(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
පෙට්‍රල් ලබා ගැනීම සඳහා රියැදුරා පෝලිමේ ගතකළ දවස වෙනුවෙන් කුලියද සමඟ ත්‍රිරෝද රථයේ ගාස්තුව ගෙවන්නට කුලී ගමනක් ගිය පුද්ගලයකුට සිදුවූ පුවතක් අගනුවරට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි
පෞද්ගලික අංශයේ ආයතනයක සේවයේ නියුතු වූවකු ඉකුත් සෙනසුරාදා දිනය වෙන්කර ගත්තේ සිය මෝටර් රථයට පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝලිමේ ගත කිරීම වෙනුවෙනි.
ඒ අනුව ඔහු උදෑසනම නිවෙසින් පිටත්ව ගියේ පස්වරු 1ට නියමිත සිය කුඩා දියණියගේ උපකාරක පන්තියට ඇය කැටුව යාමට නැවත පැමිණීමට හැකිවේයැයි බලාපොරොත්තුවෙනි.
ඒ වන විටත් කිලෝ මීටරයක් පමණ දිගට විහිදී ගොස් තිබූ පෝලිමට ඔහු එකතු වුණි.
කෙසේ වෙතත් බලාපොරොත්තුවෙන් පැමිණි ලෙස ඔහුට දියණිය පන්තියට කැටුව යාමට වේලාව ප්‍රමාණවත් නොවීය.
ඔහු අසල්වැසි ඥාතියකුට දුරකථන ඇමතුමක්දී දරුවා පන්තියට කැටුව යන ලෙස කීවේය .
ඒ අනුව ඥාතියා ත්‍රිරෝද රථයකින් දරුවා පන්තියට ඇරලවා පැමිණියේය .
පොල්ගස්ඕවිට සිට පන්නිපිටියට යාමට සහ ඒමට ගමනේ දුර කිලෝ මීටර 20ක් ලෙස මීටරයේ සටහන්වී තිබුණත් ගාස්තුව එහි සටහන්ව නොතිබිණ .
‘‘කීයද ගාන?” ඔහු රියදුරාගෙන් විමසීය . කිලෝ මීටරයකට අසූව ගානෙ 1600/=යි. රියැදුරා කීවේය. ගාන ඇසූ ඔහුට දවල් තරු පෙනුණේය .
කෙසේ වෙතත් ත්‍රිරෝද රථ පිළිබඳව අවබෝධයක් තිබූ ඔහු මුදල් දීමට පෙර රියැදුරා සමඟ කෙටි කතාබහක යෙදෙන්නට අමතක නොකළේය.
දැන් ඔයාට මේ ගමනට යන්නෙ පෙට්‍රල් ලීටරයයි. ඒකට රුපියල් 338/=යි. සාමාන්‍යයෙන් අනෙක් වියදම් සහ ලාබයත් සමඟ වාහන අයකරන්නෙ තෙල් කුලිය වගේ තුන් ගුණයක් නේ. එතකොට සම්පූර්ණ ගණන රුපියල් 1014/=යි. හොඳයි ගණන රවුම් වෙන්න 1100/= යි කියමුකෝ” ඔහු ගණන හදා පෙන්නුවේය.
‘‘ඒ ගණන්වලට දැන් බෑ මහත්තයා . ඒ ඉස්සර. අපි දැන් දවසක් තෙල් පෝලිමේ ගත කරනව. දවස් දෙකක් දුවනවා. එතකොට පෝලිම් ගාස්තුවත් මහත්තයලගෙන්ම තමයි ගන්න වෙන්නෙ. ඒකට තමයි ඔය රුපියල් පන්සීය ගන්නෙ.” රියැදුරා ද ගණන හදා කීවේය.
මහත්තයාට කට උත්තර නැති විය. ඒකත් ඇත්ත තමයි කියූ ඔහු සම්පූර්ණ මුදල රියැදුරාගේ අතේ තැබුවේය.
මුදල් ලබාගත් රියැදුරා නොපෙනී යනතුරු මහත්තයා විස්සෝපයෙන් යුතුව බලා සිටියේය.
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
තෙල් පෝලිමේ හිටියාටත් ත්‍රිරෝද රියැදුරා ගාන කපාගෙන