IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


හිස් දෙක බද්ධ වූ නිවුන්නු සාර්ථකව වෙන් කරති

(ගයාන් සූරියආරච්චි)


හිස් දෙකක් එකට බද්ධවූ නිවුන් දරුවන් දෙදෙනා පැය 11 ක සාර්ථක සැත්කමකින් පසු වෙන් කිරීමට හැකියාව ලැබුණු බව වෛද්‍යවරු පවසති.  ඒ 30 දෙනකුගෙන් සමන්විත ඉන්දියානු වෛද්‍ය කණ්ඩායමකගේ දායකත්වයෙනි. 

ලොව පුරා වෙසෙන වෛද්‍යවරුන්ගේ අවධානය ඉන්දියාවේ නව දිල්ලි නුවර සිදුකළ මෙම අවදානම් ශල්‍යකර්මය වෙත යොමුවිය. ජාගා සහ කාලියා නම් සුරතල් නිවුන් දරුවන් දෙදෙනා හිස් දෙක එකට බද්ධවී වසර දෙකහමාරකට වැඩි කාලයක් ජීවත්වූයේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය විස්මයට පත් කරවමිනි. මෙවැනි උපත් සිදුවනුයේ මිලියන 2 කින් එක් අයකුට පමණි.

ස්කෑන් වාර්තාවලින් දරුවන් දෙදෙනාටම මොළය බැගින් පිහිටා තිබූ අතර හිස අගින් පමණක් සම්බන්ධවී තිබෙන බවට සනාථ වී තිබිණි.

ජාගා ගේ සෞඛ්‍ය තත්ත්වය පසුගිය කාලයේ පිරිහීම හේතුවෙන් මෙම දැවැන්ත ශල්‍යකර්මය ඉදිරියට ගෙන යාමට වෛද්‍යවරුන්ට සිදුවිය. නවතම බද්ධ සැත්කම් තාක්‍ෂණයක් ලෝකයේ ප‍්‍රථම වතාවට වෛද්‍යවරු විසින් යොදාගෙන තිබූ අතර එකට සම්බන්ධවු වෙනත් නිවුන් දරුවන් සඳහා එම තාක්‍ෂණය අනාගතයේදී උපයෝගී කරගැනීමට ඔවුහු බලාපොරොත්තු වෙති. 

(ඬේලිමේල් ඇසුරිනි)



අදහස් (9)

හිස් දෙක බද්ධ වූ නිවුන්නු සාර්ථකව වෙන් කරති

Chandana F Friday, 27 October 2017 03:11 PM

තෙරුවන් සරණින් මේ දරුදෙදෙනා සුවපත් වේවා !!!

:       1       169

rohanaFriday, 11 October 2019 09:22 AM

තෙරුවන් සරණින් මේ දරුදෙදෙනා සුවපත් වේවා !!!

:       0       2

pubudu Monday, 30 October 2017 04:34 AM

තෙරුවන් සරණයි . ඉක්මනට සුවපත් වේවා !!!

:       0       92

erdi Monday, 30 October 2017 04:47 PM

තෙරුවන් සරණ ලබා චිරාත් කාලයක් ජිවත්වේවා.

:       0       59

B.G.T.CHAMINDIKA Tuesday, 31 October 2017 07:24 AM

තෙරුවන් සරණයි ඔයාලට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

:       0       17

gamage Thursday, 02 November 2017 02:46 AM

තෙරුවන් සරණයි. ඉක්මනට සුවපත් වේවා !!! වෛද්‍යවරුන්ටත් පින්!!

:       1       14

Buddhika Edirisinghe Thursday, 02 November 2017 09:07 AM

බුදු සරණයි. දෙදෙනාටම ඉක්මනිම්ම හොද වේවා කියා ප්‍රර්ථනා කරනවා

:       0       5

PRADEEP Thursday, 02 November 2017 09:17 AM

අපි හැමෝම දරු පැටව් දෙන්නට නිරෝගී සුවය පතමු. මේ අසීරු සැත්කම 100% සාර්ථක වේවා . මේ සැත්කම කරපු වෛද්‍ය දෙවිවරුනට දීර්ඝායු පතමු .

:       0       16

prem Monday, 05 February 2018 11:47 PM

තෙරුවන් සරණයි. ඉක්මනට සුවපත් වේවා ! වෛද්‍යවරුන්ටත් පින්!

:       0       3

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2151 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6058 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4211 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 289 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site