IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කකුලේ අමාරුවට ගෙදර සිටි සැමියා බඹරු දැකලා පිම්මේ දුවලා

(වියලු‍ව වාර්තාකරු) 
පාදයක ආබාධයක් ඇතැයි පවසමින් නිවෙසේ කටයුතු මග හරිමින් තම ඥාතීන්ගෙන් ඇප උපස්ථාන ලබමින් ඥාතීන් පමණක් නොව ප්‍රදේශවාසීන් ද මුළාවට පත් කරමින් සිටි පුද්ගලයකු නිවෙසට බඹර රංචුවක් කඩා වැදුණු පුවතක් අසා අතේ තිබූ අත්වාරුව ද විසි කර නිවෙසේ සිටි තම ඥාතීන් ද පෙරළා දමා හැල්මේ දිවූ බව කියවෙන පුවතකි.


සිද්ධිය මෙසේය.


විවාහකයකු වුව ද ඔහු උපන්ගෙයි කම්මැලියෙකි. මීට කලකට පෙර ගසකින් ඇද වැටීම නිසා පාදයක ආබාධයකින් පෙළුණු හෙතෙම වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවය ලබා සිටිය ද තමුන්ට තවමත් සුවයක් නැතැයි පවසමින් හැරමිටියක ආධාරයෙන් එහා මෙහා ගමන් කළේ කිසිදු වැඩපළක් ද කළ නොහැකි බව පවසමිනි.


මේ නිසාම දරුවන්ගේ දෛනික කටයුතු මෙන්ම නිවෙසට අවශ්‍ය ආහාරපාන ආදිය සපයා ගන්නට ද ඔහුගේ බිරියට සිදු වූයේ කළ හැකි අන් මගක් නොමැති නිසාවෙනි.


එදිනෙදා කුලියක් කර කීයක් හෝ සොයා ගන්නා බිරියට නිවෙසට පැමිණ ඇතැම් විට ආහාර පිළියෙල කරන්නට ද සිදු වූයේ ඔහුගේ කම්මැලිකම නිසාය. එහෙත් සැබැවින්ම තම සැමියාට කිසියම් ආබාධිත තත්ත්වයක් ඇතැයි සිතූ ඇය ඒ පිළිබඳ කිසිත් නොකියා ඔහුට ද හැකි අයුරින් ඇප උපස්ථාන කළේය.


එය වාසියකට ගත් මෙම පුද්ගලයා ද සියලු‍ ගමන් බිමන් හැරමිටිය ආධාරයෙන් සිදු කළ අතර, කඩපළට ගිය ද රජයේ ආයතනයකට හෝ රෝහලකට ගිය ද තම ආබාධය පෙන්වා එතැනින් විශේෂ සැලකිලි ලබා ගන්නට තරම් කෛරාටික වූයේය.


පසුගිය දිනක හිටි හැටියේම දෙබර රංචුවක් මෙම නිවෙසට කඩා වැදුණේ කිසිවකුත් නොසිතූ පරිද්දෙනි. දෙබර රංචුවක් කඩා වදින බව පවසමින් අසල්වැසි නිවෙස් කිහිපයක පිරිස් ද හිස් ලූ ලූ අත දිව යන්නට වූ අතර, මෙම පණිවිඩය කන වැකුණු මෙම ආබාධිතයා ද අතේ වූ හැරමිටිය ද පසෙකට විසිකර ඔවුන්ටත් පෙර දිව යන්නට වූයේ තම ආබාධිත බව ද අමතක කර දමමිනි.


මෙතෙක් කලක් ඔහු අනුගමනය කළ උප්පරවැට්ටිය ඇස් පනාපිටම දැකගත් ඥාතීන්, වැඩට ගොස් නිවෙසට පැමිණි ඔහුගේ බිරියට සියලු‍ තතු පවසා සිටියේ තවදුරටත් ඔහු නිවෙසේ තබාගෙන ඇප උපස්ථාන කළ යුතු නැති බව ද පෙන්වා දෙමිනි.
දැන් ඔහු ද බිරිය සමග කුලී වැඩට යන බව ප්‍රදේශවාසීහු පවසති.



අදහස් (0)

කකුලේ අමාරුවට ගෙදර සිටි සැමියා බඹරු දැකලා පිම්මේ දුවලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 473 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 310 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1046 1

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 821 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 701 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


පුතුගේ අවමඟුලදා තාත්තාගේ කාඩ් කුඩු
2024 අප්‍රේල් මස 20 432 0

මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site