(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
බීමත්ව රිය පැදවීමේ වරදට අත්අඩංගුවේ පසුවන පුතාට ඇප ලබාගැනීමට පැමිණෙමින් සිටි පියා ද බීමතින් රිය පැදවීමේ වරදට හසුව පිය පුතු දෙපළටම එකම සිර මැදිරියේ රැය ගත කරන්නට සිදු වූ පුවතක් 1 වැනිදා වේයන්ගොඩ පොලිසියෙන් වාර්තා විය.
“අමුත්තන්ගේ රාත්‍රිය” විශේෂ රථ වාහන සෝදිසි මෙහෙයුමක දී මෙම පිය පුතු දෙදෙනා මෙසේ බීමත්ව රිය පැදවීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි.
විශේෂ මෙහෙයුමේ යෙදී සිටි වේයන්ගොඩ පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් යතුරුපැදිකරුවකු පරික්ෂා කිරීමේ දී ඔහුගේ මත්පැන් ගඳ වහනය වීම හේතුවෙන් පොලිස් ස්ථානයේ දී සිදුකළ ස්වසන නළ පරීක්ෂාවකින් පසුව ඔහු බීමත්ව සිටි බවට අනාවරණයවී පොලිස් සිරමැදිරියට දමා ඇත.
අත්අඩංගුවට පත් පුත්‍රයාට ඇප ලබා ගැනීම සඳහා යතුරුපැදියකින් පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටි ඔහුගේ පියා වේයන්ගොඩ කළගෙඩිහේන මංසන්ධිය අසල දී වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අයිනේ නවතා තිබූ මෝටර් රථයක පසුපස ගැටීමෙන් රිය අනතුරක් සිදු වී ඇත.
එහිදී වේයන්ගොඩ පොලිසියේ නිලධාරීන් රිය අනතුර සම්බන්ධව සිදුකළ පරීක්ෂාවේදී එම යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයා මත්පැන් පානය කර ඇති බවට අනාවරණය කරගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ගෙනැවිත් පොලිස් සිරමැදිරියට දමා ඇත.
පොලිස් නිලධාරීන් හට දැන ගැනීමට ලැබී ඇත්තේ බීමතින් රිය පැදවීමේ වරදට අත්අඩංගුවට ගත් පුත්‍රයාට ඇප ලබා ගැනීම සඳහා පැමිණෙමින් සිටිය දී රිය අනතුරක් සිදුකර ගත් මෙම පුද්ගලයා ඔහුගේ පියා බවය.
මතින් සන්තර්පණය වූ පිය පුතු දෙදෙනාටම වේයන්ගොඩ පොලිස් ස්ථානයේ එකම සිර මැදිරියක රාත්‍රිය ගත කරන්නට සිදුවිය.
බීමතින් රිය පැදවීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පියපුතු දෙදෙනා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.
වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.කේ.එස්. ජයතිලක මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම මෙහෙයුමට එක්ව සිටියහ.
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා
මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බීලා රිය පැදවූ පුතාට ඇප දෙන්න ආ තාත්තාත් බීලා අසුවී එකම කූඩුවේ