IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


දියවැඩියාවෙන් බේරෙන්න පැණි පලා

මධුමේහය නොහොත් දියවැඩියාව අද ශ්‍රී ලංකාවේ  බහුලව දක්නට ලැබෙන රෝගී තත්වයකි. එනිසාම එම රෝගීන් සඳහා සීනි භාවිතය වෙනුවට විවිධවූ කෘත්‍රීම සීනි ආදේශකයන් වෙළඳපල තුළ සීග්‍රයෙන් ප්‍රචලිතව පවතී. නමුත්  සීනි  මෙන් දියවැඩියා රෝගීන් කෙරෙහි කිසිඳු අහිතකර බලපෑමක් සිදු නොකරන සීනිවලට සාපේක‍ෂව  තුන්සීයක් හාරසියක් තරම්  ප්‍රමාණාත්මක ප්‍රණීත ගුණයකින් යුතු රසවත්කමින් පොහොසත් ස්වභාවික ස්ටෙවියා රිබදනියා බර්තෝනි නම් ශාකයේ කොළ හෙවත් පත්‍ර වියලා කුඩුකර  සිනි මෙන් භාවිතයද (පවුඩර්) එම ශාකයේ කොළවල සාරය මිරිකා පෙරා ගැනීමෙන්  දියර වශයෙන්ද භාවිතා කල හැකිය.

බොලිවියා රාජ්‍යය නිජබිම කරගත් දකුණු ඇමරිකා රටවල දක්නට ඇති මෙම ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාකය වර්තමානයේ ශ්‍රී ලංකාවේ වගාකර  සීනිවෙනුවට භාවිතා කරන ස්වභාවික ආදේශකයක් වශයෙන් ප්‍රයෝජනයට ගන්නා  එම ශාක වගාකර පැල අලෙවිය සිදුකරන තරුණ යුවලක් කෑගල්ල ගනේතැන්න ප්‍රදේශයදී අපට හමුවිය.

කෑගල්ල ගනේතැන්න ප්‍රදේශය පදිංචි කෙනත් කිරිවන්දෙණිය මහතා සහ ඔහුගේ බිරිඳවන කේ. එම්.ඩබ්ලිව්.එන්.ද සිල්වා ආයුර්වේද වෛද්‍යවරියද ස්ටෙවියා රිබදූනියා බර්තෝනි ශාකය වගාවක් වශයෙන් සිදුකර සීනි මෙන් භාවිතය සහ එම ශාකයේ පැල අලෙවි කරන්නීය.

මේ පිළිබඳව අප එම දෙපලගෙන් විස්තර විමසූ අවස්ථාවේ ශ්‍රීලංකා විවෘත විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයෙකු  සහ ව්‍යාපාරික වගාකරුවෙකු වන කෙනත් කිරිවන්දෙණිය මහතා මෙසේ පැවසුවේය. ඔහුගේ  දුරකථනය - 077-077-89-30

අප මෙම ‘ස්ටෙවියා රිබදනියා බර්තෝනි‘ ශාකය වගාකිරීමට යොමුවූයේ අහම්ඛෙන් වුවත් අපට ඒගැන විස්තර මුලින්ම කීවේ ඕස්ට්‍රේලියාවේ සිටින මිතුරෙක්. ඔහු අපට පැල කීපයක්ද  දුන්නා. අපට එම පැල වර්ධනයවූ පසුව අතු වලින් තවත් පැල ව්‍යාප්තිය සිදුකරගන්නට හැකිවුණා. මෙවර සිංහල අලුත් අවුරුද්දට අපි වැලිතලප හැදුවේ මේ ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාඛයේ  කොළ මද පවනේ වියළිමෙන් පසුව බ්ලෙන්ඩරයක් මගින් ඇඹරීමෙන් ලබාගත්  පිටිවලින් යැයි ඔහු අප සම`ග පැවසුවේය.

‘මේ ශාකයේ කොළ සාමාන්‍ය තෙත් වියළි පරිසරයක මඳ පවනේ ස්වභාවික හිරුඑලියට විවෘත තැබීමෙන් වියළා ගත හැකියි. එසේ එම කොළ වේළාගැනීමෙන් පසුව තරමක් තදවියළි කොළ පැහැයට පැමිණි පසුව ගෘහස්ථ පරිසරයේදීම සරල ක්‍රමයකට අඹරා කුඩුකර පිටි බවට පත් කරගැනීමෙන් පසුව සීනි මෙන්  එදිනෙදා ප්‍රයෝජනයට ගත හැකියි.  තේ සහ වෙනත් පලතුරු බීම වැනි රසවත් පාන වර්ග සඳහාත් පැණි රස කෑම වර්ග රසකැවිලි ආදියට සීනී වෙනුවට යොදාගත හැකි කදිම ස්වභාවික ආදේශකයක් බව මේ පිළිබඳව විස්තර කළ ඔවුහු කීහ.

ජපානය ඕස්ට්‍රේලියාව චීනය ජර්මනිය ඉන්දියාව නවසීලන්තය වැනි ලෝකයේ බොහෝ රටවල වෙළඳෙපාළේ  මෙම ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාකයේ කොළ නොහොත් පත්‍රවලින් ලබාගන්නා වියළිකුඩු නැතිනම් පවුඩර් මිශ්‍රනය හෝ එම ශාකයේ  පත්‍රවලින්  සාදාගත් දියරය සීනි ආදේශකයක් වශයෙන්  ගෙන පානීය බීමවර්ග රසවත් කෑම ටොපි සහ එවැනි රසකැවිලි වර්ග නිෂ්පාදනයේදී රසකාරකයක් වශයෙන් භාවිත කරයි.

ජපානය වැනි රටවල බොහෝ සෙයින් භාවිතාවන මෙය එරට වෙළඳ පොළේ සීනි වෙනුවට භාවිතා කරන ආදේශක රසකාරකයක් වශයෙන් අලෙවියද සිදුකරයි. ඇතැම් රටවල් සිනි වෙනුවට රසකාරකයක් වශයෙන් නිෂ්පාදනය කර අපනයනයද සිදු කරනු ලබයි. දන්තාලේප සහ සමහර සූකිරි වැනි දේවල් සහ ඖෂධ වර්ග නිෂ්පාදනයටද මෙම ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාකයේ වියළි කොළවලින් ලබාගන්නා කුඩු හෙවත්  පවුඩර් හෝ පැණිරස දියරය සමහර රටවල් විසින්  යොදාගනු ලබයි

මේ පිලිබඳව වැඩිදුර විස්තර සීනි හා සාපේක‍ෂව කෙතරම්දුරට මේ ස්ටෙවියා රිබදනියා බර්තෝනි නම් ශාකයේ භාවිතය ව්‍යාප්තිය සහ ගූණාත්මක බව සම්බන්ධව විද්‍යාත්මක විස්තරයක්  එවන් දේ පිළිබඳ ප්‍රමාණික සහ විද්‍යාත්මක දැනුමක් ඇති කෘෂි විද්‍යා මහාචාර්ය පියල් මාරසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා මේ සම්බන්ධ තෙරතුරු ඉදිරිපත් කලේ මෙසේය

අඩි හයක් පමණ උසැති මේ ශාකයේ කොළ දීප්තිමත් තද පැහැයක් ගනියි. stevia rebaudiana bertoni යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ ශාකය කොලවල ඇති පැණි රස නිසාම එය මෙරට උදවිය පැණි පලා යයි හඳුන්වන නමුත් මෙය අපගේ දෙAශීය ශාකයක් නොවන නිසා වඩාත් උචිත වන්නේ ඊට හිමි විද්‍යාත්මක නාමයෙන් මෙය හැඳින්වීමයි. මෙම ශාකය සූරියකාන්ත කුලය ශාක ප්‍රභවයකි. ඉංග්‍රිසියෙන් සුගර්ලීෆ් ස්වීට්ලීෆ් යනුවෙන්ද හින්දි බසින් මධුපත්‍රී, ශත පත්‍ර වශයෙන්ද සංස්කෘත බසින් සෞම්‍ය ගන්ධ නමින්ද හඳුන්වයි.

මෙහි ඇති සුවිශේෂිතාව නම් සීනිමෙන් මිනිස් සිරුරට අහිතකර නොවීම සහ සීනි වලට සාපේක‍ෂව තුන්සියයක් හාරසියයක් වරක් පමණ ප්‍රණිත රසයෙන් අනූනවීමයි.

දකුණු ඇමරිකා  රටක් වන බොලීවියා රාජ්‍යය මෙම ශාකයේ නිජබිම වශයෙන්  හැඳින්විය හැකියි. නිවර්තන හෙවත් උෂ්ණ කලාපීය රටවල ව්‍යාප්තිය සහිත මෙම ශාකය වගාකිරීම සිදුවන්නේ අතු කැබලි සහ බීජ මගිනි. වගාව සඳහා වඩා ඵලදායක වන්නේ අතුකැබලි මගින් පැල බෝකරගැනීමයි. බීජ ව්‍යාප්තිය එතරම් සාර්ථක ප්‍රතිඵල නොදෙන අසීරු දුෂ්කර කාර්යයකි. ත‍ම් ස්ටෙවියා ශාකය වගා කිරීමට යෝග්‍ය වන්නේ වැලි සහිත ජලවහනය හොඳින්   සිදුවන ලෝම පසයි. වගාබිම් සඳහා යෝග්‍ය පසේ පී එච් අගය 6.5 ත් 7.5  අතර වෙයි. මෙම ශාකය මල් කොළ ආදිය  විවිධ රටවලදී සුළුවශයෙන් වෙනස්කම් සහිත  ස්වභාවයක් දැකිය හැකියි.

වගාකරන ඇතැම් රටවල් පටක රෝපණය මගින් ලබාගන්නා පැලද වගා කරනු ලබයි ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාකයේ ශාක විශේෂ වර්ග 240 ක් පඹණ ලොව පුරා ව්‍යාප්තව පවතී. එයින් ශාක ප්‍රභේද 90ක් පමණ විවිධ වූ දේශගුණික තත්වයන් යටතේ වගාකළ හැකියි එම ප්‍රභේද අනුවර්තනයවී ඔරොත්තුදී වර්ධනයවීමේ හැකියාවෙන් යුතුයි. දීර්ඝ කාලීනව  කළ පර්යේෂණ මගින් මෙසේ ශාක ප්‍රභේද එකිනෙකට වෙනස් දේශගුණි තත්වය්ට සුදුසු අයුරින් වැඩිදියුණුව ඇත

සාමාන්‍යයෙන් උතුරු පැරගුවේ වගා බිමක අස්වැන්න නෙළීම වසරකට තෙවරක් හෝ සිවු වරක් සිදුකරනු ලබයි. අතු කැබලිවලින් පැළ ලබාගැනීමේදී කපාගත් අතු කැබලි කැපූ දින සිට දින 25ක් -30 ක් ඉක්මයානොදී සිටුවීමන් හොඳින් වර්ධනය වන පැළ ලබාගත හැකියි. පැළ ලබාගැනීමට අතු කැපීමට සුදුසු කාලය වන්නේ පෙබරවාරි මාර්තු මාසයන්හිදීය.

මේ ශාකයෙA මල් හටගැනීම නොවැම්බර් මාසයදී ආරම්භවේ. ඉතා කුඩා නමුත් ප්‍රිය උපදවන පෙනුමක් ඇති ලා දම් පැහැයට හුරු සුදු පැහැ මලක් දකින්නට හැකිවෙයි

මුල් කාලීනව ලතින් ඇමරිකා  වැසියන් තම ආගමික විශ්වාස ඇදහිලි චාරිත්‍රවලදී පූජාවන් සඳහා මේශාක කොටස් යොදාගෙන ඇත.  යනුවෙන් මේ පිලිබඳව බොහෝ දුරට  විස්තර කළ මාරසිංහ මහතා පැවසුවේය

 දකුණු ඉන්දියාවේද කෝවිල්වල ගණ දෙවියන් උදෙසා පූජා පැවැත්වීමේදී මේ ශාකය ප්‍රයෝජනයට ගනු  ලබන බව වාර්තාවේ.  ඔසු ගුණය සම්බන්ධව එතරම් විද්‍යාත්මකව සනාථවූ ප්‍රබල සාධක නොවූවත් විවිධ රටවල  පාරම්පරික සම්ප්‍රදායික ප්‍රතිකර්මවලදී ඖෂධ වශයෙන් භාවිතා කරයි. ඒ අනුව චීනය ජපානය ඇතුුඵ ලොව රටවල් බොහොමයකදී දියවැඩියාව සහ අඩු රුධිර පීඩනය ඇති රෝගීන්ගේ රුධිර පීඩන තත්ව ක්‍රමවත් කිරීමේ ගූණයක් ඇතිබව මේ ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාකයේ කොලවල සාරය භාවිතා කරන බව අන්තර්ජාල තොරතුරුවලින් කියවේ. එසේම සමේ රෝග තත්වයන් වැලැක්වීමටත් දත්මුල් ඉදිමීටද මෙය ආරක‍ෂණ ගුණයකින් යුතු විශේෂ ඔසුවක් බවටද විවිධ රටවලින් වාර්තාවී ඇත

වටිනා ආහාර නිෂ්පාදනයක් වශයෙන් මේ සීනි ආදේශක ස්ටෙවියා රිබදූනියා බර්තෝනිහි වටිනාකම 2006 වසරදී  ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට හා අවධානයට යොමුව ඇත. 2012 වසරදී සීනි ආදේශක රස කාරක ගුණයකින් යුතු නිෂ්පාදනයක් වශයෙන් බටහිර රටවල සුපිරි වෙළඳ සංකීර්ණයන්හි අලෙවිය ආරම්භ විය.

images[4] images[5] P1070196 P1070204 P1070210

 



අදහස් (0)

දියවැඩියාවෙන් බේරෙන්න පැණි පලා

සොපී Friday, 14 August 2015 03:32 AM

අගනා ලිපියක් ,අපේ කට්ටියගේ අදහස් දැක්කම හිනා වෙලා ලේ පිරිසිදු වුණා. (අ)

:       0       0

සදුණි Monday, 10 August 2015 04:21 AM

ඉතාමත් වැදගත් (බ)

:       0       0

දිව්යා Tuesday, 07 July 2015 10:27 AM

දුරකථන අංකය ලිපියෙහි තිබේ. හොදට කියවා බලන්න. (ර)

:       0       0

බිනර Monday, 13 July 2015 05:18 PM

බොහොම හොඳ ලිපියක් (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 30 July 2015 06:52 PM

අඩ් 6 උස, දිගට වේන්න ඇති නේද මයින්න ඇත්තේ. පොටෝ එකේ හැටියට ඔීක පැදුරක්. ආටිකල් එක හොදයි. (නදී)

:       0       0

ජනිතා Wednesday, 08 July 2015 01:30 PM

බොහොම වැදගත් ලිපියක් (නි)

:       0       0

අජිත් Monday, 17 August 2015 02:53 AM

රජය මෙවැනි දේවල් වගා කරනවාට සහන සලන්න ඔනෑ සහනාධාර ලබා දිලා දියුණු කරන්න ඕවමනායි (ම)

:       0       0

සරත් Thursday, 09 July 2015 03:02 PM

බීපල්ලා උලුහාල් දියවැඩියාවට ගුණයි (බ)

:       0       0

වසුන්දරා Wednesday, 29 July 2015 01:31 AM

දියවදියව තියෙන කෙනෙකුට කොහොම දැනෙනවද දන්නේ නැහැ ස්ටේවිය බිව්වම පිපාසය දන්නෙනවා.(ම)

:       0       0

එස්.පි. ප්‍රේමරත්න Saturday, 11 July 2015 06:40 AM

මෙය විකිණීමට තිබේ නම්, එම ස්ථානද සඳහන් කරන්න (අ)

:       0       0

නර්ඩ් Friday, 10 July 2015 04:12 AM

ඇස නොපෙනීම මේ ලෙඩේ හැටි.නම්බරේ ලිපියේ තිබේ.(ම)

:       0       0

පද්මිණී Tuesday, 07 July 2015 12:22 PM

මේවා දැනට වෙළද පොලේ තිබේ. සිනි රස නම් වෙනස්. මිලෙනුත් අධිකයි. එහෙත් ස්වභාවික පැළෑටියකින් හදන නිසා දියවැඩියා රෝගීන්ට හොදයි. (ර)

:       0       0

ජනිත Saturday, 18 July 2015 05:50 AM

කරුණාකර ඔය ඉටි කොළ පැකට් වල ඇති පැල හරියටම විස්වාසයිද කියන්න. නෙට් එකේ ඇති කොළ එකක් වත් ඔය කොළ වගේ නෑ (නදී)

:       0       0

චතු Tuesday, 07 July 2015 12:34 PM

සමහර අයට සීනි සහ ඇස් වලටත් ප්‍රතිකාර කිරීමට සිදුවී ඇත. (ර)

:       0       0

කුලරත්න Friday, 14 August 2015 01:43 PM

කියන තරම් විස්වාස නැත (අ)

:       0       0

අනුර Sunday, 19 July 2015 08:09 PM

‍ඔ‍ය ‍ත‍ර‍ම‍ට‍ම ‍හො‍ඳ ‍නම්‍ ‍කර්මාන්‍‍ත‍යක්‍ ‍හැ‍ටි‍‍යට ‍ව‍ගා ‍ක‍ළොත්‍ ‍හො‍ඳයි ‍නේ‍ද? (නි)

:       0       0

කුලරත්න Friday, 14 August 2015 02:01 PM

දියවැඩියාවට තෙම්බුකොල මැල්ලුම හෝ සම්බෝලය ද ඉතා හොදය (අ)

:       0       0

ඉමේෂ් Monday, 17 August 2015 04:07 AM

අජිත්, අපේ රජවරුන්ට ඊට වඩා වැඩ තියෙනවනේ. ජාතිවාදය අවුස්සන්න මිනිස්සු කොටවන්න. නැතුව රටක් දියුණු කරන්න උවමනාවක් නැහැ.(නදී)

:       0       1

බණ්ඩාර Thursday, 05 January 2017 08:49 AM

ඇයි දෙයියනේ මේ ලිපියේ තියෙන්නේ දුරකථන අංකය! (බ)

:       0       0

නිමල් Thursday, 09 July 2015 05:21 PM

ජමාල්, ලිපිය කිවන්නේ නැතුවද දුරකථන අංකය ඉල්ලුවේ? (නි)

:       0       0

ධනුෂ්ක Friday, 11 September 2015 07:49 AM

මෙම ශාකය මිලදී ගැනීමට දුරකථන අංකයක් ලබාදෙන්න (ම)

:       0       0

මලින්ද Thursday, 09 July 2015 06:12 PM

මෙය විකිණීමට තිබේ නම්, එම ස්ථානද සඳහන් කරන්න (නි)

:       0       0

එරත්න විජයානන්ද Tuesday, 07 July 2015 02:55 PM

මෙය ඉතා වටිනා බෙහෙතකි (ම)

:       0       0

හිමාල් Friday, 10 July 2015 01:22 PM

ජමාල්, දෙයක් දාන්න කලින් හරියට කියවන්න. (නි)

:       0       0

වෙදගේ Monday, 10 August 2015 11:03 AM

දැන් ඉතින් ඕවා කන්න පටන් ගනියි ලොරි පිටින්. හැබැයි දියවැඩියාව හැදෙන්න නැති වෙන්න කටවල් පරිස්සම් කරගන්න එක තමයි වඩාත් හොඳ. (නි)

:       0       0

අමාරිස් Saturday, 18 July 2015 02:16 AM

චින්තක දන්නා බම්බුව (නදී)

:       0       0

අමාරිස් Saturday, 18 July 2015 02:20 AM

අපේ මිනිසුන්ට පිට රට දෙයක් කිව්වොත් කහම්බිලිය වුනත් අගේ කරාවි(නදී)

:       0       0

අමාරිස් Saturday, 18 July 2015 02:22 AM

රියාල් ඉතින් හිටවා ගන්නවකෝ (නදී)

:       0       0

රූපවති Friday, 28 August 2015 10:42 AM

මේ කොළ ටිකක් ගන්න ක්‍රමයක් කියන්න. මම එනවා (අ)

:       0       0

තමීර Wednesday, 22 July 2015 12:33 PM

ඊතාම වැදගත් ලිපියක්.ස්තුති ලංකාදීප. මෙය ලබා ගත හැකි ක්‍රමයක් කරුණාකර දන්වන්න. ස්තුති.(හේ)

:       0       0

හේවා සරත් Tuesday, 04 August 2015 10:40 AM

ව්‍යායාම කරන්න, විනාඩි 20ක් හැමදාම ඇවිදින්න, කෑම පාලනය කරන්න, මානසික සැහැල්ලුව තියාගන්න, එළවළු පළතුරු කන්න, තෙල් කෑම පිටි කෑම පාලනය කරන්න. කිසිම බෙහෙතක් අවශ්‍ය නැහැ. අත්දැකීමෙන් කියන්නේ (නි)

:       0       0

ජමාල් Tuesday, 07 July 2015 07:46 AM

කරුණාකර මෙය ලබාගැනීම සදහා දුරකථන අංකය ලබාදෙන්න. (ර)

:       1       0

අනුර Sunday, 19 July 2015 04:06 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

ටොරොන් Tuesday, 07 July 2015 07:53 AM

ඉතාමත් වටිනා ලිපියක් ලංකාදීප ඔබට ස්තුතියි! (ර)

:       0       0

ධම්මික Sunday, 09 August 2015 02:34 AM

දියවැඩියාව වැඩිපුර ඇති ලංකාවට හොඳ දෙයක් (නි)

:       0       0

රියාල් Tuesday, 07 July 2015 07:54 AM

මේ පැල හිටෙවොත් නරකද.? (ර)

:       0       0

ජයසිංහ Friday, 10 July 2015 01:03 AM

ස්තූතියි ලංකාදීප! (නි)

:       0       0

බුද්ධික Tuesday, 07 July 2015 08:38 AM

කරුණාකර මෙය ලබාගැනීම සදහා දුරකථන අංකය ලබාදෙන්න (ම)

:       0       0

ල.ක් රවින්ද්‍ර Saturday, 11 July 2015 03:39 PM

අනේ ගොඩක් වටිනවා. අපිටත් ඕනෑ (නි)

:       0       0

ල.ක් රවින්ද්‍ර ඒකනායක Saturday, 11 July 2015 03:38 PM

අරනේ ගොඩක් වටිනවා. (අ)

:       0       0

ලෙස්ලි Tuesday, 21 July 2015 12:34 AM

හැමෝම බලන්නේ හොඳ දේවල් තියෙද්දී පිටරට වලින් වෙනත් දේවල් ගෙන්නලා කොමිස් ගහන්නනේ (නි)

:       0       0

චින්තක Tuesday, 14 July 2015 03:09 PM

මෙම පැළය උස අඩි 6 ක් යයි සඳහන් වීම වැරදියි. මෙය කුඩා පැලෑටියක්. මුකුණුවැන්න වගේ. (බ)

:       0       0

මාලි Sunday, 12 July 2015 09:45 AM

මෙම ශාඛය ලබාගතහැකි ටෙලිපෝන් අංකයක් පළ කළොත් හොදයි ඉහත අංකයෙන් ලබාගත නොහැක (බ)

:       0       0

ධර්මසේන Monday, 17 August 2015 12:28 AM

වෙදකමට වඩා හෙදකම හොඳයි. අාරක්ෂාවට වඩා පරිස්සම හොඳ නිසා කට පරිස්සම් කරගන්න (නි)

:       0       0

උදයා Friday, 10 July 2015 11:12 AM

ඉතා ප්‍රයෝජනවත්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2150 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6058 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3520 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4211 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 190 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1388 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site