IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අගමැතිට තිත්ත ඇත්තම කියති

ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂ දෙකක් වන එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තරයන්හි ඇතිව තිබෙන අර්බුද ඉදිරියේ එන ජනපතිවරණය හමුවේ ඒවායේ උච්ඡතම ස්ථානයට ගමන් කරමින් තිබෙන බවක් පෙනේ. මෙවැනි තත්ත්වයක් ඇතිව තිබෙන්නේ පළාත් සභා මැතිවරණය වහාම නොපැවැත්වීමට ඉඩ තිබෙන පසුබිමකය.

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය අවැසි බව ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ නීති උපදේශකයන් ඔහු වෙත පෙන්වා දී තිබෙන අතර, ඒ අනුව ජනපතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ජාතික මැතිවරණ කොමිසම කටයුතු කරනු ඇත.

වර්තමානයේ එක්සත් ජාතික පක්ෂය මුහුණ දී සිටින්නේ ඉදිරි ජනපතිවරණය සඳහා සංවිධානය කර කි‍්‍රයාත්මක කළ යුතුව තිබෙන ප‍්‍රචාරණ ව්‍යාපාරය නොව එම පක්ෂයේ සහ ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ හවුල්කාර පක්ෂවල ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ කවුරුන් ද යන උභතෝටිකයටයි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාට එම අවස්ථාව ලබා නොදීමේ දැඩි තීරණයක පක්ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සිටින අතර, ඒ අරබයා කරුණු කාරණා ගණනාවක් ආවරණය කැරෙන සැළසුමක් ආරම්භ කිරීමට ඔහු දැනටමත් පියවර ගෙන තිබේ. ඒ, පක්ෂයේ තීරණයන් පරයා කටයුතු කරන සාමාජිකයන්ට එරෙහිව පියවර ගැනීමට අමතරවය. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන අජිත්. පී. පෙරේරා, සූජීව සේනසිංහ යන මහත්වරුන් මෙන්ම අතුරලියේ රතන හිමියෝ ද, පක්ෂයේ විනය කඩකිරීමේ ගිරයට හසුව සිටිති.

ජනපති අපේක්ෂකයා ප‍්‍රකාශයට පත් කළ හැක්කේ නාම යෝජනා කැඳවන බව නිල වශයෙන් නිවේදනය කිරීමෙන් පසුව බවටත්, එම අපේක්ෂකයා තෝරා දිය යුත්තේ පක්ෂ නාමයෝජනා මණ්ඩලයකින් බවටත්, නීති උපදෙස් වික‍්‍රමසිංහ මහතා වෙත ලැබී ඇත. එනම්, එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා වන්නේ තමන් බව තනිව හඳුන්වාදීමේ හැකියාවක් කිසිවෙකුට නොමැත.

”එකක් නෙවෙයි, හානි ගොඩක් සිදුවෙන්න පුළුවන් මේ යන විදිහට. පක්ෂයේ බෙදීමක් සිදුවෙන්නත් පුළුවන්” යැයි අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක්, දැනට තිබෙන තත්ත්වය අනුව පක්ෂයේ ගැටලු නතරවනු ඇත්තේ අලූත්කඬේ උසාවියේ බව වැඩිදුරටත් පැවසුවේ ය.

යෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායකයන් (දැනට එක්සත් ජාතික පෙරමුණ යටතේ සිටින) සමග පසුගිය අගහරුවාදා පැවැති රැස්වීමක දී අගමැති වික‍්‍රමසිංහ මහතා දැඩි පිළිවෙතක් අනුගමනය කරනු හඳුනාගත හැකිවිය. එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂීම්, මලික් සමරවික‍්‍රම, සමඟ ජෝන් අමරතුංග, ලක්ෂ්මන් කිරිඇල්ල, රවී කරුණානායක, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, අකිල විරාජ් කාරියවසම්, සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරු මෙම රැස්වීමට එක්ව සිටියහ.

යෝජිත පොදු සන්ධානය සඳහා වන ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ කටයුතු සාර්ථක අවසානයක් කරා ළගා වූ අතර, ව්‍යවස්ථාව යටතේ ප‍්‍රතිපත්ති සකස් කිරීමේ කටයුතු පැවරී තිබුණු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවට ලබා දුන්නේ අඩු දායකත්වයක්වීම විශේෂ විය. සාකච්ඡාව අවසානයේ ජනපතිවරණ අපේක්ෂකයා අරබයා වන ගැටලූව මතුකළේ හෂීම්ය. අගෝස්තු මස 31 වැනිදාට (සෙනසුරාදා) ප‍්‍රථම ඒ පිළිබඳව තීරණයක් ගත යුතුව තිබෙන බව ඔහු අවධාරණය කළේය. ජයග‍්‍රහණය කිරීමේ හොඳම හැකියාවක් තිබෙන්නේ සජිත් පේ‍්‍රමදාසට බවද ඔහු පැවසුවේ ය.

”අගමැතිතුමාට මේක කියන්න කියලා හැමෝම මගෙන් ඉල්ලනවා” යයි සමරවික‍්‍රම ඊට ඌණ පූර්ණයක් එක් කරමින් සඳහන් කළේය. තමා කලක් වික‍්‍රමසිංහ මහතාගේ ළඟම හිතවතකු ලෙස සිටි බවද ඔහු එයින් ඉගි කළේ ය.

මේ සම්බන්ධයෙන් තමාට එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ගේ අදහස් විමසීමට සිදුවන බව පැවසූ අගමැති වික‍්‍රමසිංහ මහතා එම නිසා සාකච්ඡාව සිකුරාදා (අගෝස්තු 30) උදෑසන 11 දක්වා කල් දමන බව කීවේ ය.

සිකුරාදා අරලියගහ මන්දිරයේ දී පැවැති රැස්වීමේ ඉතිරි කොටසට ජ්‍යෙෂ්ඨයින් නොවන එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් දෙදෙනෙක් ද සහභාගීව සිටියහ. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ අමාත්‍ය දයා ගමගේ යන මහත්වරු ඔවුහු වූහ. තමන් ද, එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්වීමේ කැමැත්තෙන් පසුවන බව ඔවුහු වික‍්‍රමසිංහ මහතාට දැනුම් දුන්හ.

මුලින්ම අදහස් දැක්වූයේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපතිවරයෙක් වන අමාත්‍ය මලික් සමරවික‍්‍රමය.

මම ඔබට කතාකරන්නේ හදවතින්මයි. අපි කළ සමීක්ෂණවලින් පැහැදිලිවම පෙන්වා දී තිබෙනවා ජනපතිවරණයේ දී ජයග‍්‍රහණය කිරීමට හැකියාවක් තිබෙන එකම අපේක්ෂකයා වන්නේ සජිත් පේ‍්‍රමදාස බව. මෙම සමීක්ෂණ සිදුකර තිබෙන්නේ බිම් මට්ටමෙන්. මේ බව අප පිළිගෙන, ජයග‍්‍රහණය කළ හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව සහතික කළ යුතුව තිබෙනවා. මම සෑම අවස්ථාවකම අගමැතිවරයා වෙනුවෙන් පෙනී සිටියා. ඒ නිසා පක්ෂය වෙනුවෙන්, අපේ ඉල්ලීමට අවධානය යොමු කරන ලෙස මම ඉතා වුවමනාවෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා.

අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ කීවේ ය.

ඔබ සමඟ කටයුතු කිරීමේ කිසිම ගැටලුවක් මට නැහැ. නමුත් අපි පක්ෂයේ වුවමනාවන් ගැන සිතා බැලිය යුතුව තිබෙනවා. මෙම මැතිවරණය ජයගත හැක්කේ සජිත් පේ‍්‍රමදාසට පමණයි. අපි පක්ෂයේ එක්සත් බව ආරක්ෂා කරගෙන තීරණයක් ගත යුතුයි. අපි ඔබට එරෙහිව නොවෙයි පෙනී සිටින්නේ. මැතිවරණ ජයග‍්‍රහණය කරන්නට තරම් පක්ෂය සවිමත් බව අපි තහවුරු කළ යුතුව තිබෙනවා.

සමරවික‍්‍රම සහ සමරවීර අනුමත කරමින් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂීම්, බිම් මට්ටමේ ඉහළම පිළිගැනීමක් සහ සහායක් තිබෙන්නේ පේ‍්‍රමදාසට බව පැවසුවේය. ඒ බව අවධානයට ගන්නා ලෙස උදක්ම ඉල්ලා සිටි ඔහු, පක්ෂයේ ජනපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් වහාම තීරණයක් ගත යුතුව තිබෙන බව පැවසුවේය. පක්ෂයේ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් වන අජිත් පෙරේරා සහ සූජීව සේනසිංහට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග නොගන්නා ලෙස ද හෂීම් ඉල්ලා සිටියේය. නමුත් වික‍්‍රමසිංහ එයට විරුද්ධ විය.

”මම එහෙම නොකර සිටින්නේ නැහැ.පක්ෂයේ විනය කඩකළ අය එහි විපාකවලට මුහුණදිය යුතුයි” ඔහු අවධාරණය කළේ ය. සජිත් පේ‍්‍රමදාස මෙම රැස්වීමට සහභාගීව නොසිටීම වික‍්‍රමසිංහගේ අවධානයට ලක් වූ අතර ”කෝ ඔයගොල්ලන්ගේ ජනපති අපේක්ෂකයා?” යයි ඔහු ඇසුවේ ය.

මෙතැන දෙන්නෙක් ඉන්නවා යැයි අනතුරුව අගමැතිවරයා ගමගේ සහ ෆොන්සේකාව පෙන්වූයේය. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හරස් කපමින්, ”මමත් අපේක්ෂකයෙක්” යයි කීවේය. එහෙම නම් මෙතැන තුන්දෙනෙක්ම ඉන්නවා, ඒ ඇසූ වික‍්‍රමසිංහ පැවසුවේ ය. ඔහු එම පිරිසට තමන්ව එකතු කරගත්තේ නැත.

එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා ප‍්‍රකාශයට පත් කරන්නේ නාම යෝජනා කැදවීමෙන් පසුව බව වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. පේ‍්‍රමදාස කඳවුරට ජනපතිවරණය ජයග‍්‍රහණය කිරීම සඳහා පැහැදිලි සැලැක්මක් නොමැති බව කියා සිටි ඔහු, ඔවුන් සිංහල බෞද්ධ ඡන්ද මත සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරේ දෙමළ ජනතාවගේ තිබෙන අකමැත්ත නිසා, එම ඡන්ද තමන් වෙත හිමිවේ යැයි යන අපේක්ෂාව මත පමණක් රැදී සිටින බව පැවසුවේය. පක්ෂය එක්සත් විය යුතු බව පැවසූ එක්සත් ජාතික පක්ෂ නායකයා, පක්ෂයේ තිබෙන ආරවුල් ප‍්‍රසිද්ධ වේදිකාව දක්වා ගොස් තිබීම නිසා වාසි සැලසී තිබෙන්නේ අන් කිසිවෙකුටත් නොව විපක්ෂයට බව පෙන්වා දුන්නේය.

පසුගිය සෙනසුරාදා දිනය අගමැතිවරයා ගත කළේ කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ සංචාරය කරමිනි. ඔහු ඊයේ (1) මාලදිවයින බලා පිටත්වීමට නියමිතව සිටි අතර, නැවත දිවයිනට පැමිණෙනු ඇත්තේ ලබන 5 වැනිදාය. 6 වැනිදා නැවත හමුවීමට ඇතිකරගත් එකගතාවයක් අනුව රැස්වීම අවසන් විය.

පසු බැසීමේ කිසිදු අරමුණක් වික‍්‍රමසිංහ මහතාට නොමැති බව මෙම රැස්වීමේ දී හොදින්ම පැහැදිලි විය. අනෙක් අතට, වෙනත් පක්ෂයකින් පේ‍්‍රමදාස ඇතුළු පිරිස ජනපතිවරණයට ඉදිරිපත් වනු උගහටය. එවැන්නක් කර පක්ෂය දෙකඩ කිරීමේ වුවමනාවක් තමන්ට නොමැති බව පේ‍්‍රමදාස මහතා පවසා ඇත.

 

ද සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුව ඇසුරිනි

පරිවර්තනය - කෝවිද ගුණසේකර



අදහස් (7)

අගමැතිට තිත්ත ඇත්තම කියති

ase Monday, 02 September 2019 12:13 PM

අපිත් ඇත්ත කතා කරමු. අපිට පවුල්වාදය හෝ ඒකාධිපති වාදය එපා..! ප්‍රේමදාස ලොක්කා කරපු දේ අපිට මතකේ තියනවා. බිම් මට්ටමෙන් ඡන්දයක් දිනන්න බැහැ. මැදියම පන්තිය නැතිව..., අපිට ගෝඨාත් එපා... සජිතුත් එපා...

:       274       317

BamunuarachchiMonday, 02 September 2019 03:38 PM

අර අනුර කියන හාදයාත් එපා නේද?

:       86       174

aseTuesday, 03 September 2019 04:33 AM

මෙවර ඔබ හරි "අනුරත් එපා "

:       1       43

aseTuesday, 03 September 2019 04:35 AM

තවත් දෙයක් "රනිලුත් එපා "

:       114       89

BaniTuesday, 03 September 2019 06:24 AM

නාගානන්ද කොඩිතුවක්කු ?

:       509       326

lalithmWednesday, 04 September 2019 08:15 AM

එයාටත් බාගෙට පිස්සු. තමන්ගේ මතයට ව්‍යවස්ථාවක් හදාගෙන පිස්සු කරනවා.

:       0       0

kamaniThursday, 05 September 2019 10:15 AM

අනේ මම එයාගේ නමට කැමති නැහැ මෙයා.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 102 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 98 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 294 0

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 531 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 592 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 96 1

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1637 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site