ගුහා රැුසකට උරුම කියන හා ලෝන්ග් බොක්කේ ලොකුම ගුහාව සන් ෂොට් වන අතර බෝ නඋ ඊට වඩා තරමක් ප‍්‍රමාණයෙන් කුඩා ගුහාවකි. අතිශය විසිතුරු දර්ශනයක් මවන මේ අපූරු මුහුදු තීරය මේ වනවිට අධික සංචාරක ආකර්ශනයක් ලබාගන්නේය. තවත් සමහරු මෙහි එන්නේ දියයට පිහිනීමටය. මුහුදු පත්ලෙහි ඇති විසිතුරු කොරල් පරය නිසා මුහුද යට පිහිනන්නකුට මෙලොව ඇති පරම රමණීය සුන්දරත්වය මොනවට දැක බලා ගත හැකිය.

කොමොඩෝ

බාලි දිවයිනට නාවික සැපතපුම් 200 කට ඔබ්බෙන් පිහිටි කොමොඩෝ ජාතික උද්‍යානය මේ ලෝකයෙන් සපුරාම වෙනස් වූවක් වැන්න. වර්තමානයේ යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙසද ප‍්‍රකාශයට පත්කරන ලද කොමොඩෝව වඩාත්ම සුවිශේෂ වී ඇත්තේ කොමොඩෝ මකරුන් නිසාවෙනි. මුළු ලෝකයෙන්ම කොමොඩෝ මකරුන් සිටින්නේ කොමොඩෝ දිවයිනේ පමණකි.

ටේබල් මවුන්ටන්

ටේබල් මවුන්ටන් ලෙස නම් කරන ලද කඳු ලෝකයේ බොහෝ ඉසව් වල ඇතත් ලෝක පුදුමයක් ලෙස සැලකෙන්නේ දකුණු අප‍්‍රිකාවේ කේප්ටවුන් හි පිහිටි මේ නම්ගත් කඳුවැටියයි. උතුරේ සිට දකුණට විහිදුනු කඳු වැටියේ මුදුන් ගණනාවක් විවිධ නම් වලින් හඳුන්වති. සිංහ හිස, මේස කන්ද, යක්ෂයා ගේ කන්ද රිදී මුහුණත ඉන් ප‍්‍රධානතම කඳු හිස්ය. විවිධ වර්ණවත් මල්වලින් නැහැවුණ කඳු යායක් මිටියාවතක් වසන්තයේදී සංචාරක නෙත් සිත් වසඟ කරන සුළුය. පැතිරුණු වනාන්තරය සිංහයන්ගේද දිවියන්ගේද, සිවලූන්ගේ ද අප‍්‍රිකානු පඳුරු අලින්ගේද කළු රයිනෝසිරසුන්ගේ ද කඳුකර සීබ‍්‍රාවන්ගේද නිජබිමයි.

පූවර්වෝ ප‍්‍රින්සෙසා

පූවර්වෝ ප‍්‍රින්සෙසා භුගත ගංගාව සහිත ජාතික වනොද්‍යානය පිහිටියේ පිලිපීනයේ පූවර්වෝ ප‍්‍රින්සෙසා නගරයට කි.මි 50ට පමණ ඔබ්බෙනි. ශාන්ත පෝල් කඳුකරයට උතුරු දිගින් පිහිටි මේ ජාතික වන උයන ශාන්ත පෝල් බොක්ක මායිමේ පිහිටියේය. මෙම වනෝද්‍යානයේ සුවිශේෂතම අංගය කි.මි 8 ක් දුරට විහිදුනු භුගත ගංගාවයි. එවැනි දුරකින් යුත් භූගත ගංගාවක් ලෝකයේ තවත් කොතනකින් වත් වාර්තා නොවන නිසාදෝ මෙය ලෝක පුදුමයක් ලෙස නම් කරනු ලැබීය. යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ද නම් කරනු ලැබූ මේ භූගත ගඟ සහිත ජාතික වනෝද්‍යානය සුන්දර වනගහනයකි. කුරුලූ විශේෂ 165 ක් ක්ෂීරපායි විශේෂ 30ක් උරග විශේෂ 19 ක් ආදී වශයෙන් වාර්තා වන මෙහි කටුස්සො ගෙම්බන් මෙන්ම මකුළුවෝද කැස්බෑවෝද වාසය කරති.

ජේජු දුපත

දර්ශණීය දියඇලි තුනක ජන්ම භූමිය වූ ජේජු දුපත දකුණු කොරියානු අර්ධද්වීපයට අයත් වූවකි. වැලි සහිත දිගු වෙරළවල් මෙන්ම සොඳුරු වනගහනයකින් ද යුත් ජේජු දුපත මේ වනවිටත් දැඩි සංචාරක ආකර්ශනයක් දිනාගෙන ඇත. විවිධ වර්ග වල මැණික් වලටද උරුමකම් කියන මේ අපූරු දුපත සීත සෘතුවේ දී අධික ශීතල දේශගුණයකින් යුක්තයි. මීටර් 1950න් යුත් මහල් කඳු මුදුනක්ද තවත් යමහල් කිහිපයක්ද ඇති ජේජු දුපතේ පිහිටි හලසැන් ජාතික වනෝද්‍යානය යුනේස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර තිබේ කිමිදෙන්නන්ට ලෝකයේ තිබෙන සුන්දරම මුහුදු පතුල දැකගැනීමටද වරම් ලැබෙන ජේජු දුපත අවට කොරල් පර අසල විසිතුරු මසුන් බහුලය. මෙකී නවතම පුදුම හත හේතුවෙන් මේ ස්ථානවලට මෙතෙක් නොවූ විරූ අන්දමේ සංචාරක ආකර්ශනයක් උරුම වෙයි. ඒ නිසාම මේප‍්‍රදේශ වලට යටිතල පහසුකම් සැපයීමෙන් යහපත් ආර්ථිකයක් ගොඩ නඟා ගැනීමටද ඒ රටවලට පුළුවන්. මේ නවතම පුදුම හත පිළිබඳව මහත් උත්සව ශ්‍රීයෙන් කෙරෙන ප‍්‍රකාශයක් ඉදිරි මාස දෙක තුන ඇතුලත සිදුවන බව පැවසේ. සොබාදහමේ මේ පුදුම හතට වඩා පුදුම සහගත පුදුම ලෝකයේ තවත් තිබෙතැයි සමහරු චෝදනා කළ හැකිය. එහෙත් මේ පුදුම හත තෝරාගෙන ඇත්තෙ මිලියන සංඛ්‍යාත ඡන්ද වලින් බැවින් මේ ප‍්‍රතිඵල සාධාරණයැයි අපට පිළිගන්නට සිදුවේ.
ශාන්ත කුමාර විතාන
හැලෝංග් බොක්ක ඇමේසන් ඉගුවාසු ඇල්ල ටේබල් මවුන්ටන් ජේජු දුපත කොමොඩෝ දුපත හා ජාතික වනෝද්‍යානය පූර්ටෝ සෙන්සෙසා භුගත ගංගාව  



අදහස් (0)

අලුතින් තේරුණු සොබාදහමේ පුදුම හත

විනීතා Thursday, 15 December 2011 10:12 PM

මෙම පුදුම 7 ට ඇතුළත් නොවී මග හැරුණු තවත් හොද පුදුමයක් තියෙන්න බැරිද?

:       0       0

සම්පත් රත්නායක Monday, 05 December 2011 03:45 PM

අලුතින් තේරුණු පුදුම හත ඉතාමත් ලස්සනයි එතකොට පරණ පුදුම හත???

:       0       0

චතු Tuesday, 13 November 2012 08:02 AM

ස්වභාවික පුදුම 7 ගැන නම් ඇත්තටම පුදුමයි.ඒත් අනෙක් පුදුම 7 න් ටජ් මහල් ,චීන මහා ප්‍රාකාරය වගේ කීපයක් විතරයි මම නම් ලෝක පුදුම විදියට දකින්නේ.සීගිරිය,අවුකන පිළිමය,රුවන්වැලි මහා සෑය වගේ තැන් ඇත්තටම පුදුමයි බැලුවහම. (නි)

:       0       0

අනිල් චම්පික Monday, 05 December 2011 09:19 PM

ලස්සනයි

:       0       0

තිසර Friday, 06 January 2012 11:18 AM

හුගාක් වටිනවා. තවත් මේ වගේ වාර්තා ඉදිරිපත් කරන්න

:       0       0

කමල් චන්දන Monday, 05 December 2011 11:56 PM

අලුතින් තේරුණු පුදුම හත ඉතාමත් ලස්සනයි .එතකොට පරණ පුදුම හත?

:       0       0

සමීර Tuesday, 06 December 2011 03:53 AM

සීගිරියත් ඇතුළු කල යුතුයි

:       0       0

නිවර්තන දිනකර Tuesday, 06 December 2011 10:21 AM

ඇයි ලොකයේ හැමදාම පවතින්නේ පරණ පුදුම 7 විතරද?

:       0       0

බුද්ධික මදුසංඛ Tuesday, 06 December 2011 11:28 AM

ඇත්තටම පුදුමයි අපි ඡීවත් වන ලෝකය නකායිතරම් නම් සුන්දරද

:       0       0

ඉෂාරා Tuesday, 29 March 2016 07:57 AM

ගොඩක් ලස්සනයි. (ර)

:       0       0

මාලා මල්කාන්ති Tuesday, 06 December 2011 03:21 PM

ලෝකයේ වෙනස් නොවන එකම දේ වෙනස්වීම නම් පුදුම හත වෙනස් වෙන එක පුදුම දෙයක්ද?

:       0       0

දුලාන් Tuesday, 07 July 2015 07:58 AM

ලස්සනයි..... (ර)

:       0       0

දිලූප Tuesday, 06 December 2011 04:14 PM

ගොඩක් ලස්සනයි. ඉතා වටින වාර්ථාවක්

:       0       0

සංජය රුවන් Tuesday, 06 December 2011 04:55 PM

ඇත්තටම හොද දෙයක් අගය කරනවා.

:       0       0

විජිත Tuesday, 06 December 2011 04:57 PM

වටින වාර්තාවක්. හරිම ලස්සනයි

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 88 0

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 330 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 177 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 16 565 0

ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 664 2

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2680 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 190 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1390 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site