IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කාර්යාල උපන්දින හාදුවෙන් බිරියට සැමියා එපාවෙලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
කාර්යාලයීය සහෝදර සේවිකාවට උපන් දිනය දා දුන් හාදුවෙන් සිය බිරිය සිය භාරයට ගැනීමට සතියක් දෙකක් මහන්සි ගන්නට සිදුවූ සේවකයකු පිළිබඳව අසන්නට ලැබුණේ දකුණේ මැද නගරයකිනි.


කොරෝනා ව්‍යසනය මධ්‍යයේ වුවද ඇය සිය උපන් දිනය චාමයට සමරන්න කටයුතු කළේ එය තිස්වැනි උපන් දිනය නිසාය. සිය උපන් දින කේක් ගෙඩිය ඇය සිය සහෝදර සේවකයන් සමග කපන්න තීරණය කළේ ඒ වනවිට නිවෙසේ අයට වඩා කාර්යාලයේ අයට ළෙන්ගතුව සිටි නිසාවෙනි. එහි සිටි සියල්ලෝම ඇයට සහෝදරයෝය. සහෝදරියෝය.


සුබ පැතුම් මධ්‍යයේ කාර්යාලයේදී කැපුණු ඒ කේක් ගෙඩියේ කෑලි සිය සහෝදර සේවක සේවිකාවන්ට ඇය කැවුවේ සහෝදරත්වයෙනි. ඒ සමගම සහෝදර සේවක සේවිකාවන් ඇයට සුබ පැතුවේ උණුසුම් හාදු වැස්සකිනි. තම ජංගම දුරකථනවලින් ඡායාරූප ගැනීම මෙන්ම වීඩියෝ කිරීමද මෙහිදී අතොරක් නැතිව සිදුවූයේ එය සාමාන්‍ය දෙයක් වූ නිසාය. 


ඒ උපන් දින සැමරුම මෙන්ම දවසේ රාජකාරිද නිමවූයේය. ඔහු නිවෙසට ගියේය. බිරිය නිවෙසේ නොසිටියාය. ඇය සිය නිවෙස බලා ගොසිනි. ඒ පිළිබඳව සොයා බැලීමේදී දැන ගන්නට ලැබුණේ කාර්යාලයේ සේවිකාව ඔහුට කේක් කවන අයුරු හා ඔහු ඇයට හාදුවක් දෙන අයුරු ඡායාරූප දෙකම ඇයගේ දුරකතනයට වට්ස්ඇප් මගින් ලැබීමත් නිසාය. එයින් උරණව සිය සැමියාටද නොදන්වා ඔහුගේ මෑණියන්ටද මේ වගේ අශීලාචාර පුතකු හැදුවාට දෙස් දෙවොල් තියා ඇය සිය නිවස බලා ගොස් තිබුණි.


සිය බිරියගේ මොළයේ තරම දන්නා සිය සහෝදර සේවක, සේවිකාවන් විනෝදාස්වාදයක් ලබා ගැනීමට මේ කළ දෙයින් දැන් තමා වැටී ඇත්තේ ලොකු අමාරුවක බව දැනගත් ඔහු බිරිය ගෙන්වා ගැනීමට අපමණ මහන්සියක් ගත්තේය. එය පල දැරුවේ කාලයක් ගතවී ගොසිනි. එක එක්කෙනාගේ පැහැදිලි කිරීම් මධ්‍යයේය. මේ සේවිකාව තවත් සහෝදර සේවකයන්ට කේක් කවන අයුරු හා ඔවුන් ඇයට හාදු දී සුබ පතන අයුරු ඡායාරූප පෙන්වීම එයට හොඳම නිදසුනක් වුණාලු. 

 



අදහස් (0)

කාර්යාල උපන්දින හාදුවෙන් බිරියට සැමියා එපාවෙලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 454 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 761 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 626 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1133 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 877 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 757 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site