IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ත්‍රිරෝදය​ පෝලිමේ තියා තෙල් ගන්න ගිහින් ජංජාලයක්

(ගම්පහ තිලකරත්න දිසානායක)
ගම්පහ නගරයට නුදුරු ප්‍රදේශයක පිහිටි ඉන්ධන පිරවුම්හලකට පෙට්‍රල් රැගෙන විත් ඇති බව සැලවීම මත, බූලියකට පෙට්‍රල්  ගැනීම පිනිස ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයකු රථය, ත්‍රිරෝද රථ පෝලිමේ තබා යාමෙන් ජංජාලයක් සිදුවූ ආකාරයක් දක්නට ලැබිණි. 


ඉකුත් සතියේ දිනෙක පිරවුම්හලට පෙට්‍රල් ලැබීම මත මෝටර් රථ, යතුරු පැදි සහ ත්‍රීරෝද රථ විශාල සංඛ්‍යාවක් රැගෙනවිත් තිබූ අතර දිගු ත්‍රිරෝද රථ පෝලිමෙහි හිමිකරුවෙකු නොමැති ත්‍රීරෝද රථයක් වූයෙන් ඊට පසුපස රථයෙහි සිටි තැනැත්තා එම ත්‍රිරෝද රථය වරින්වර මීටර් සීයකට වැඩි දුරක් ඉදිරියට තල්ලු‍ කරමින් රැගෙන ගියේ එහි රියැදුරා යම් හදිස්සියකට ගොස් ඇති බව සිතමිනි.  


මෙසේ පැය භාගයක පමණ කාලයක් ගතවීමෙන් පසුව එක්තරා පුද්ගලයෙක් ඉන්ධන පුරවාගත් බූලියක් රැගෙන විත් එම ත්‍රිරෝද රථයට නැගී යන්නට සූදානම් විය. 


මෙය දුටු පසුපස ත්‍රිරෝද රථයෙහි රියැදුරා වහාම ඔහු අසලට පැමිණ”‍ ගෝරනාඩු කළේය. 


 මොන පිස්සුවක්ද කළේ මනුස්සයො, මම මෙච්චර දුරක් මේක තල්ලු‍ කළේ තමුසෙ හදිස්සියකට යන්න ඇතිය හිතලයි. බූලියට පෙට්‍රල් ගන්න ආවනම් මේක පෝලිමේ ගැහුවෙ මොන මඟුලකටද? මේක පැත්තකින් නවත්තලා පෙට්‍රල් ගන්න තිබුණනෙ. විඳින කරුමවලට මේව තවත් කරුම තමයි. 


තමන් කළේ ලොකු වරදක් බව තේරුම් ගත් එම ත්‍රිරෝද රථයේ රියැදුරා, පිරවුම්හලෙන් පිටවගියේ වචනයක්වත් නොදොඩා හිස පාත්කර ගනිමිනි.



අදහස් (0)

ත්‍රිරෝදය​ පෝලිමේ තියා තෙල් ගන්න ගිහින් ජංජාලයක්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 150 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1015 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1369 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 984 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


සොහොන් කොත වැරදී කණුවට ඉටිපන්දම් පත්තු කරලා
2024 අප්‍රේල් මස 08 822 0

සිය මාමණ්ඩියගේ සොහොන යැයි සිතා සූර් පිට කිලෝ මීටර් කණුවකට ඉටි පන්දම් පත්තු කර පැමිණි පුද්ගලයකු පිළිබඳව වයඹ පළාතේ එක්තරා ගමකින් වාර්තා වේ. සිද්ධිය මෙසේ


ඇප වෙලා අලි අමාරුවක වැටිලා
2024 අප්‍රේල් මස 05 1227 0

හේ දකුණේ ප්‍රසිද්ධ චරිතයකි. පියා ද වැදගත් රැකියාවක් කරමින් සිට විශ්‍රාම ලබා හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් මියගියේ ය. මෙහිදී මියගිය අයගේ වැඩිමහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 135 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1410 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1342 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site