එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝ සංවිධානය 1972 නොවැම්බර් 16 වැනි දින සම්මත කරගත් ලෝක සංස්කෘතික හා පාරිසරික උරුම රැකගැනීම පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය යටතේ ශී‍්‍ර ලංකාවේ ස්ථාන හතක් ලෝක උරුම ලෙස නම් කැර තිබේ. එහි හයවැනි සමුළුව 1982 වර්ෂයේ ප්‍රංශයේ පැරිස් නුවර පැවැති අවස්ථාවේදී 200 වැනි ලෝක උරුමය ලෙස අනුරාධපුර පැරැණි නගරයත්, 201 වැනි ලෝක උරුමය ලෙස පොළොන්නරුව පැරැණි නගරයත්, 202 වැනි ලෝක උරුමය ලෙස සීගිරියත් ප්‍රකාශයට පත් කැරිණි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ලෝක උරුම තුන බවට එම පුරාණ නගර පත්විය. ඉන් අනතුරුව දස වැනි සමුළුව බ්‍රසීලයේ බ්‍රසිල් නුවර පැවැති අවස්ථාවේදි සිංහරාජ වැසි වනාන්තරය 405 වැනි ලෝක උරුමය ව්ිය මහනුවර නගරය 450 වැනි ලෝක උරුමය බවට පත්විය. ගාල්ල ඕලන්ද බලකොටුව හා පැරණි නගරය 451 වැනි ලෝක උරුමය බවට පත් විය. 1991 වර්ෂයේ ටියුනීසියාවේ පැවැති 15 වැනි සමුළුවේදී රංගිරි දඹුල්ල රජමහා විහාරය 561 වැනි ලෝක උරුමය ලෙස ප්‍රකාශයට පත්කැරිණි. ඒ අනුව මේ වන විට ශී‍්‍ර ලංකාවේ ස්ථාන හතක් ලෝක උරුම ලෙස නම් කර තිබේ. 2008 වර්ෂය වන විට ලොව පුරා ලෝක උරුම 851 ක් නම් කර ඇත. ඉන් 660 ක්ම සංස්කෘතිකමය පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වන ස්ථාන වේ. සිංහරාජය ඇතුළු පාරිසරික උරුමයන් සංඛ්‍යාව 166 කි. ඓතිහාසික හා පාරිසරික වශයෙන් වැදගත් කමක් ඇති ස්ථාන සංඛ්‍යාව 25 කි. වැඩිම ලෝක උරුම සංඛ්‍යාවක් පිහිටා ඇත්තේ යුරෝපය හා උතුරු ඇමෙරිකාව මූලික කරගනිමිනි. රටවල් 185 ක් අතර පවතින එක`ගතාව මත ලෝක උරුම පවත්වාගෙන යන අතර එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය මෙම උරුමයන් ආරක්ෂා කිරීම සඳහා කොන්දේසි ගණනාවක් පනවා තිබේ. ඒ අනුව ලෝක උරුමය රැුකගැනීම ඒවා සතු රාජ්‍යයන්ගේ වගකීමකි. ලෝක උරුමයන්හි පවතින තත්තවයට හානිදායක කිසිවක් සිදු කිරීමට හැකියාවක් නොමැත. ඒ සියලූ උරුමයන් රැුකගනු ලබන්නේ මුළු මහත් ලෝකයේම දායාදයක් ලෙස සලකමිනි.
වින්සන්ට් සුබසිංහයන්ගේ 118 වැනි ජන්ම දිනය අද 29 වැනිදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. “සමුපකාර ව්‍යාපාරයේ පියා” ලෙස විරුදාවලීලත් මෙරට සමුපකාර ඉතිහාසයේ එක
ලොව පුරා වෙසෙන කිතුනු ජනතාව මහත් බැතියෙන් සමරන ජේසුස් වහන්සේගේ කුරුස පත්වීම හෙවත් මහ සිකුරාදා අදට (29) යෙදී ඇත. මෙම ලිපිය පළවන්නේ ඒ නිමිත්තෙනි.
“රාජපක්ෂල ගැන ආපහු කතා කරල වැඩක් නැහැ. රාජපක්ෂල ඉවරයි” මෙය මේ දිනවල බොහෝ දේශපාලනඥයන් විසින් කරනු ලබන ප්‍රකාශයකි. රාජපක්ෂලාගෙන් ගොඩගිය අය මෙන්ම එසේ නොව
ප්රවෘත්ති සම්බන්ධ එක් නිර්වචනයක් වනුයේ ‘‘ඇස් උඩ යන දේ ප්රවෘත්ති’’ යන්න ය. එබඳු ඇස් උඩයන ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේ ය. එම ප්‍රවෘත්ත
මැතිවරණ සම්බන්ධයෙන් මේ දිනවල සිදුවන සංවාදය තුළ මැතිවරණ ක්රමයේ සංශෝධනයක් විය යුතු බවට කතාබහක් නැවත කරළියට පැමිණ තිබේ. මෙහි දී මිශ්‍ර නියෝජන ක්‍රමයක්
පාතාලයට සම්බන්ධකම් පවත්වන සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් දුන් නියෝග හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට උත්සාහ කිරීමක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අපේ ලෝක උරුම
බුවනෙක Wednesday, 18 July 2012 01:34 PM
මදර් ශ්‍රී ලංකා
ප්‍රනාන්දු Wednesday, 20 August 2014 04:04 PM
අපේ ලෝක උරුම රැක ගමු(අ)
නලින් සංජීව Monday, 19 September 2011 07:55 AM
රකිමු අපේ ලංකා
ලියොන් ගුනවර්ධන Friday, 14 November 2014 05:37 PM
451 වන ලෝක උරුමය ලෙස නම් පිළිගන ඇති ගාල්ලේ ඕලන්ද කොටුව සහ පැරණි නගරයේ පෟරාණිකත්වය ආරක්ෂා කර ඇති බවක් එහි නවී කර ඇති සමහර ගොඩනෙගිලි වලින් පෙනේ. (ර)
මධුෂාන් Thursday, 27 December 2012 11:39 AM
මේවත් හූරගෙන කන අය ඉන්නවනේ මේ රටේ. (නි)
Viduni Wednesday, 11 May 2022 10:46 AM
මේ මිනිසුන් එළවන්න අලුත් පාලනයක් හදමු...!
Katherine Thursday, 06 July 2023 06:26 PM
මෙම රචනාව වැදගත්...
m.n.f. fathima safrina sagu mohidin Wednesday, 06 September 2023 03:01 PM
හොඳයි...!
හෙසදි සවින්දයා Tuesday, 31 October 2023 12:14 PM
හොඳ පීඩිතයා එකක්...!