IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල දෙන්නෙක් ඉන්නවා. මං කිව්ව  සුදුසුකම් තියෙන පෙරේරාට තමුන්නාන්සේලාගේ වටිනා ඡන්දය දෙන්න.


1977 මහමැතිවරණ වේදිකාවේ සිට එක්සත් ජාතික පක්ස නායක ජේ.ආර්. ජයවර්ධන එසේ පැවසීය. යටියන්තොට ප්‍රබල වමේ ආසනයකි. ලංකා සම සමාජ බළකොටුවකි. දිගින් දිගටම එය දිනුවේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාය.


මෙවර ඔහුට එරෙහිව එජාපයෙන් තරග වදින්නේ කේ. වින්සන්ට් පෙරේරාය.


1977 මහමැතිවරණයෙන් එජාපය දිනන බව සත්සුදක්සේ පැහැදිලියි.  ඒ බව ජේ.ආර්. හොඳින් දැන සිටියේය. එහෙත් නව පාර්ලිමේන්තුවේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා සිටිනු දැකීමට ඔහු ප්‍රිය කළේය. ඒ ඇන්. ඇම් ගේ පෙරළිකාර කම්වලට ඇති ගෞරවය නිසාය.


අගුරුවැල්ලේ දී වින්සන්ට් පෙරේරා සංවිධානය කර තිබූ රැළියේදී ජේ. ආර්. ට එය කියැවිණ.


පාර්ලිමේන්තුවේ කුමන පක්ෂයක් වැඩි ඡන්ද රැගෙන රට පාලනය කළත් ඇන්. ඇම්. එහි ඉන්නම ඕනෑ පුද්ගලයෙක්’’


මෙය ඇසු එජාප අපේක්ෂකයා පවසා තිබුණේ ජේ. ආර්. මගේ වේදිකාවේ ඉදන්ම මට කෙළියා’’ කියාය. 


ඇන්. ඇම්. ගැන හොඳම චරිත සහතිකය දුන්නේ මහාචාර්ය කාලෝ ​ෆොන්සේකාය. ඒ බුදු දහම සහ සමාජවාදය අතර ඇති සමානාත්මතාව ද පැහැදිලි කරමිනි.
මිත්‍රවරුනි බුදු දහමෙ සත්‍ය සතරක් ගැන සඳහන් වෙනවා. දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, නිරෝධ ගාමිණි පටිපද‌ා සත්‍යය හෙවත් මාර්ග සත්‍යය කියලා. ඒ කියන්නේ දුක, දුක ඇති වීමට හේතුව, දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය කියලයි.


එද‌ා ඇන්. ඇම්. ලා සමාජවාදය හඳුන්වලා දීලා මොනවද කිව්වේ. අද සමාජයේ පවතින දුක නම් දුප්පත්කමයි. දුකට හේතුව නම් ධනවාදයයි. දුක නැති කිරීම සමාජවාදයයි. එයට ගත යුතු මාර්ගය සමාජවාදය බිහි කිරීම සඳහා කටයුතු කිරීමයි, කියලා.


1977 මහමැතිවරණ වේදිකාවේ දී ඇන්.ඇම් ට ආධාරදීම සඳහා රුවන්වැල්ලේ පැවති රැලියේදී මහාචාර්ය කාලෝ පොන්සේකා ඇන්.ඇම්. ගැන මෙසේ කීවේය.
‘‘ඇන්. ඇම්. ලා හැමෝටම සහෝදරය කියල කියන බව ඇත්ත. සමහරු අපහාස කළා මුං අම්ම අප්පටත් සහෝදරය කියන ශිෂ්ට සම්පන්නකමක් නැති එවුන් කියලා. අද යු.ඇන්.පී. නායකයොත් විලිලැජ්ජ නැතුව වේදිකාවට  නැගලා සහෝදරවරුන් කියලා කතා කරනවා, විතරක් නොවෙයි සමාජවාදය ගැනත් පම්පෝරි ගහනවා’’ කියලා.


‘‘අන්න ඒ වගේ එවුන්ට වඩා 1933 දී සමාජවාදය රටට හඳුන්වාදිපු තුන් කෝරලයේ සැබැ මිනිසා වන ඇන්. ඇම්. තරම්  සුදුස්සෙක් යටියන්තොටට තවත් නෑ.’’
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදින්ට හා ඔවුන්ගේ දේශීය නියෝජිතයන්ට එරෙහිව ඇන්.ඇම්. ඇතුළු සමාජවාදි නායකයෝ එද‌ා වීදි සටන් කළහ. හිරබත් කෑහ. ඉන්දිය නිදහස් සටනට උරදි එතෙරදීද නීතියට කොටු වූහ.


සුරියමල් ව්‍යාපාරය අරඹා මෙරටේ අනන්‍යතාව රැකගත් අතර මැලේරියා වසංගත සමයේ දුක් විඳි ජනතාව අතරට ගොස් ඔවුන්ට ආහාරපාන හා ප්‍රථමාධ‌ාර දී පිහිට වූ ඇස්. ඇම්. ඇතුළු වමේ නායකයන් දෙව්වරුන් ලෙස ජනතා ගෞරවයට ලක් වූහ.


ඇන්. ඇම්. ගැන යළි මගේ මතකය අලුත් වුණේ හිටපු මුදල් ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් දැකීමෙනි.
‘‘විජාතිකයකුට ශ්‍රී ලංකාවේ නිල මුදල් නෝට්ටුවක අත්සන් තැබීමට නීත්‍යනුකූල බලයක් ඇද්ද?’’ ඔහු විමසීය.


යහපාලන ආණ්ඩු සමයේ දී අගමැති රනිල් වික්‍රමසිංහයන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කරන ලද අද අතුරුදන් වී සිටින සිංගප්පුරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන් මෙරට භාවිතවන රුපියල් 5000 නෝට්ටුවට දමා තිබු අත්සන නිත්‍යානුකූල දැයි ගැටලුවක් පැන නැගිණ.


සිංගප්පූරු නීතිය අනුවද අර්ජුන් මහේන්ද්‍රන්ට වෙනත් රටක පුරවැසි අයිතින්ට මැදිහත් විය නොහැකිය. එසේම රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතනයක උසස් තනතුරු දැරීමේ දී එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට  දිවුරුම් දී තිබිය යුතුය.. එහෙත් මහේන්ද්‍රන් එසේ නොකළ බව ඩිව්. ගුණසේකර  කෝප් කමිටු රැස්වීමේදී පෙන්වා දුන්නේය.
ඇන්. ඇම්. වැනි ආර්ථික විශේෂඥයන් සිටින යුගයක එවැනි බරපතළ මුල්‍ය අර්බුද සිදු නොවනු ඇතැයි ආර්ථික විද්‍යඥයෝ පවසති. රාජ්‍ය භාණ්ඩාගාරය සතු මුදල් අන්තිම සතය දක්වා නිවැරදිව ගණන් බැලීමේ දක්ෂතාවක් ඇන්. ඇම්. සතු විය. යටත් විජිත සමයේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ බලපෑම මත අපේ රටේ මුදල් නෝට්ටුවල අනිවාර්යයෙන්ම එංගලන්ත මහරජුගේ හෝ රැජිනගේ රූප මුද්‍රණය කෙරිණ. ඊට අනුගාමීව කාසිවල ද මුද්දරවල ද එම රූප මුද්‍රණය විය.


එද‌ා ගම් වැසියෝ සුදු කෙළිද්දි කාසියේ දෙපැත්ත හැඳින්වූයේ නෝනා සහ පොල්ල යනුවෙනි. නෝනා යනු රැජිනගේ රූපයයි. පොල්ල යනු පොල්ගසේ රූපයයි. 1950 වනවිට මෙරට උපරිම අගය ඇති මුදල් නෝට්ටුව වූයේ රුපියල් 100 ය.


එසමයෙහි රුපියලට විශාල අගයක් තිබු බැවින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදීගෙන මුදලක් ඉතිරිකර ගැනීමටත් හැකිවිය. එද‌ා රුපියල් 100ක පඩියක් ගන්නේ මහලොකු කෙරුම්කාරයකු පමණි. 


70 දශකය වන විට රුපියල බාල්දුවීම ඇරඹුණ අතර ඊට සමගාමීව ජීවන වියදම ඉහළ ගියේය.
වැටුප් විෂමතා නිසා අරගල ඇතිවිය. භාණ්ඩ හා සේවා මිල වේගයෙන් ඉහළ ගිය අතර ජනතාව දොස් කිව්වේ ආණ්ඩුවටය.

 

කවුද කියන්නේ රුපියල බාල්දුවෙලා කියලා. ඕවා විරුද්ධවාදීන්ගේ උප්පරවැට්ටි. එද‌ා වගේම අදත් රුපියලට තියෙන්නේ සත සීයම තමයි.
එක්සත් ජාතික පක්ෂයේ ගණිතඥයකු වූ මහාචාර්ය තිලක් රත්නකාර පැවසීය.


‘‘ඉලක්කම් ගොඩක් අය වැය ලේඛනය’’


එකල විපක්ෂය ආණ්ඩුව පතුරු ගැසුවේය. ප්‍රධාන පක්ෂ දෙකේම ආණ්ඩුවල මුදල් ඇමැතිවරු වලිකෑවේ අය වැය අතර පරතරය අඩුකර ගැනීමටය. පැරණි පාලකයන්ගේ ණය ගෙවීමටත් අලුතින් පොලියට විදෙස් ණය ගැනීමටත් සිදු වූ නිසා කෙදිනකවත් අයවැය පරතරය පියවාගන්නට නොහැකි විය.


මේ අතර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වාමාංශික පක්ෂ අතර ඇතිකරගත් සමගි ගිවිසුම නිසා එතුමියගේ ආණ්ඩු සමයේ භාරධුරම ඇමැති පදවිය වූ මුදල් ඇමැතිකම පිරිනැමුණේ ආර්ථික ඔස්තාර්ලා යැයි සලකන වමේ කණ්ඩායමටය. ලංකා සම සමාජ පක්ෂයේ  නායක ඇන්. ඇම්. ඊට සුදුස්සා විය.


1964 - 65 යුගයේ එම ධුරය උසුලමින් සමාජවාදී ආර්ථික චින්තන රටාව ක්‍රියාත්මක කළ ඇන්. ඇම්. මෙරට මුදල් සංසරණයේ පෙරළි රැසක් කළේය. එම පියවරවලින් පහර වැදුණේ මුදලාලි වාදයට හා ධනවාදයටය.


එතෙක් සිගරැට් කොම්පැණිකාරයන් විසින් පාලනය කරමින් තිබූ ආර්ථිකයට අභියෝග කරමින් අයවැයේදී සිගරට් මිල වැඩිකරනු වෙනුවට එකවරම ශතයකින් මිල අඩු කිරීම නිසා වැඩි මිලට විකිණීමට සිගරැට් රඳවාගෙන සිටි මුදලාලිලාට වැදුණේ මරු පහරකි.


1970-75 යුගයේ ඇන්. ඇම්. මුදල් ඇමැතිකම දරමින් රටේ සැඟවී ඇති මුදල් ආර්ථික සංවර්ධනයට යොදවා ගැනීම සඳහා උපක්‍රම දියත් කළේය. එනම් පැරණි රුපියල් 100 හා රුපියල් 200 නෝට්ටු බල රහිත කිරීමය. පැරණි නෝට්ටු වෙනුවට අලුත් නෝට්ටු මුද්‍රණය කළ අතර ඒවා මාරු කර ගැනීමට බැංකුවලට මිනිස් ගංගාවක් ගලා ආවේය. 
ධනපතින්ට තම හොර ගිණුම්වල හා පෙට්ටගම්වල රැස්කර ගෙන තිබු කෝටි ගණන් වටිනා මුදල් නෝට්ටු එළියට ගැනීමට සිදු වූ අතර සැබෑ වත්කම් හෙළිවීම නිසා ඔවුහු කලබලයට පත් වූහ. එම මුදල් රටේ ආර්ථිකයට එකතු කර ගැනීමට ආණ්ඩුවට හැකි විය. 


එසේ වුවද මුදල් නෝට්ටු මාරුවෙන් පහර වැදුණු සාමාන්‍ය ජනතාවගෙන්ද මැසිවිලි නැගුණි. පරම්පරා ගණනක් තිස්සේ බැංකුවලට නොදමා තමන් සන්තකයේ රැකගෙන සිට මුදල් නෝට්ටු බලරහිත වූ බව දැනගෙන හඬා වැලපුණු නුගත් පිරිසක් ද ඇන්. ඇම්. ගේ දැලට නොදැනීම අසුවී තිබිණ.


කෙසේ වුවද ඇන්. ඇම්. යුගයේදී මැණික් සංස්ථාව පිහිටුවීම, බැංකු ක්‍රමය ව්‍යප්ත කිරීම, සමාගම් සේවක ආරක්ෂාව සැලසීම, විදේශ සංචිත සවිමත් කිරීම, ඉහළ ශ්‍රේණියේ බදු මුදල් 56% සිට 75% දක්වා වැඩිකිරීම, වත්කම් බද්ද  3 1/2% සිට 8% දක්වා වර්ධනය වැනි පියවර තුළින් ධනපති ක්‍රමයට පහර වැදිණ.


‘‘රටේ රජකළ ප්‍රධාන පවුල් 40 කට ඇන්. ඇම්. ගේ අයවැයෙන් වැට’’


එකල පුවත්පත්වල පළවිය.


කෙසේ වෙතත් අද වන විට රුපියල් 100 යන අගයක් නොමැති නෝට්ටුවක් වී ඇති බව වෙළෙඳපොළට ගිය විට පෙනේ. අද ගනුදෙනු සිදුවන්නේ කෝටිප්‍රකෝටි මිලියන ට්‍රිලියනවලිනි. එම මුදලට මන්ත්‍රීවරුන් පවා මෙල්ලකරගත හැකි බව පසුගිය ද‌ා පෙනි ගියේය.


එද‌ා මුදල් නෝට්ටුවෙන් හරඹ පෑ ඇන්. ඇම්. වැනි සමාජවාදීන්ගේ සේවය කාලයේ වැලිතලාවෙන් වැසියමින් පවති. ජනපතිවරණය කැඳවීමත් සමගම කොටස් වෙළෙඳපොල ශක්තිමත් වෙමින් රුපියලේ අගය ඉහළ යාමට පටන්ගෙන ඇති බව පැවසේ.


අද ඩොලරයේ අගය 183.07 කි. ජනපති අපේක්ෂකයන් තම ප්‍රතිපත්ති ප්‍රකාශ කරන තුරු ලොවට බලා සිටින බව රොයිටර් පුවත්වලින් පෙනේ.

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (1)

ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්

Royfedricks Friday, 13 March 2020 11:23 PM

ඒ කාලේ රුපියල් 200 නෝට්ටු තිබුනේ නැත . තිබුනේ රුපියල් 100 සහ 50 පමණි.

:       0       12

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12093 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6796 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14478 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14836 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2759 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site