අරලියගහමන්දිරය අසළ විරෝධතා පවත්වමින් සිටි පිරිස අතරට ඊයේ කඩා වැදී ඔවුන්ට පහර දී අට්ටාල කඩා බිඳ දැමූ කලහකාරී පිරිසක් එතැනින් නොනැවතී ගාලුමුවදොර නිර්පාක්ෂික විරෝධතා අරගල භූමියට ද ගොස් එම විරෝධතාකරුවන්ට ද පහරදී ඔවුන්ගේ අට්ටාල ද ගිනි තබා එම ප්‍රදේශයම යුදපිටියක් බවට පත් කළහ. මේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් හේතුවෙන් පිරිසක් තුවාල ලබා රෝහල් ගත කිරීමට ද සිදු වූ අතර නැවත දැනුම් දෙනතුරු රටටම ඇඳිරි නීතිය පැනවීමට ද ආරක්ෂක අංශවලට සිදුවිය.
සාමකාමීව පැවැත්වුණු උද්ඝෝෂණ අතරට පොලු මුගුරු රැගෙන කඩා වැදී ප්‍රහාර එල්ල කිරීම නිර්ලජ්ජිත බියගුළු අමානුෂික ක්‍රියාවකි. ප්රජාතන්ත්රවාදී රටක සාමකාමීව විරෝධතා පැවැත්වීමට තිබෙන අයිතිය කිසිවකුට හෝ බලහත්කාරයෙන් පැහැරගත නොහැක. සාමකාමී විරෝධතාවලට අවශ්‍ය විසඳුම් ලබාදිය යුත්තේ ද සාමකාමී අයුරිනි, සාකච්ඡාවෙනි. එසේ නොවී අතේ පයේ හයියෙන් පොලු මුගුරු යොදාගෙන විරෝධතාකරුවන්ට පහරදී ප්රශ්නය විසඳා ගැනීමට කවුරුන් උත්සාහ දැරුවත් එය තිරිසන් ක්‍රියාවක් බව කිව යුතුය. එවැනි තැනකට තම හිතවත් පාක්ෂිකයන් තල්ලුකළ දේශපාලනඥයන් සිටිනවා නම් ඔවුන් ද මේ තිරිසන් ක්‍රියාවට වගකිව යුතුය. මේ ක්‍රියාව කොන්දේසි විරහිතව දැඩිව හෙළා දැකීමට අපි පසුබට නොවෙමු.
පසුගිය මාසයක් මුළුල්ලේම ගාලු මුවදොර පිටිය ලෝක ප්‍රසිද්ධ වූයේ එහි තිබෙන ඓතිහාසික වැදගත්කම සහ ස්වභාව සෞන්දර්යය හේතුවෙන් නොව එහි පවත්වාගෙන ගිය විරෝධතා අරගලය හේතුවෙනි. එම අරගලයට මූලික වූ හේතුවක් තිබිණි. එය දේශපාලනිකය. මේ දේශපාලන අර්බුදය විසඳා ගැනීමකින් තොරව මුළු රටම පෙළන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමක් නැත. ගාලුමුවදොර පිටියේ විරෝධතා අරගල භූමියට ලේ සෙල වූ ප්රචණ්ඩත්වයක් ආරෝපණය කළ කිසිවකුත් නීතියෙන් සමාවක් නොලැබිය යුතුය. ඔවුන් සියලු දෙනා නීතිය ඉදිරියට පමුණුවා හැකි ඉහළම දඬුවම් ලබා දිය යුතුය. එක් සිවිල් යුද්ධයක් අවසන් කළ රටකට තවත් සිවිල් යුද්ධයකට යාමට කිසිදු ඉඩක් තැබිය යුතු නැත.
මේ රටේ දේශපාලන භූමිය සති කිහිපයක් තිස්සේ ඉතා උණුසුම්ව පවතින බව රහසක් නොවේ. එය මුළු ලොවම දැන සිටියි. මේ දේශපාලන උණුසුම නිවා දැමීම සඳහා සියලු පාර්ශ්වකරුවන් එක්ව කටයුතු කළ යුතුය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට මේ වගකීමෙන් මිදිය නොහැක. එහෙත් ඒ සියලු පාර්ශ්ව පසු ගිය සති කිහිපය තිස්සේම එම වගකීමෙන් කර අරින බවක් පෙනී ගියේය. ගාලුමුවදොර සාමකාමී අරගලයේ ලේ සෙලවුණේ එම දේශපාලන පක්ෂ ද තම වගකීම් ඉටු කිරීමට පමා වූ බැවිනි. අඩුම තරමින් දැන්වත් එළඹගත් සිහියෙන් යුතුව පියවර ගනිමින් මේ රටට දේශපාලනික සංහිඳියාවක් ගෙන ඒමට ඔවුන් අප්‍රමාදව කටයුතු කළ යුතුය. ඒ සඳහා දැනටමත් ප්‍රමාද වූවා වැඩි බව නීතිය අතට ගන්නා කලහකරුවන්ගෙන් පෙනී යයි. ගතවන හැම තත්ත්පරයම රටේ අනාගතය වෙනුවෙන් තීරණාත්මකය.
මේ රටේ කිසියම් හෝ දේශපාලනඥයකු කොළඹට පොලු, මුගුරු අතට දී පිරිසක් එවා ලේ සොලවා ආණ්ඩුව ශක්තිමත් කළ හැකි යැයි සිතන්නේ නම් එය පවතින තත්ත්වය මුළුමනින්ම කණපිට පෙරළා ගැනීමකි. වරදවා වටහා ගැනීමකි. ගාලු මුවදොර සති ගාණක් තිස්සේ දිවා රාත්‍රි වැස්සට තෙමෙමින් අව්වට වේළෙමින් දහස් සංඛ්‍යාත තරුණ පිරිසක් අරගලයක නිරතව සිටින්නේත් ඔවුන්ගේ සහායට වැඩිහිටි පිරිස් සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන උගත් බුද්ධිමත් පිරිස් ද දිනෙන් දින රොද බඳින්නේ මේ අරගලයට නිශ්චිත අරමුණක් තිබීම හේතුවෙනි. මේ අරමුණු තේරුම් නොගෙන මැතිවරණ කාලවල දී කරනවාක් මෙන් ගැටුම් ඇති කරගෙන බොරු පොරොන්දු දී අතේ පයේ හයිය පෙන්වා අරගලය බිඳ දැමීමට හැකිවනු ඇතැයි සිතන දේශපාලනඥයන් කරන්නේ මේ රට තව තවත් වළ පල්ලට තල්ලු කිරීමකි. එවැනි නොහික්මුණු කලහකාරීන් උපරිමව හෙළා දැකිය යුතුය.
ඒ අතරම ජනාධිපති මන්දිරය අභියස අරගල කරුවන්ට සහ අරලියගහ මන්දිරය අසල විරෝධතාකරුවනට මැර ප්‍රහාරයෙන් ඇති වූ සිද්ධින් සහ විපක්ෂ නායකවරයාට පහරදීමේ සිද්ධිය පිළිකුළෙන් යුතුව හෙළා දැකිය යුතුය. විශේෂයෙන්ම බස්වලට පහරදීම සහ ඒ බස්වල ගමන්ගත් පිරිස්වලට කායික වශයෙන් හිංසා කිරීම් ද සාමකාමී සමාජයක් පතන කිසිවකුට අනුමත කළ නොහැක. මෙම අවාසනාවන්ත සිද්ධියෙන් පෙළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා මරුමුවට පත්වී ඇත.
රටේ වටින් ගොඩින් ලැබෙන ආරංචිවලින් පැවසෙන්නේ ගාලු මුවදොර පහර දීමේ සිද්ධිය දෙබරයට ගල් ගැසීමක් බවට පත්වෙමින් තිබෙන බවය. මේ තත්ත්වය පාලනය කර ගැනීම රජයේත් විපක්ෂයේත් මේ අවස්ථාවේ ප්‍රමුඛතම කාර්යය විය යුතුය. ගෑස් නැතිව, තෙල් නැතිව ආදායම් මාර්ග ද අහිමිවී ඇති ජනතාවට සහනයක් ලැබෙන ආකාරයට සියලු පියවර ගත යුතුය. පවතින තත්ත්වය පාලනය කර ගැනීමෙන් පසුව අර්බුදය විසඳා ගැනීම ද අප්‍රමාදව සිදුවිය යුතුය. නැතහෙත් රට අරාජික තත්ත්වයට පත්වී සියලු රටවැසින් අමාරුවේ වැටෙනු ඇත.
(***)
පාතාලයට සම්බන්ධකම් පවත්වන සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් දුන් නියෝග හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට උත්සාහ කිරීමක
පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සියලු දරුවන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමේ වැඩපිළිවෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන
රටක ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටෙමින් පවතී නම් එවැනි රටක සංවර්ධනය පිළිබඳ කොතරම් පුරාජේරු කතා කිව්වත් පලක් නැත. ඒ මක්නිසාද යත් ඉදිකිරීම් කර්මාන්තය සමත
සාමාන්‍යයෙන් රාජ්‍ය ආයතනයකට පත්ව සිටින සභාපතිවරුන් එම තනතුරු අතහැර යන්නේ ආණ්ඩු වෙනසකින් පසුවය. ඇතැම්විට අමාත්‍යවරයා වෙනස්වීමෙන් පසුව ද සමහර සභාපත
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලය මගින් පසුගියදා සම්මත කරගනු ලැබීය. එවැනි සංශෝධනයක් සඳහා පිඹුරුපත් සකසන බව සඳහන් මාධ්‍ය ව
ලොව සතුටෙන්ම සිටිය හැකි රට ලෙස පිට පිට හත්වැනි වරටත් ෆින්ලන්තය කිරුළ දිනාගත්තේ ය. ෆින්ලන්තය මෙම කිරුළ හිමිකර ගත්තේ 2024 සඳහා ලෝකයේ සතුටින්ම ජීවත්වන සහ ජී
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගාලු මුවදොර සිද්ධිය හෙළා දකිමු