IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පරංගින්ට රට පාවා දුන් දොන් ජුවන් ධර්මපාලගේ තෑගි ඔප්පුව

 

 

රජෙකු වුවත් රාජ්‍ය පාලනය නොකළ දොන් ජුවන් ධර්මපාල කුමරු පෘතුගීසින් ගේ රැකවරණය මැද සිටි රූකඩයක් ලෙස ඉතිහාසයේ හැඳින්වේ.


කීර්තිමත් හෙළ රජ පරපුරක අවසන් ඵලය වූ දොන් ජුවන් ධර්මපාල පෘතුගීසි කොළඹ කොටුව තුළ ජීවත් වූයේ සිරකරුවෙකු නොවූ සිරකරුවෙකු ලෙසිනි. ඔහු තම අසරණකම මත හෝ ආරක්‍ෂාව පිළිබඳව සිතා හෝ පෘතුගීසි බලපෑම නිසා හෝ ලංකාවේ මහා පාවාදීම කරන ලදී. ඒ 1580 අගෝස්තු 12 දින ලංකා රාජ්‍ය තෑගි ඔප්පුවකින් පෘතුගාලයේ දොන් හෙන්රි අධිරාජ්‍යායාට පවරා දීමයි.


“දැනට ප්‍රතිකාලයේ සිංහාසනාරූඪව රජකරන හෙන්ඩි්‍රක් මහා රජාණන්ට සහ ඔහුගෙන් පසු සිංහාසනය ලබන රාජ පරම්පරාවලටද, මගේ තනි නිදහස් කැමැත්තෙන්ම හොඳ හිතින් මට අයත් සියලුම රාජධානි සම්පූර්ණයෙන්ම තෑගි කොට දීමට මම අධිෂ්ඨාන කර ගතිමි.”


දොන් ජුවන් ධර්මපාල 1580 


ලංකා ඉතිහාසයේ මහා පාවාදීම ලෙස හඳුන්වන මෙම ක්‍රියාවලියේදී ප්‍රසිද්ධ නොතාරිස්වරයා ලෙස කටයුතු කළේ ඇන්ටෝනියෝ රිබෙයිරෝ නමැති පෘතුගීසි විද්වතෙකි. සාක්‍ෂිකරුවන් නව දෙනෙකි. තෑගි ඔප්පුව කියවා තේරුම් කර දීමට භාෂා පරිවර්තකයින් දෙදෙනෙකි.


ධර්මපාල කුමරු තමාට අයත් සියලුම දේපොළ, ලක්දිව පහත රටට අයත් බල ප්‍රදේශ පෘතුගීසි අධිරාජයාට මෙම ඔප්පුවෙන් පවරා දී තිබේ. 


කලක් උඩරට පාලනය කළ කරල්ලියද්දේගේ දියණිය වන කුසුමාසන දේවි හෙවත් දෝන කතිරිනා කුමරිට සෙංකඩගල නුවර සහ ඌව දිසාව භාරකරන ලදී. මෙම තෑගි ඔප්පුව දොන් ජුවන් ධර්මපාලගේ අන්තිම කැමති පත්‍රය ලෙසටද සැලකේ.


“තෑගි ඔප්පුව”


‘දෙවියන් වහන්සේගේ නාමයට ගෞරව වේවා. සියලුම දෙනා මෙයින් දැන ගත යුතුයි.


අපගේ ස්වාමිදරු වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙ උත්පත්ති වර්ෂයෙන් 1580 ක්වූ මේ වර්ෂයෙහි අගෝස්තු මස 12 වැනිදා ලංකාද්වීපයේ කොළඹ නම් නගර වරයෙහි කොටුව තුළ දොන් ජෝන් නැමති මහෝත්තම කුමාරයන්ගේ වාස භවනයෙහිදී ශ්‍රී ලංකා රාජ්‍ය ශ්‍රී පදප්‍රාප්ත ලොකු බණ්ඩා (පෙරිය පණ්ඩාර්) නමින් යුතු මහා රජාණන් වහන්සේ, එකී කොළඹ නගරයෙහි මහා රාජ ස්වාමින් වහන්සේගෙ ඔප්පු තිරප්පු පිළිබඳ ප්‍රසිද්ධ නොතාරිස් නිලය දරන ඇන්ටෝනියෝ රිබෙයිරෝ නැමති මා අමතා, මෙහි මතු සඳහන්වන නම් ඇති සාක්‍ෂි කාරයින් ඉදිරිපිටදී මෙසේ ප්‍රකාශකර වදාළ සේක.


මගේ මුත්තණු වූ ලංකා රාජ්‍ය ශ්‍රී පද ප්‍රාප්තව විසූ ස්වර්ගස්ථ භුවනෙකබාහු මහා රාජෝත්තමයාණන් වහන්සේට පුතුන් නොසිටි බැවින්ද ඒ මහා රජතුමාණන් වහන්සේ ස්වකීය ජීවිත කාලය තුළදී මා තමන් වහන්සේගේ පුත්‍රයෙකු සහ උරුමක්කාරයා මෙන් ඇති දැඩිකර ගත් බැවින්ද, ප්‍රතිකාලයේ සිංහාසනාරූඪ ශුද්ධ නාමධාරි තුන්වැනි දොන් ජෝන් නරේශ්වරයාගේ බලය පිට ලක්දිව රාජ්‍ය ශ්‍රී සම්පත්තියට මම පැමිණියෙමි. දැනට අත්හැර දමන ලද ප්‍රධාන අගනුවර වූ කෝට්ටේ රාජධානියද මගේ මුත්තණු වූ එකී භුවනෙකබාහු මහා රජාණන් වහන්සේට මෙන්ම මටද අයිතිවිය යුතු නමුත් සීතාවක රජු වූ මායාදුන්නේ සහ ඔහුගේ පුත්‍ර රාජු නැමැත්තාත් දුෂ්ට ලෙස සහ නීති විරෝධී ලෙසත් මේ කොළඹ නගරය හැර මට අයත් සෙසු සියලු රාජධානි අවුරුදු කිහිපයකට පෙර අල්ලා ගත්හ. ඒ කොළොඹ රාජධානිය පවා ආරක්‍ෂා කර දෙන ලද්දේ ස්වකීය ප්‍රතිරාජවරු සහ කපිතාන්වරුන්ගේ මාර්ගයෙන් ප්‍රතිකාල් රජ දරුවන් විසිනි. ඉහත කී රාජධානිද මට ආපසු ලබාදීමට මේ ප්‍රතිරාජවරු සහ කපිතාන්වරු සියලු කල්හිම උත්සාහ කරන නමුත් එතුමන්ලාට වෙනත් සංග්‍රාමවලට මුහුණ පාන්නට තිබෙන නිසා එය තනිවම කරගත නුහුණේය. එයට බාධා ඇති කරන තවත් කරුණක් නම් ඉන්දියාවේ තත්ත්වය මහත් පිරිහීමටද දිළිදු බවටද පැමිණ තිබීමයි.


ඉහත කී සිංහ මහරජ වූ මා දැනට මහලුව ජරාජීර්ණව සිටින හෙයින්ද, මට අයත් රාජ්‍ය සම්පත්තිය මගේ ඇවෑමෙන් හිමිවීමට මට පුතෙකු හෝ උරුමක්කාරයෙකු නැති බැවින්ද, ප්‍රතිකාලයේ රජ දරුවන්ගෙන් මට ලැබුණු උදව් උපකාරවලට මා ඒ මහරජවරුන්ට ණය ගැතිව සිටිනා බැවින්ද, විශේෂයෙන්ම එතුමන්ලා විසින් ලියකියවිලිවලින් මට අවවාදානුශාසනා කළ කාරණය පමණක් නොව සාන්ත ප්‍රැන්සිස් පංක්තියේ පියවරුන්ගෙන් උපදෙස් ලැබීමට කියා තිබුණෙන් මට ශුද්ධ වූ කතෝලික භක්තිය වැළඳ ගන්ටත්, එහි ආලෝකයත්, ඥානයත් ලබාගන්ටත් අවකාශ බොහෝ ලැබුණෙන් එයින් මට දෙවියන් වහන්සේගේ මහානුකම්පාවට ලැබී මගේ ආත්මය ගලවා ගන්නට හැකි වෙන බැව් විශ්වාස නිසා මා එය ලෞකික වූ සියල්ලටම වඩා උසස් කොට සලකන බැවින්ද. ඒ හැර එකී රජ දරුවන්ගේ ප්‍රතිරාජවරු කපිතන්වරු ආදී නියෝජිතයන් ස්වකීය භාණ්ඩාගාරයෙන් වන වෙනත් වියදමක්, කපිතන්වරු සහ වෙනත් පෘතුගීසින් විනාශ වී යෑමක් නොතකා මගේ සතුරන් වූ මායාදුන්නේ සහ රාජු ආදීන් සමග යුධ කිරීමෙන් මගේ රාජකීය අයිතිවාසිකම් රැක දෙන්නට ස්වකීය රජුන්ට දක්වන සියලු ගරු බුහුමන්ම මට දක්වමින් උත්සාහ කරන බැවින් මා එකී ප්‍රතිකාල් රජ දරුවන්ට වැඩි දුරටත් ණය ගැතිව සිටින බැවින්ද, මේ සියලු කාරණයන් නිසාද, වෙනත් සැලකිය යුතු දේවල් නිසාද දැනට ප්‍රතිකාලයේ සිංහාසනාරූඪව රජ කරන දොන් හෙන්රික් මහා රජාණන්ට සහ ඔහුගෙන් පසු සිංහාසන ලබන රාජ පරම්පරාවටද මගේම තනි නිදහස් කැමැත්තෙන්. හොඳ හිතින් මට අයත් සියලුම රාජධානි සම්පූර්ණයෙන්ම තෑගි කොට දීමට මම අධිෂ්ඨාන කර ගතිමි. එබැවින් මම ඒ රාජධානි එකී ප්‍රතිකාල් රජ දරුවන්ට මෙයින් ත්‍යාගකොට නියම වූ සියලු අයිතිවාසිකම් එකී දොන් හෙන්රික් මහරජු සහ ඒ රජු අවෑමෙන් සිංහාසනය හිමිවෙන සියලු රජ දරුවන්ටද මගේ මරණින් පසු ලැබෙන සේ පවරා දෙමි.


තවද එකී මා අයත් රාජධානි මා විසින් මෙතෙක්කල් භුක්ති වින්දාක් මෙන්ද, මගේ මුත්තණුවූද, ස්වර්ගගාමිවූද, භුවනෙකබාහු මහ රජාණන් ගේ ඇවෑමෙන් මට අයිති වූවාක් මෙන්ද, එකී ප්‍රතිකාල් රජ දරුවන්ට නියත ලෙසම පැවරෙන්නාහ. ඒ රජ දරුවන්ට හැකිනම් ඊටත් වඩා හොඳින් මේ රාජධානි අයත් කරගෙන ඔවුන්ගේම දෙයක් මෙන් මනාපයක් කර ගැනීමට හැකි ලෙසද, දැනට නීති විරෝධී ලෙස එකී රාජාධානි අල්ලාගෙන සිටින ඒ හතුරන්ගේ බලය, එකී රාජධානි මේ තෑගි ඔප්පුවෙන් නැති කොට, මේ දිවයිනේ පෙරසිටි රජ දරුවන් අබිබවා කෝට්ටේ රජුන් විසින් එකී රාජධානිවල ස්වකීය බලය පතුරුවා සිටියාක් මෙන් එකී ප්‍රතිකාල් රජවරුන්ටද නීත්‍යානුකූලව සතුරන් සමග යුධකොට ඒ රාජධානි අයිති කරගත හැකිවන ලෙසද පවරා අයිතිකොට දෙමි.


මගේ මේ කැමැත්ත, මේ දායාදය හැම අයුරින්ම හැම දෙනා විසින්ම කිසිම විරුද්ධත්වයක් නැතිව සම්පූර්ණ කළ යුතු බවද, මෙහි යම්කිසි වරදක් පාඩුවක් වේ නම් එය මගේ රාජ බලයෙන් නිවැරදිව සම්පූර්ණවන බවද, මගේ සතුටටත්, කැමැත්තටත් අනුව සෑදූ එකම තෙස්තමේන්තු ලියවිල්ල මෙය බැව්ද ප්‍රකාශ කරනවත් හැර, මේ මගේ කැමැත්ත සියලුම නීතිත්, අයිති වාසිකමුත් සිරිත් විරිතුත් වලංගු වෙනවාත් සමඟ සියල්ලන් විසින්ම සම්පූර්ණ කළ යුතු බවද වැඩි දුරටත් ප්‍රකාශ කරමි.


ඉහත සඳහන් ලියවිල්ල මෙහි පෙර කී නම් ඇති නොතාරිස් තැනවන මම, මගේ මීට පෙර ලියනලද පිටපත් සටහන් ඇති මේ පොතෙහි ලියූවෙමි. එකී තෑගි ඔප්පුව සම්පූර්ණ විශ්වාසයෙන්ද, සම්පූර්ණ ගෞරවයෙන්ද සියල්ලන් විසින්ම සැලකිය යුතුය. එසේම සියලු දෙනම එකී තෑගි ඔප්පුවේ සඳහන් කරුණු ඒ ආකාරයෙන්ම හෝ හැකිනම් ඊටත් වඩා හොඳින් හෝ සම්පූර්ණ කළ යුතුවා මෙන්ම අන්‍යයන් ලවාද සම්පූර්ණ කරවිය යුතුය. මේ තෑගි ඔප්පුවට ඇතුළත් සියල්ලම එකී මහා රජාණන් වහන්සේ විසින් සඳහන් කරන ලද්දේ තමන් වහන්සේගේ ආත්මයේ යහපත පිණිස සහ සියලු දෙනාම අප ස්වාමිදරු වූ දෙවිතුමාණන් වහන්සේට සේවය කළ යුතුය යන්න තමන් වහන්සේගේ වැටහීමේ බර අඩුකර ගැනීම පිණිස බවද, නමුත් මේ කරන ලද ක්‍රියාව තමා විසින් කළ යුතු දෙයට වඩා බොහෝ ස්වල්ප බවද ප්‍රකාශ කරන ඒ නර ශ්‍රේෂ්ඨයාණන් ඉහත කී දොන් හෙන්රික් ප්‍රතිකාල් මහා රජාණන්ගෙන් සහ එතුමාගේ ඇවෑමෙන් රාජපද 


ප්‍රාප්තවන ප්‍රතිකාල් රජ දරුවන්ගෙන්ද බැගෑපත්ව ඉල්ලා සිටින දෙයක් නම් මේ තෙස්තමේන්තු ඔප්පුව එකී ප්‍රතිකාල් රජවරුන්ගේ අධිකරණ නායකවරු හෝ එවැනි යුතුකම් ඇතිවෙන යම් මුලාදෑනින් අතට පමුණුවා ඒ ඔප්පුවෙහි සඳහන් හැම දෙයම, හැම දෙනම ලවා සම්පූර්ණ කරවන්නට කටයුතු සලසන ලෙසටයි.


ඉහත සඳහන් කළ කරුණු නිසා තමන් වහන්සේ විසින් මේ ඔප්පුව ලියැවූ බව සලකා එහි සඳහන් කිසිදු කරුණක් සම්පූර්ණයෙන් හෝ කොටසක් හෝ සැක කටයුතු බවට නොපිළිගෙන එහි කිසිදු අමුතු විශේෂයක්ද නොකොට එයින් පවරා දෙනලද අයිතිවාසිකම් එසේම බැව් පිළිගෙන ඉහත සඳහන් අයුරු තමන් වහන්සේගේ කැමැත්ත සිදුවන පිණිස, එය සත්‍ය ලෙස පිළිගන්නා මෙන් ඉහත කී තෑගි දීමනාකාර මහරජාණන් වහන්සේ කියා සිටින සේක. ඒ සමඟම යථෝක්ත රජතුමා ඉතා කීකරු පුත්‍රයෙකු මෙන් රෝමයේ ශුද්ධ අපෝස්තුළු වරයාණන් වහන්සේටද, අපගේ පෝප් තුමාණන් වහන්සේටද යටහත්ව කියා සිටින්නේ තමා මේ පරිත්‍යාගය ඉතා පිරිසුදු හිතින් කරන බව සහ අපෝස්තුළු වරයාණන්ගේ ආඥාව සම්පූර්ණයෙන් පිළිගන්නා බවද වේ. එපමණක් නොව තමන් වහන්සේගේ මරණින් පසු, මේ ඔප්පුවෙහි සඳහන් සියලු දෙයම සම්පූර්ණ කරන ලෙසද රජතුමා ඉල්ලා සිටී.


ඉහත කී නරදේවයාණන් වහන්සේගෙ අණ පරිදි මවිසින් ලියා පිළියෙල කරන ලද මේ තෑගි ඔප්පුවට මහා රජාණන් වහන්සේ පහත සඳහන් සාක්‍ෂි කාරයින් ඉදිරිපිටදී ස්වකීය රාජ මුද්‍රා අත්සන තැබූ බව, ඉහත නම් සඳහන් නොතාරිස් තැනවූ මම මෙයින් සහතික කරමි.


මීට සාක්‍ෂි-


01. දැනට ඉහත කී නගරයෙහි සන්ත අන්තෝනි පූජකාලයේ කන්‍යාරාමයෙහි භාරකාර තැන වූ ප්‍රේසෙ බැස්ටියන් ඩිවාව්ස් පියතුමා.
02. එහිම විකාර්තැනවූ මැනුවෙල් ලුයිස් පියතුමා.
03. මේ දිවයිනේ මහේස්ත්‍රාත් තැන වූ ඇස්ටෝම් පිගේරා විඩෝමර් තුමා.
04. පේරෝ ජෝර්ජ් ප්රැන්කෝ විනිශ්චයකාර තුමා.
05. කොළොඹ පදිංචි අන්තෝනියෝ ලොරැන්සෝ
06. ඉහත කී මහා රජාණන්ගේ මහ ගබඩා නිලමේ සහ දිසාපති තැන්පත් දොන් ස්ටීවන් මුදලි.
07. රජවාසල නිලමක්කාර දොන් ඇන්ටන් මුදලි.
08. ඇන්ඩෘ බේජම් මුදලි
09. දොන් ප්‍රැන්සිස්කෝ ඇන්රිකස් මුදලි
10. මෙකී සාක්‍ෂි කාරයන් ඉදිරියේ සහ ඉහත කී මහ රජතුමාණන් වහන්සේ ඉදිරියේද මේ ඔප්පුව කියවා තෝරා දුන් භාෂා පරිවර්තක මුදලි තැන්පත් දොන් ප්‍රනාන්දු මුදලි.
11. රජතුමාගේ ලේකම් තැන වූ ලොරැන්සෝ ප්‍රනාන්දස්. 
12. අප රජතුමාණන්ගේ වාසල නිලකාර තැන වූ කපිතාන් 


මැනුවෙල්ද සෞසා.


මේ තෑගි ඔප්පුව අත් අකුරෙන්ම පිටපත් පොතේ ලියා ඉහත කී මහරජාණන් වහන්සේ සහ සාක්‍ෂිකාරයින් ලවා අස්සන් කරවා ගත් නොතාරිස් තැනවන මම එයින් මෙය පිටපත් කොට විශ්වාස ආකාරයෙන් මනාලෙස පිළියෙළ කර අපගේ ස්වාමි වූ මහා රජාණන් වහන්සේගේ සහ එතුමාගෙන් පසු රාජ පත්වන රජදරුවන්ගේද නාමයෙන් එය වැඩි දුරටත් පිළිගෙන මගේ ප්‍රසිද්ධ මුද්‍රාව තබා අත්සන් කළෙමි.


● පෘතුගීසි ඉතිහාසඥයෙකුවන රුබෙයිරෝ ලක්දිව ගැන ලියන ලද ඓතිහාසික සටහන්වල අවසානයට දක්වා තිබෙන දොන් ජුවන් ධර්මපාලගේ තෑගි ඔප්පුවේ සිංහල පරිවර්තනය එලෙස දැක්වෙයි. රුබෙයිරෝගේ එම ග්‍රන්ථය පෘතුගාලයේ ලිස්බන් නුවර “ඇකඩමියා රියල් ඩෑෂ්ෂයන් ෂියස්” නමැති විද්‍යාලය මගින් 1836 වසරේදී මුද්‍රණ කරවා ප්‍රසිද්ධ කරන ලදී.


● මෙම තෑගි ඔප්පුවේ නම ලෙස සදහන්ව ඇත්තේ “පෙරිය පණ්ඩාර” නමිනි. මෙය ද්‍රවිඩ පරිවර්තකයින් විසින් කරන ලද්දෙකැයි විද්වත්හු පෙන්වා දෙති.
මෙම ලිපිය සකස් කිරීමට අවශ්‍ය දත්ත ලබාදුන් පමුණුගම, බෝපිටිය දිනේෂ් පෙරේරා මහතාට ස්තුතිය.

 

 


ගණේමුල්ල බුද්ධි බොල්ලත
මාකේවිට අර්නස්ට් ජයතිලක
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (0)

පරංගින්ට රට පාවා දුන් දොන් ජුවන් ධර්මපාලගේ තෑගි ඔප්පුව

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12093 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6796 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14478 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14836 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2759 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site