IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අන්තර්වාර ආණ්ඩුවක්

කැලඹී ව්‍යාකූල වී තිබෙන දේශපාලනය සහමුලින්ම අවුල් ජාලයක් බවට පත්ව තිබේ. එක් පසෙකින් ජනතාව පෙළන ආර්ථික අර්බුදයකි. ඊට සමගාමීව හටගත් දේශපාලන අර්බුදය උත්සන්න වෙමින් පවතී. මේවා විසඳීමට තිබෙන ප්‍රායෝගික ක්‍රමය කුමක්ද යන්න සැමගේ සිත් සතන් තුළ කැකෑරෙන ප්‍රශ්නයයි. මේ සඳහා අන්තර් පාලන ආණ්ඩුවක් පිහිටුවීම හටගෙන ඇති ගැටලු‍වලට ඇති එකම විසඳුම බව පාර්ශ්ව ගණනාවක් විසින් ප්‍රකාශ කරනු ලැබේ. විද්වත් පර්ෂද, වෘත්තීයවේදීන්ගේ පර්ෂද, සාමයික නායක සභා සහ තරුණ ප්‍රජාවද මෙම මතය හා සමපාතව සිටින බව ප්‍රකට කරුණකි.

අප රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරීක්ෂා කර බලන විට අන්තර් පාලන ආණ්ඩුක්‍රමයක් ගැන එහි නිල සඳහනක් නැත. ව්‍යවස්ථාවේ 42 වැනි වගන්තියේ සඳහන් වන්නේ ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ උපරිම විශ්වාසය ඇති මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය ධුරයට පත්කළ යුතුය කියාය. ඒ අනුව මැතිසබයේ විශ්වාසය පළකිරීමේ යෝජනාවක් සම්මත කරමින් තමන් කෙරෙහි මැති ඇමැතින්ගේ ඇති විශ්වාසය පෙන්වීමට අභිනවයෙන් පත්වන අග්‍රාමාත්‍යවරයා ක්‍රියා කිරීම පිළිගත් සම්ප්‍රදායයි. ඉන් පසුව ආණ්ඩුවක් ස්ථාපිත කෙරේ. නව රජයක් පිහිටුවන සාමාන්‍ය ක්‍රමවේදය එයයි.

එහෙත් මෙවර යෝජනා කර ඇත්තේ අග්‍රාමාත්‍ය ධුරය දරන්නකු සේවයේ සිටියදී ඔහු කෙරේ මැතිසබයේ උපරිම විශ්වාසය නැතැයි ඔප්පු කොට නව අග්‍රාමාත්‍යවරයකු පත්කර ගැනීමයි. කිසියම් දේශපාලන වැඩපිළිවෙළක් ඉටුකිරීම සඳහා නිශ්චිත කාලයකට අන්තර්වාර ආණ්ඩුවක් ස්ථාපිත කළ යුතු යැයිද යෝජනා වී තිබේ. යට කී ලෙස අන්තර්වාර ආණ්ඩුක්‍රමයක් ගැන ව්‍යවස්ථාවේ සඳහනක් නැති නමුත් එය පිළිගත් ප්‍රායෝගික ව්‍යවහාරයකි. සාමාන්‍යයෙන් අන්තර්වාර යන පූර්ව හැඳින්වීම සහිත ආණ්ඩුවක් ස්ථාපිත කරන විට එම ආණ්ඩුවට ඍජුවම මැතිසබයේ බහුතරයක් නොතිබෙන්නට පුළුවන. එහෙත් මැතිසබයේ බහුතර පිරිසක් ආණ්ඩුව පිටත සිට සහාය දීමෙන් රජය පවත්වාගෙන යාමට හැකියාව පවතී.

එලෙස ආණ්ඩුවෙන් පිටත සිට සහාය දෙන පක්ෂවල සහයෝගය අහිමි වන ඕනෑම මොහොතක අන්තර්වාර ආණ්ඩුවක් කඩා වැටීමටද අවකාශ ඇත. මෙයට යෝග්‍ය උදාහරණ ගණනාවක් අපේ දේශපාලන සම්ප්‍රදායම අනුගමනය කරන අසල්වැසි ඉන්දියාවේ දේශපාලන ඉතිහාසය පරීක්ෂා කරන විට හඳුනාගත හැක. එරට පාර්ලිමේන්තුවේ (ලෝක් සභාවේ) මන්ත්‍රී ආසන ගණන පන්සිය හතළිස් තුනකි. එහෙත් පසුගිය කාලයේ මහජන මන්ත්‍රීන් 25 දෙනකුට වඩා අඩු සහායක් ඇති තිදෙනෙක් අන්තර්වාර ආණ්ඩුවල අග්‍රාමාත්‍ය ධුර හෙබවූහ. ඒ අනුව ඉන්දියාවේ අටවැනි අගමැති වූ ශ්‍රී චන්ද්‍රශේකර් 1990 - 1991 කාලයේ වසරක් පමණ අග්‍රාමාත්‍ය පදවියේ සිටියේය. එසේම එරට 11 වැනි අග්‍රාමාත්‍යවරයා වූ එච්.ඩී. දේව් ගවුඩා 1996 - 1997 වසරවල මාස 10ක් අගමැති පදවිය හෙබවීය. ඉන්ද්‍රකුමාර් ගුජ්රාල් මහතා ඉන්දියාවේ 12 වැනි අග්‍රාමාත්‍යවරයා වූ අතර ඔහු 1997 - 1998  කාලයේ වසරක් පමණ ආණ්ඩුවේ නායකත්වයේ ක්‍රියා කළේය. මෙම තිදෙනාම පවත්වාගෙන ගියේ සුළුතර අන්තර්වාර ආණ්ඩු ය. මෙම ක්‍රමයේ විශේෂත්වය වන්නේ බලවත් ආණ්ඩුවක් බිඳවැටුණු විට නැවතත් ප්‍රමාණවත් බලය සහිත ආණ්ඩුවක් පත්වන තෙක් අන්තර්වාර පාලනයක් පවත්වාගෙන යාමය. එබඳු අන්තර්වාර ආණ්ඩු බොහොමයක් දීර්ඝායුෂ විඳ නැති බව ඉන්දීය උදාහරණවලින් සනාථ වෙයි.

ශ්‍රී ලංකාවේද මෙවර ස්ථාපිත කිරීමට විපක්ෂය යෝජනා කරනු ලබන්නේ මෙම පන්නයේ ආණ්ඩුවකි. නව ආණ්ඩුව පිහිටුවීමට පෙර දැනට බලයේ සිටින අග්‍රාමාත්‍යවරයා විශ්වාසභංග යෝජනාවක් මගින් ඉවත් කරන බව ප්‍රකාශ වී ඇත. මෙම දේශපාලන පසුබිමේ යෝජිත අන්තර්වාර ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් ඉදිරි සතියේ තීරණාත්මක යමක් සිදුවෙතැයි අපේක්ෂා කළ හැක.

අන්තර්වාර පාලනය ස්ථාපිත කිරීම පිළිබඳ මත ප්‍රකාශ කරන ලද විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සඳහන් කර ඇත්තේ දැනට ජනතාව දැඩි ලෙස පීඩාවට පත්කර ඇති ප්‍රශ්න ගණනාවක් කඩිනමින් විසඳා නිශ්චිත කාලයක් තුළ සහන සැලසීමට අපේක්ෂා කරන බවයි. අප දන්නා පරිදි මේ වනවිට රටේ හටගෙන තිබෙන දැවෙන ප්‍රශ්න රාශියකි. විදුලිය කප්පාදුව, ගෑස් හිඟය, ඉන්ධන හිඟය, බෙහෙත් හිඟය මෙන්ම අධික ජීවන වියදම, ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටීම වැනි ව්‍යාකූල අර්බුද රැසක් සඳහා සමාජය කඩිනම් විසඳුම් අපේක්ෂා කරයි. විශේෂයෙන්ම ජනතාවට දරාගත නොහැකි ලෙස භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යෑම මෝස්තරයක් බවට පත්ව තිබේ. ඒ අතර රට පුරා නොයෙක් හේතු මත ක්‍රියාත්මක වන වැඩවර්ජන හා වෘත්තීය අරගල ද්‍ ජන ජීවිතයට එල්ල කරන බලපෑම් සුළු පටු නොවේ. ඇතැමුන් පවසන්නේ මෙම සියලු‍ වෘත්තීය අරගල ක්‍රියාත්මක වන්නේ දේශපාලනයේ පවිත්‍ර වෙනසක් වෙනුවෙන් බවයි.

එම නිසා ලෙඩේට හොඳම බෙහෙත ලෙස යෝජනා වී ඇත්තේ අන්තර්වාර ආණ්ඩුවකි. එහි සංයුතිය කවරාකාරදැයි මෙතෙක් ප්‍රකාශයට පත්ව නැතත් පිහිටුවන ආණ්ඩුවට කෙටි කලක් තුළ විසඳීමට ඇත්තේ සංකීර්ණ ප්‍රශ්න පත්‍රයකි. ඒ සඳහා විධිමත් උපායමාර්ග මෙන්ම සැලසුම් සහගත වැඩපිළිවෙළක් ද අවශ්‍ය වේ. පුද්ගලයන්ගේ තනතුරු හා නිලතල මාරුවීමේ වාසිය ජනතාවට ලැබෙන්නේ එම වගකීම් බාරගන්නා අය අර්බුද විසඳීමේදී දක්වන කෞශල්‍යය අනුවය. ආණ්ඩුව මාරු වූ පසුත් ජනතා ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් නොලැබුණහොත් එය තවත් සංකීර්ණ දේශපාලන අර්බුදයකට පාර කපන්නට ඉඩ ඇති බව සිහිපත් කරනු වටී.

(***)



අදහස් (0)

අන්තර්වාර ආණ්ඩුවක්

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 282 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 86 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 290 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 880 5

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්දේ සැබෑ අරුත හඳුනාගෙන කටයුතු කරමු
2024 අප්‍රේල් මස 11 197 1

සිංහල–දෙමළ අලුත් අවුරුදු මහා සංස්කෘතික මංගල්‍යයට දින දෙකකි. සාමය, සමගිය, සතුට හා සෞභාග්‍යය කැටිව එන වසන්තය පිළිගැනීමට ගම් නියම්ගම් නගර ජනපද වෙනසකින් ත


පාතාලයට අවි සපයන්නන් අල්ලා දඬුවම් දිය නොහැකිද?
2024 අප්‍රේල් මස 10 357 1

පාතාලයන්ට මෙතරම් අවි කොහෙන් ද? මේ ඉකුත් සමයේ නිතර නිතර කතා බහට ලක්වූ මාතෘකාවකි. අන්ධයා අලියාගේ ස්වරූපය කියා පෑ හැටි සිහිපත් කෙරෙන උත්තර ඒවාට ලැබුණා මිස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site