(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)
අනුන්ට දෙන කොරෝනා සහනාධාර මල්ලක් ගැනීමට කිලෝමීටර් හැට හැත්තෑවක් මෝටර් රථයෙන් යාම් ඊම් සිදුකොට පාඩුවක් කරගත් අපූරු පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.
නගරයේ කෝටිපති ව්‍යාපාරිකයෙක් කොරෝනා ඇඳිරි නීතිය නිසා ආදායම් මාර්ග ඇහිරුණු තෝරාගත් පිරිසකට බඩු මල්ලක් නොමිලයේ ලබා දුන්නේය. රුපියල් හය හත්දහසක වියළි ආහාර ද්‍රව්‍ය ඊට අයත් විය. මේ දානපතියාගේ සත්ක්‍රියාව කිලෝමීටර් විස්සක් පමණ දුරින් සිටින ඔහුට ද සැලවූයේය. ඔහුගේ මිතුරෙකුට ලැබුණු මේ බඩු මල්ල දුටු ඔහුට ද ඊට ආශාවක් උපන්නේය. එය තමාට ද ලබා ගත්තේනම් අගේ යයි සිතූ ඔහු මේ ව්‍යාපාරිකයා හමුවීමට ද ගියේ මෝටර් රථයෙනි. ඒ ගිය මෝටර් රථය මග දමාය. තමා අහිංසකයකු බවත් කොරෝනා ව්‍යසනය නිසා සියලු ආදායම් මාර්ග ඇහිරී ඇති බවත් ඔහු කීවේ දෙනෙතින් ගලා හැලෙන කඳුළු කැට අතරිනි.
ඔහුගේ අසරණ විලාසය දුටු ව්‍යාපාරිකයාට දුක සිතුණේය. ‘අපි බඩු මළු දුන්නේ තෝරගත් පිරිසකටයි. දැන් නම් බඩු මළු ඉවරයි. බලන්න ඔයා හෙට උදේ එන්න’ යයි ව්‍යාපාරිකයා කීවේය. කිලෝමීටර් විස්සක් පමණ දුර ගෙවා මෝටර් රථයෙන් ගිය ඔහු යළිත් නිවෙසට කිලෝමීටර් විස්සක් දුර ගෙවා ආවේ කිලෝමීටර් හතළිහක ගමන් දුරක් නිමා කරමින් ජයග්‍රාහී විලාසයෙනි. ගිය වැඩේ හරි ගියා යයි සිය භාර්යාවට වහසි බස් දොඩමින්ය. හෙට මම නොමිලයේ හය හත් දහසක් පමණ වටිනා බඩු මල්ලක් ගෙන එන බව කියමිනි.
මෝටර් රථය මග දමා ඔහු පසු දින ද ව්‍යාපාරිකයා හමුවීමට ගියේය. එසේ ගිය ඔහුට ලැබුණේ ඊට පෙර දින අයට දුන් බඩු මල්ල නොව පොඩි ෂොපින් බෑගයක දමා ගෙන යා හැකි බඩු ටිකකි. මුහුණ ඇඹුල් කරගෙන එය ගත් ඔහු තවත් කිලෝමීටර් තිහ හතළිහක් යාම් ඊම් කොට මේ බඩු මල්ල නිවෙසට ගෙන ගියේය. මේ බඩු මල්ල දුටු ඔහුගේ භාර්යාවට යකා නැග්ගාය. ඇයි මෝඩ මිනිහෝ තමුසේ ඔය බඩු ටික ගේන්න ගහපු තෙල්වලට වියදම් කළ මුදලින් ඒ වගේ දෙකක් ගන්න තිබුණා යයි ඇය කී විට ඔහු නිහඬව සිටියේ ඒ කාරණාව සත්‍යයක් බව වැටහුණු බැවිණි. කපටිකමෙන් හැමදාමත් ජීවත් විය නොහැකි බව ඔහුට සිතුණේ අනුන්ට ලැබෙන දේට ලෝභකම් කොට ඒවා ගැනීමට මීට පසු නොයමි යයි සිතමිනි.
විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට
අලුත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලුණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය
වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ
අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ.
අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ
එළැඹෙන අලුත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං” වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සහනාධාර මල්ලට කෑදර වී දෙගුණයක් පාඩු කරගෙන