IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අඟහරු ගවේෂණයේදී ඇටසැකිලි හමුවුණාද?

Untitled-2

NASA_logo

අඟහරු ලෝකයේ ඇටසැකිළි තිබුණලූ, ඒ වගේම මිනිසුන්ගෙ හෙවනැලිත් තිබුණලූ, එතකොට සඳේ මිනිස් හෙවනැලි වගේම විවිධ අද්භූත යානා නවතා තිබුණලූ.” මේ වගේ කතා පසුගිය කාලයේදී ලෝකයේ බොහෝදෙනා අතර කතාබහට ලක්වූ මාතෘකා විය. මෙලෙසින් පැතිර ගිය මේ කතාවලට අමතරව ඊට සාක්ෂි සාධක සැපයිය හැකි ඡුායාරූප පවා අන්තර්ජාලයේ පළවිණි. මේවා සැබැවින්ම සත්‍යතාවෙන් යුතු දේවල්ද? නැතිනම් පදනම් විරහිතව පළවූ දේවල්ද?

 

 

DSC_0008සැබැවින්ම මේවායේ ඇති සත්‍යතාව කුමක්ද? මේ ගැන බොහෝදේ දන්නේ අමෙරිකාවේ නාසා ආයතනයයි. එහි ජෙට් ප්‍රොපල්ෂන් (ප‍්‍රවාලන) අංශයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රධාන ඉංජිනේරුවරයා ලෙස කටයුතු කරන්නේ කීර්තිමත් ශ්‍රී ලාංකිකයකු වන ආචාර්ය සරත් ගුණපාලයන්ය. පසුගියදා ඔහු සංචාරයක් සඳහා මෙරටට පැමිණියේය. එම සංචාරය අතරවාරයේදී ආචාර්ය සරත් ගුණපාල ඉරිදා ලංකාදීපයට විශේෂිතව ලබාදුන් පිළිසඳරකි මේ.

 


0101 ප‍්‍රශ්නය : නාසා ආයතනයේ අද දවසේ සිදු කෙරෙන අලූත්ම පරීක්ෂණ මොනවද?
පිළිතුර :
නාසා ආයතනයේ බොහෝ කටයුතු නිරන්තරයෙන් සිදු කෙරෙනවා. එහි ස්වභාවය ඒ වගෙයි. මා ප‍්‍රමුඛත්වය දරන ජෙට් ප‍්‍රවාලන අංශය අයත් පරීක්ෂණාගාරයේදී අලූත්ම දෙයක් කෙරෙනවා. එය අප නම් කර තිබෙන්නෙ මාස් - ටුවෙන්ටි - ටුවෙන්ටි (ඵ්රි - 20ං20* යනුවෙනුයි.

 


0101 ප‍්‍රශ්නය : මොන වගේ දෙයක් සිදු කිරීමටද එයින් අදහස් කරන්නෙ?
පිළිතුර :
අඟහරු වෙත යැවූ කියුරියෝසිටි රෝවර් යානය වගේ, ඒ හා සමාන බරකින් යුතු, එනම් කිලෝග‍්‍රෑම් 1000 කින් පමණ යුතුවූ යානයක් නිර්මාණයට සූදානම් වෙනවා. 2020 දී අඟහරු වෙත එය පතිත කිරීම ප‍්‍රධාන අරමුණයි. කියුරියෝසිටි එකට වඩා තවත් අංග ගණනාවකින් මෙය සමන්විතයි. කියුරියෝසිටි රෝවරය අපි ගොඩ බැස්සුවේ අඟහරු මත තියෙන ගේල් කේ‍්‍රටර් කියන ලොකුම ආවාටය වෙතයි. එය කිලෝමීටර් 150 ක් පමණ පතුලට ඇති ආවාටයක්. එහි කිලෝමීටර 3 ක පමණ කන්දක් පවා අපි දැන් සොයාගෙන තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, ජලාශ තිබුණු තැන්, සානු වගේ තැන් පවා අපි තහවුරු කරගෙන අවසන්. ගංගා පතුල්වල ඇති සිනිඳු රවුම් ගල් පවා එහි ඇති බව අපි සොයාගෙන අවසන්. ඒ අනුව එහි ජලය තිබූ බව දැන් ස්ථිරවම තහවුරු කරගෙන හමාරයි. ඒ අනුව දැන් අපේ අරමුණ වෙන්නෙ වසර මිලියන 70 සහ 210 අතර වූ කාලයේදී දියර ජලය අඟහරු මත තිබුණ නම් ඊට කුමක්ද වූයේ යන්න සොයා ගැනීමයි.

 


0101 ප‍්‍රශ්නය : එසේ අඟහරු ලෝකයේ ජීවයක් තිබුණි නම් ඒ මොන වගේ ජීවීන් විශේෂයක් කියලද නිගමනය කරගෙන තිබෙන්නෙ?
පිළිතුර :
නිවැරදිවම කිව නොහැකි වුවත්, අඩු තරමින් ක්ෂුද්‍ර ජීවී හෝ ඊට එහා ගිය ජීවීන් සිටින්නට ඇතැයි නාසා ආයතනය විශ්වාස කරනවා. සමහර විට අපට වඩා දියුණු සත්ව විශේෂයක් හිටියද දන්නෙත් නැහැ. මොනම හෝ ජීවයක් තිබෙන්න ඇති.

 


0101 ප‍්‍රශ්නය : අඟහරු මත මිනිස් අස්ථි කොටස් තිබූ බවටත්, විවිධ අද්භූත රූප ආදී දේ තිබෙන බවටත් වූ පුවත් සහ දර්ශන පසුගිය කාලයේ අන්තර්ජාලයේ ප‍්‍රචාරය වුණා. මෙවැනි දේ නාසා ආයතනය තහවුරු කළ බවටත් වූ පුවත් වීඩියෝ දර්ශන දැක ගත හැකි වුණා. මේවායේ ඇත්ත කුමක්ද?
පිළිතුර :
අපටත් එවැනි දේ දැක ගන්න ලැබුණා. ලොකු මුහුණක් වගේ පෙනුමින් යුතු ඡුායාරූප දැකගන්නත් ලැබුණා. අඟහරු මත ඇති වැලි පොළවේ එවැනි රූපයක ස්වභාවය මැවිලා තිබුණා. ඇත්තටම එය අහම්බයෙන් (ස්වභාවිකව) සිදුවූවක්. ඒවායෙහි ඇති කිසිදු පදනමක් නැහැ. දුරස්ථව සිට බලන විට එක් එක් දේ දර්ශනය වෙන්න පුළුවනි. නාසා ආයතනය තහවුරු කරගත් කිසිවක් නැහැ. නාසා ආයතනයේ ලාංඡුනය පවා යොදාගෙන හරියට බොරු දේවල් අන්තර්ජාලය ඔස්සේ ප‍්‍රචාරය කෙරෙනවා. ඒවා නාසා ආයතනය විසින් පළ කරන ලද දේවල් නෙවෙයි.
මේ දිනවලත් එවැනි අසත්‍ය පුවත් සහිත විද්්‍යුත් පණිවුඩ ප‍්‍රචාරය වෙනවා. දින තුනක් ලෝකය අන්ධකාර වෙනවාය කියලා නාසා ආයතනය කිසිදු විටෙක එවැනි දෙයක් ප‍්‍රචාරය කරලා නැහැ. ඒ සියල්ල ප‍්‍රබන්ධ කතා විතරයි. ඒවා සම්පූර්ණයෙන්ම අසත්‍යයයි. මේ සූර්යයාගෙ ජීවය ඇතිතෙක් කිසිම දිනෙක එවැන්නක් සිදුවිය නොහැකියි.

 

 

Untitled-1

 


0101 ප‍්‍රශ්නය : කියුරියෝසිටි යානයට මෙවැනි අද්භූත රූප හෝ වෙනත් දේ හමුවෙලා නැතිද? කියුරියෝ සිටි යානයට හෙවනැල්ලක් දර්ශනය වූ බවටත් පසුගිය දිනවල අහන්න ලැබුණු දේවල්?
පිළිතුර :
නැහැ, එවැනි කිසිදු දෙයක් හමුවුණේ නැහැ. අඟහරු මත ජලය තිබුණු බව දැන් අප හොඳටම විශ්වාස කරන දෙයක්. දිය දහරා ගලා ගිය ස්ථාන දැකගත හැකියි. එවැනි ස්ථාන ගැන අපි ඡුායාරූප ලබාගෙන තිබෙන්නෙ. එහි ඇති ගල් සහ වැලි සහිත බිම්වල ඡුායාරූප අප සතුයි. එහි තිබුණු ජලයට කුමක්ද වූයේ යන්න තහවුරු කර ගැනීමේ පරීක්ෂණ තමයි දැන් සිදුවන්නෙ.

 


0101 ප‍්‍රශ්නය : ඇයි නාසා ආයතනය අඟහරු ගැන පමණක් මෙච්චර උනන්දු වෙන්නෙ? ඇයි අඟහරු ගැන පමණක් මෙතරම් පරීක්ෂණ පවත්වන්නෙ.
පිළිතුර :
අපේ එකම ප‍්‍රයත්නය වන්නෙ අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයේ පෘථිවිය හැර වෙනත් ග‍්‍රහ වස්තුවක ජීවීන් සිටිනවද යන්නත්, අපේ සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිට වෙනත් ග‍්‍රහ ලෝකයක ජීවීන් සිටිනවාද යන්න සොයා බැලීමයි. අපේ සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිට තවත් තැනක ජීවයක් තිබේදැයි සොයා බැලීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. එනිසා මුලින්ම අපේ අවධානය තියෙන්නෙ මේ සෞරග‍්‍රහ මණ්ඩලය ගැන පරීක්ෂණ කිරීමයි. එහිදීත් ජීවීන් සිටිය හැකියැයි විශ්වාස කළ හැකි පරිසරය තිබෙන්නෙ සඳට පසුව අඟහරුයි. පෘථිවියේ සිට ඇති දුර සාපේක්ෂව බැලූවත්, එහි පරීක්ෂණ කිරීම තරමක් ලෙහෙසියි. ඒ නිසා තමයි අඟහරු නිශ්චය කළේ. එතැනින් එහාට ඇති ග‍්‍රහ වස්තූන් පෘථිවියට ඉතා දුරස්ථව පිහිටා තිබෙන්නෙ. ඒවායෙහි පරීක්ෂණ කිරීමට නම් අති විශාල මුදල් කන්දරාවක් වැය කරන්නත් සිදුවෙනවා. සිකුරු ග‍්‍රහයත් අපට එච්චරම දුර නැහැ. නමුත් එහි ඇති කාබන්ඩයොක්සයිඞ් ඝන වළා නිසා සූර්යයාගෙ සමහර ආලෝක කදම්භ පතිත වන්නෙ නැහැ. ඒ හැරත් එහි උෂ්ණත්ව සෙන්ටිගේ‍්‍රඞ් අංශක 600 පමණ වෙනවා. එවැනි තැනෙක ඊයම් තිබුණොත් ඒවා පවතින්නෙත් දියර ලෙසයි. එනිසා එහි කිසිසේත්ම ජීවයක් පැවතිය නොහැකියි. 


අඟහරු වුවත් පෘථිවිය තරමට සාරවත් නැහැ. නමුත් අඩු තරමින් එහි දහවල් කාලයට උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් 0 යි. රාත‍්‍රියට සෘණ 200 පමණ වෙනවා. එනිසා ජීවයක් පවතී නම් පවතින්නෙ එහි බව නාසාහි විශ්වාසයයි. ඒ හැරත් පොළවට සමාන (අපේ* ගල් වැලි සහිත බිමක් එහි තියෙන්නෙ. එච්චරම අප පරීක්ෂණ කරන්නෙ ඒ නිසයි. ජීවයක් තිබුණි නම් ඒ අඟහරුම බව අපගේ විශ්වාසයයි. හැබැයි ඒ හැර බ‍්‍රහස්පති සහ සෙනසුරු ගැන වූ වෙනත් පරීක්ෂණ සඳහා පරීක්ෂණ කිරීමත් අපේ තවත් ඉලක්කයක්.

 

Untitled-4

 


0101 ප‍්‍රශ්නය : සඳ ගැනත් පසුගිය කාලයේ බොහෝ ආරංචි පැතිර ගියා. එදා 1969 දී නාසා ආයතනය සඳ මතට යානාව ගොඩ බැස්සවූ පසුව තවත් යානාවක් එහි නවතා තිබුණු බවත්, එහි සිට පණිවුඩ හුවමාරු වූ බවටත් ආරංචි පැතිර ගියා. ඒ හඬ පට පවා අන්තර්ජාලයේ ප‍්‍රචාරය කෙරුණා. මිනිසා සඳ මතට පා තබන විට තවත් පිරිසක් එහි ගොඩ බැස සිටියද? මොනවද ඒවායේ ඇති සත්‍යතා?
පිළිතුර :
ඇත්තටම ඒ සියල්ල අර මා මුලින් සඳහන් කළ ආකාරයට මිනිසුන් විසින් නිර්මාණය කරගන්නා ලද ප‍්‍රබන්ධ කතා විතරයි. ඒවායෙහි කිසිදු පදනමක් නැහැ. ”අදත් දේශනයකදී මගෙන් පාසැල් සිසුවෙක් ප‍්‍රශ්නයක් ඇහුවා” හඳට ගියා, එහි වාතාශ‍්‍රයකුත් නැතිනම් සඳ මත එසැවූ ඇමෙරිකානු ධජය සෙලවුණේ කොහොමද කියලා?


ඒකට ඇත්තටම මිනිසා සඳ මත පා තබා විසිපස් වසරක් සපිරුනු මොහොතේ එඞ්වින්  ඕල්ඩි‍්‍රන් සහ නීල් ආම්ස්ට්‍රෝං පිළිතුරක් දී තිබුණා.  එඞ්වින්  ඕල්ඩි‍්‍රන්ට වඩා නීල් ආම්ස්ට්‍රෝං බොහෝම බැ?රුම්ව හිතන චරිතයක්ලූ. ඉතින් එයා සඳ මත පා තබා සියලූ පරීක්ෂණ පවත්වා, නැවත යානය මතට ඇවිත් යළි අභ්‍යවකාශ ගත වීමට පෙර පැති ජනේල දර්ශන තිරයෙන් පිටත සිදුවන දේ ගැන බලා සිටියලූ. සඳ මත වාතාශ‍්‍රය නොමැති බව සැබෑව. නමුත් රොකට්ටුව ගුවන් ගත වන විට රොකට්ටුවෙන් පිටවන දුම සහ ඒ ක‍්‍රියාවලිය හේතුවෙන් සඳ මත තැබූ ධජය සෙලවෙන්න ගත්තලූ. ඊට පස්සෙ ඒක ගැලවිලා පතිතවෙලා. මේ සිදුවීම් සියල්ල පිටතින් රූගත කෙරුණා. ඒවා සත්‍ය සිදුවීම් වුණා. ඒ හැර වෙනත් කිසිදු සිදුවීමක් වුණේ නැහැ. පසු කතා සියල්ලම මිනිස්සු හදාගත්ත දේවල්. එඞ්වින්  ඕල්ඩි‍්‍රන් සහ ආම්ස්ට්‍රෝං ගුවන්ගත වන අයුරු සහ අනෙකුත් සියල්ල රූගත කිරීමට කැමරා සහ සියලූ ආම්පන්න සවිකරලා තිබුණා.

 


0101 ප‍්‍රශ්නය : තවත් යානාවක් ඒ මොහොතේ නවතා තිබුණද? එහි සිටි අය කතා කළ හඬ පට සහ වීඩියෝ අන්තර්ජාලයේ ප‍්‍රචාරය කෙරුණා නේද?
පිළිතුර :
නැහැ කොහෙත්ම එවැනි වෙනත් පිරිසක් සිටියෙ නැහැ. ඒවා ඇත්තටම මිනිස්සු කුතුහලය සඳහා නිර්මාණය කරගත් දේවල්.

 


0101 ප‍්‍රශ්නය : එහෙම නම් ඇයි නාසා ආයතනය සඳ ගැන කරන පරීක්ෂණ නවතා දැමුවේ?
පිළිතුර :
ඒක බිලියන කෝටි ප‍්‍රකෝටි ගණනක් වැයවන ව්‍යාපෘතියක්. ඒ විදියට වියදම් කරලා ඇති ප‍්‍රයෝජනයකුත් නැහැ. ඇමෙරිකානු අභ්‍යවකාශගාමීන් 14 දෙනකු පමණ සඳ ගවේෂණයට මේ වන විට එක්ව තිබෙනවා. තවත් පරීක්ෂණ කිරීමෙන් ඇති ඵලක් නැහැ.

Untitled-7


0101 ප‍්‍රශ්නය : පසුගිය කාලයේදී ලෝප‍්‍රකට සුප‍්‍රකට තරු අභ්‍යවකාශයේ සැරි සැරීමටත් පෙළ ගැසුණා. ඇයි මේ විදියට මිනිසුන් අභ්‍යවකාශයට යාමට උත්සාහ ගන්නෙ?
පිළිතුර :
සමාගම් දහයක් විතර මේ වන විට ස්ථාපිත වෙලා තිබෙනවා. නමුත් තවම කවුරුවත් අභ්‍යවකාශයට ගෙන ගියේ නැහැ. ඇත්තටම එවැනි ගමනකට මගෙත් පුද්ගලික කැමැත්තක් තියෙන්නෙ. හැමෝම ආසා ඇති පෘථිවිය ගෝලාකාරද? නැත්නම් වෙනත් විදියක්ද කියලා සොයලා බලන්න. පෘථිවියේ පෙනුම දැනගන්න. කොහොම වුණත් දැන් දැන් මේ  Space Tourism ස්පේස් ටුවරිසම් ව්‍යාපාරයක් ලෙස ප‍්‍රචලිත වන යුගයක්.

 


0101 ප‍්‍රශ්නය : ඔබගේ විෂයයෙන් තොරව, එහෙත් ඔබටත් අනන්‍යවූ ජ්‍යොතිශය අංශයෙන් කතා කළොත්, මේ දිනවල සෙනසුරු මාරුව ගැන බොහෝදෙනා කතා වෙනවා. මේ සෙනසුරු හෝ අනෙකුත් ග‍්‍රහ බලපෑම් ගැන නාසා එක කොහොමද හිතන්නෙ?
පිළිතුර :
ඒක ඇත්තටම ජ්‍යොතිෂයටම පමණක් සීමා වූ දෙයක්. මගෙනුත් මෑතකදී බොහෝදෙනා සෙනසුරු මාරුව ගැන ඇසුවා. මේ වගේ අන්තර්ජාල දියුණුවූ යුගයකත් මිත්‍යාව පදනම් කරගෙන මිනිසුන් විවිධ දේ ගැන විශ්වාස කරනවා.

 


0101 ප‍්‍රශ්නය : සෙනසුරු මාරුව නිසා කාලගුණික දේශගුණික වගේම සමාජීයීය බොහෝ වෙනස්කම් සිදුවන බවත් ප‍්‍රකාශ වෙනවා. විද්‍යාත්මකව කතා කළොත් මොකක්ද මේ සෙනසුරු මාරුව?
පිළිතුර :
ගං වතුර, සුළි සුළං ආදී මේ සියලූ කාලගුණික විපර්යාස බොහෝවිට ඇතිවන්නෙ ඔය කියන සෙනසුරු නිසා නොවෙයි. දශක ගණනාවක් තිස්සේ ලෝක ජනතාව ඉන්ධන භාවිතය, කම්හල්වලින් පිට කෙරෙන අපද්‍රව්‍ය සහ අපිරිසුදු වායු ආදී බොහෝ දේ නිසා වායුගෝලයට බොහෝ අපද්‍රව්‍ය මුදා හැර තිබෙන්නෙ. කාබන්ඩයොක්සයිඞ් පෙරට වඩා ඉතා වැඩි ප‍්‍රතිශතයක් ගෙන තිබෙනවා. එයින් විශ්වයෙන් පතිත වන රශ්මිය (උණුසුම) උරා ගන්නෙ. නමුත් දැන් එහි සංයෝග, සංයුතිය වැඩිවෙලා. මේ නිසා ගෝලීය උණුසුම බෙහෙවින් වැඩිවෙමින් පවතිනවා. එය මේ දේශගුණික වෙනස්කම් වලට හේතුවක් වෙන්න පුළුවනි. නමුත් කෙසේ වෙතත් එදා ඉන්ධන සොයාගෙන නොතිබුණු හිම යුගයේදී පවා උණුසුම රස්නය ඇතිවුණේ කොහොමද කියලත් සමහරු ප‍්‍රශ්න කරනවා. 

හිම දියවුණේ කොහොමද යනුවෙන්. කෙසේ වෙතත් දියර ජලය බොහෝ කාලයක් යම්කිසි තැනෙක ඇතිද? එතැන ජීවයක් පවතිනවා.

 

 

0101 ප‍්‍රශ්නය : ඔබ ජ්‍යොතිෂ්‍ය විශ්වාස කරනවද?
පිළිතුර :
කොහෙත්ම නැහැ.

 


0101 ප‍්‍රශ්නය : ඇයි විශ්වාස නොකරන්නෙ?
පිළිතුර :
විද්‍යාත්මකව පදනමක් නැහැ. උපදින වෙලාවේ තාරකා වළල්ලේ (Zodical Belt) උඩම පිහිටි ලාංඡුනය තමයි ලබාදෙන්නෙ. එය නිවැරදි බව අනුමාන කළ හැකියි. එපමණයි. නමුත් ලග්නය අනුව සසඳා බලා ඒ පුද්ගලයා කෝටිපතියකු වනවාද? දිළින්දකු වනවාද කියා කීමට විද්‍යාත්මකව කිසිදු පදනමක් නැහැ. ඒවා ඇත්තටම මිත්‍යා මත. මේවා ඇත්තටම මිනිසුන් තමුන්ගේ හිතසුව සහනය පිණිස හදාගත් දේ. කේන්දරය හොඳ නැහැ කියලා අපි උඩ බලාගෙන හිටියොත් ලැබෙන්නෙ හොඳ ප‍්‍රතිඵල නොවෙයිනෙ. හොඳට නරකට දෙකට බලපාන්නෙ අපේ හිත තමයි.

 


0101 ප‍්‍රශ්නය : නාසා ආයතනය දියත් කළ ඉදිරි ප‍්‍රධාන සැලසුම් පරීක්ෂණ මොනවද? මානවයා දැන ගත යුතුම දේ කුමක්ද?
පිළිතුර :
මේ විශ්වයේ අපි තනිවමද සිටින්නෙ? අන්න ඒකට පිළිතුරක් සොයාගැනීම තමයි නාසාහි ප‍්‍රධාන ප‍්‍රයත්නය. ඒ අනුව අභ්‍යවකාශයට සහ අපේ කක්ෂයට එපිටට හබල් දුරේක්ෂ වැනි දේ යැවීමට බලාපොරොත්තු වනවා. ඒ මගින් සහ චන්ද්‍රිකා මගින් දැන ගැනීමට ප‍්‍රයත්න ගන්නේ විශ්වයේ කොතැනක හෝ අපේ පෘථිවිය මෙන් නිල්පාටට, දිස්වන, ඒ හා සැසඳිය හැකි ග‍්‍රහලෝක තිබේද යන්න සෙවීම ඒ මගින් සිදුවේවි.

 

Mars

 


0101 ප‍්‍රශ්නය : පෘථිවිය මෙන් ග‍්‍රහලෝකයක් ඇති බවට පසුගියදා පුවත් පළවුණා නේද?
පිළිතුර :
2009 අභ්‍යවකාශ ගතකළ කෙප්ලර් යානය ග‍්‍රහලෝක 4000 කට වැඩි ප‍්‍රමාණයක් සොයා ගත්තා. නමුත් ඒවා තවම සසඳා නැහැ. ජීවීන් සිටින බවටත් තහවුරු කරගෙන නැහැ.

 

 

fe-futter-02

 



අදහස් (0)

අඟහරු ගවේෂණයේදී ඇටසැකිලි හමුවුණාද?

සඳුනි Tuesday, 02 December 2014 02:34 AM

කලකින් දුටු ඉතා වටිනා සාරගර්භ සාකච්චාවක්. මෙවන් මහා විද්‍යාඥයෙක්මේ බිමේ පහළවීම අප ලද භාග්‍යයක්. (ස)

:       0       0

අනුරුද්ධ Wednesday, 03 December 2014 03:03 AM

කාලෙකට පස්සේ දුටු හොඳම ප්‍රවෘත්තිය (නි)

:       0       0

සේලවා Tuesday, 02 December 2014 03:45 AM

අනේකුත් රටවලට සාපේක්ෂව ලංකාවෙත් මෙවන් විද්වතෙකු සිටීම අප කාගේත් අභිමානයට කරුණක්. (නදී)

:       0       0

සූරිය Wednesday, 03 December 2014 03:31 AM

ඉතාම වටිනා සාකච්ඡාවක්. මිත්‍යා මත වලට හොඳ පිළිතුරක්. (නි)

:       0       0

අශාන් Tuesday, 02 December 2014 02:52 PM

කුතුහලය දනවන මෙවන් ලිපි ගොඩක් වැදගත්. (නදී)

:       0       0

ඩයස් Tuesday, 02 December 2014 03:23 PM

මගේ වයසට නොදන්න දෙයක් දැන ගත්තා. සතුටු වෙනවා ඔබ වැනි කෙනෙක් ලංකාවට බිහිවීම... කොතරම් වටිනා තොරතුරු දැන ගත්තාද. ඔබට තුති. (ස)

:       0       0

හිරුනි Tuesday, 02 December 2014 01:11 PM

නාසා අායතනය හදට මිනිසුන් යැවුවාය කියන එක පිළිගන්න අමාරුයි. එ්ගොල්ලො කියනවා 2030 වන විට අගහරු වලට මිනිහෙක් යවනා කියලා. එ්ත් අැපලෝ මෙහෙයුමෙන් හදට ගියාට පසුව මිනිසෙක් තාම හදට වඩා දුරකට ගිහිල්ලා නැහැ. එ්ක නිසා මට නමි විශ්වාස කරන්න අමාරුයි නාසා අායතනයේ සද ගමන ගැන.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 156 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 119 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 203 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 210 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 692 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 945 1

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site