IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අනියම් බිරියට උදව් කරන්න ගිහින් සැමියා බාල්දියක් පෙරළාගෙන

(කෑගල්ල අධිකරණ චමින් ද වැවතැන්න)
කොරෝනා ආසාදිතයකු ඇසුරු කළායි පවසා නිවසේ නිරෝධායනය වෙමින් සිටි අනියම් බිරියට වියළි ආහාර ද්‍රව්‍ය ගෙන යාමට සැරසෙද්දී බිරියගේ අතටම හසු වී ඇතැයි කියන පුද්ගලයකු සම්බන්ධයෙන් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


කෑගල්ල ප්‍රදේශයේ පදිංචි අදාළ තිදරු පියා ලොරි රථ රියැදුරු රැකියාව කරන අතර බිරිය රඹුක්කන ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවය කරන්නීය.


මොවුන් දෙදෙනා රැකියා සඳහා ගොස් ආපසු සවස නිවසට පැමිණෙන තුරු දරු තිදෙනා බලා ගනු ලබන්නේ පියාගේ මව විසිනි.
මෙම තිදරු පියා කලක සිට ගම් කිහිපයකට එහා  පදිංචි සැමියා මියගිය එක් දරු කාන්තාවක සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යයි. සම්බන්ධතාව කලක් බිරියට හොර රහසසේ පවත්වාගෙන ගිය ද වැඩි කාලයක් යන්නට පෙර බිරිය සැමියාගේ අනියම් සම්බන්ධතාව පිළිබඳ අසල්වැසි කාන්තාවක් මාර්ගයෙන් දැන ගත්තාය. දෙදෙනා අතර පසුව මත ගැටුම් පැවති අතර දරු තිදෙනාගේ නාමයෙන් සම්බන්ධතාව අත් හරින ලෙස කීප අවස්ථාවකදීම තරුණ සැමියාට බිරිය හා නැන්දම්මා කීවාය. ස්ථිරව අනියම් සම්බන්ධතාව නවත්වන බවට තරයේ ප්‍රකාශ කළ තිදරු පියා රහසිගතව සම්බන්ධතාව දිගින් දිගටම පවත්වාගෙන ගියේය.


මෙම අනියම් කාන්තාවට අවුරුදු 12 ගැහැනු දරුවකු සිටින අතර ඇගේ සැමියා කලකට ඉහත දී ගසකින් වැටී ජීවිතක්ෂයට පත්ව තිබුණි. තරමක් සුරූපී මෙම කාන්තාව කෑගල්ල ප්‍රදේශයේ වෙළෙඳ ආයතනයක සේවය කළාය.


මීට දින කිහිපයකට ඉහත දී අසල්වැසි නිවසක පදිංචි කොරෝනා ආසාදිතයකු නොදැන ඇසුරු කර ඇති හෙයින් දින 14 ක කාලයක් නිවසේ නිරෝධායනය වන ලෙස ඇයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් දන්වනු ලැබ තිබේ. තමා නිරෝධායනය වන බව එක් දරු මව දුරකතනයෙන් අනියම් සැමියාට දැන්වූවාය.


සිය බිරිය වෙ​ෙළඳ සලට ගිය අවස්ථාවේ දී නිවසේ තිබූ ආහාර ද්‍රව්‍ය අනියම් කාන්තාවට දීම සඳහා සැමියා බෑගයකට දමමින් සිටියදී නොසිතු ලෙස පැමිණි බිරියට හොරය අතටම හසුවිය. මේ පිළිබඳව විමසද්දී දෙදෙනා අතර යළි මත ගැටුම් ඇති වන්නට වියැයි කියයි.

 



අදහස් (0)

අනියම් බිරියට උදව් කරන්න ගිහින් සැමියා බාල්දියක් පෙරළාගෙන

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 542 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 890 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 936 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1246 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1581 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 1026 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site