ඇය විසි හතර හැවිරිදි තරුණියකි. ඉහළ අධ්‍යාපනයක් නොලැබුවත් ඇයටත් අනෙක් යෙහෙළියන්ට මෙන් රැකියාවක් කිරීමේ ආසාවක් ඇති විය. එහෙත් ඇඟලුම් කම්හලක රැකියාවට ඇයගේ එතරම් කැමැත්තක් නොවීය. මේ අතර අහම්බෙන් ඇයට රැකියාවකට මං පෑදිණ.
රැකියාව පදිංචි දිස්ත්‍රික්කයෙන් පිට දිස්ත්‍රික්කයක කෙළවර පිහිටි කම්හලකය. එම කම්හල පිහිටි ප්‍රදේශයේ සියයට අනුවකගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ තේ කර්මාන්තයයි. දිනපතා නිවසේ සිට රැකියාවට යාම අපහසු නිසා ඇයට කම්හල ආශ්‍රිතව නේවාසිකාගාරයේ සුව පහසු කාමරයක්ද ලැබිණි.
ඇය රැකියාවට ගොස් මාසයක් ගතවීමට පෙරම නොසිතු ලෙස වාසනාව ඇය වටා කැරකෙන්නට විය. ඒ කම්හල් කළමනාකරුගේ පුතාය. ඔහු විසි එක් හැවිරිදි තරුණයෙකි. ඔහු සමග හෝටල් කාමරවල ඇඳන් මත සිටින විට සුව පහසු යාන වාහන සුවිසල් නිවාස වතු නිලධාරින්ගේ සුහද හමු ඇයට මැවී පෙනෙන්නට විය.
මේ අතර දෙදෙනා දිනක් ගාල්ල නගරාසන්නයේ හෝටලයකට පැමිණයහ. හෝරා කිහිපයක් එහි ගතකිරීමෙන් පසු ඔහු මෝටර් රථයෙන් ඇය බස් නැවතුම් පොලට කැඳවාගෙන ආවේය. “දැන් කොහෙද යන්නේ” ඔහු ඇසුවේය.
“මම ගෙදර ගිහිල්ල හෙට එන්නම්. හුඟාක් කාලෙකින් ගියේ නැහැ”ඇය කිවාය.
පසුව ඔහු මෝටර් රථයෙන් පිටත්ව ගිය අතර ඇය බස් නැවතුම් පොලේ නතර වූවාය. ටික වේලාවකට පසු ඔහු ඇයගේ ජංගම දුර කතනයට කතාකර ඉන්නේ කොහේදැයි විමසීය. “මම මේ මහ වීදියෙ කඩේකට ආවා. අම්මට ඇඳුමක් ගන්න.” ඇය කීවාය. එහෙත් එසේ කියා වැඩි වේලාවක් යන්නට පෙර පිටුපසින් පැමිණි මෝටර් රථයක් ඇය අසල නතර කළේය.
මෝටර් රථයෙන් බැස ගත්තේ මෙයට ටික වේලාවකට පෙර යහන් ගතව සිටි කම්හල් කළමනාකරුගේ පුතාය. අවාසනාවට මෙන් ඇය සිටියේ තවත් තරුණයෙකුගේ අත අල්ලා ගෙනය. මෙයට පෙර දැනහැඳින ගෙන සිටි එම තරුණයා සමග ඇය ගාලු කොටුවට යමින් සිටියාය. මෝටර් රථයෙන් බැසගත් ඔහු “ඇයි මට බොරු කිව්වේ” කියමින් අත මිට මොලවා ඇයගේ මුහුණට වේගයෙන් පහරක් එල්ලකර මෝටර් රථයට නංවා ගත්තේය. ඇය සමග සිටි තරුණයා අන්ද මන්දවී බලා සිටියේය.
“මම ඔක්කොම බලාගෙන හිටියේ කව්ද ඒ හාදයා” ඔහු ඇසුවේය.
“ඒ මම අඳුනන ගමේ යාලුවෙක්” ඇය කීවාය. ඇයගේ මුහුණ රතුවී ඉදිමී තිබිණ. පසුව ඔහු ඖෂධ ශාලාවකට ගොස් අයිස් බෑගයක් ගෙනැවිත් මෝටර් රථය තුළදීම ප්‍රථමාධාර දුන්නේය. ඉන්පසු ඇය නිවසට යන බව පවසා මෝටර් රථයෙන් බැස ගියාය. එහෙත් ඇය ගියේ පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයටය.
උණවටුන – ඩී.ජී. සුගතපාල
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලොක්කගෙ පුතාගේ ‘ලව් එක’ ගමේ කොල්ලට මාරුවෙලා