IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


හොරේ අසුවුණ බිරිඳගෙන් සැමියාට කුඩ පූජාවක්

(හික්කඩුව ඤාණදාස රන්මුතු) 
අපේ අග නගරයේ පිහිටි රජයේ එක්තරා කාර්යාලයකි. එම කාර්යාලයේ සේවය කරන විවාහක මහතෙකු පුරුද්දක් වශයෙන් සිය නිවසින් රැගෙන එන දිවා ආහාරය ගැනීමට යන්නේ සිය කාර්යාලය අසල තිබෙන මහල් හයකින් සමන්විත රජයේ කාර්යාලයක ඉහළම මහලේ පිහිටි ආපන ශාලාව වෙතය. 


මෙම කාර්යාලය අවට  තිබෙන කාර්යාලවල සේවය කරන බොහෝ දෙනෙක් ද නිවසින් රැගෙන එන දිවා ආහාරය ගැනීමට මෙම ස්ථානයට පැමිණෙති. මේ සැම මෙම කැන්ටිම වෙතම පැමිණෙන්නේ එය හරිම සුන්දර ස්ථානයක් බැවිනි. කැන්ටිමට පැමිණි පසු කොළඹ නගරයෙන් භාගයක්ම මනාව දිස්වේ. හමන සුළඟ ද ගතට සිසිලකි. අපේ කථානායකයා හීන් මනමාලයෙක් බව කාර්යාලයේ බොහෝ දෙනෙක් දැන සිටියහ. දිවා ආහාරය ගැනීමට වෙනත් කාර්යාලයක සේවය කරන කාන්තා නිලධාරියන් කීප දෙනෙක්ද පැමිණෙන්නේ ඉහළම මාලයේ පිහිටි මෙම කැන්ටිම වෙතය. 


අපේ කථානායකයා මේ නිලධාරිනියන් අතර සිටි ඇහට කනට පෙනෙන එක් නිලධාරිනියක් සමග ඇසුරට වැටුණි. කාලයක් යත්ම එම ඇසුර අනියම් සම්බන්ධතාවකට හැරුණි. දැන් දෙදෙනා දිවා ආහාරය ගන්නේ එකටය. යන්නෙ එන්නෙත් එකටය. මේ අනිසි සම්බන්ධය කාර්යාලයේ සෑහෙන පිරිසකට ද දැන ගන්නට ලැබුණි. ඒ බව අපේ කථානායකයාගේ බිරිඳගේද කන වැටුණි.  ඇය ද කාර්යාලයක ලිපිකාරිණියකි. දිවා ආහාර වේලාවට ඇයද කැන්ටිම පිහිටි කාර්යාලය අසල රැඳී සිටියේ මේ හොරය අල්ලා ගැනීමේ අපේක්ෂාවෙනි. ඇගේ සැමියා වෙනත් කාන්තාවක සමග උකුලු මුකුලු පාමින් කැන්ටිම වෙත පිය නගනු ඇය දුටුවාය. යක්ෂාවේශයෙන් මෙන් සිය සැමියා සහ කාන්තාව වෙත එකවර කඩාපැන්න ඇය එම කාන්තාවට තම අත තිබූ කුඩයෙන් එළව එළවා පහර දෙන්නට වූයේ දෙනෝදාහක් බලා සිටියදීය. 


සැමියාට කර කියා ගත හැකි කිසිවක් නොවීය. කුඩය රැගෙන ඔහු වෙත පැමිණි බිරිඳ මගේ සාරියක් නේද තමුසෙ අර ගෑනිට තෑගි කරල තියෙන්නෙ, ඒකත් ඇඳගෙන තමයි අද ඇවිත් තියෙන්නේ. 


ලැජ්ජාවෙන් මිරිකී ගිය ඔහු තම කාර්යාලයේ ගේට්ටුවෙන් ඇතුළු වූයේ සිය බිරිඳගෙන් බේරීම පිණිසය. 

 



අදහස් (0)

හොරේ අසුවුණ බිරිඳගෙන් සැමියාට කුඩ පූජාවක්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 537 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 366 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1065 1

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 827 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 704 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


පුතුගේ අවමඟුලදා තාත්තාගේ කාඩ් කුඩු
2024 අප්‍රේල් මස 20 435 0

මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1534 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site