IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අත දරුවාත් බිරියත් රැගෙන බාර් එකට ඇවිත්

 තරුණ ව්‍යාපාරිකයාගේ ජීවන රටාව හිටි හැටියේම වෙනස්වන්නට විය. වෙනදාට නගරයේ කෙරෙන ව්‍යාපාරික කටයුතු අඳුර වැටෙන්නට පෙර අහවර කොට නිවසට පැමිණීම පුරුද්දක් කරගත් ව්‍යාපාරිකයා මාස 3-4 සිට නිවසට පැමිණෙන්නට වූයේ රාත්‍රී දහයේ කණිසමත් පසුවූ විටය.


 තිදරු මවක වූ ව්‍යාපාරිකයාගේ බිරියට මේ වෙනස්වීම ප්‍රහේළිකාවක් විය. පසුව බිරිය මේ පිළිබඳව විපරම් කර බලන්නට විය. වැඩි දිනක් යන්නට මත්තෙන් සැමියාගේ ප්‍රමාදය සොයා ගන්නට නිවසට කොටුවී සිටි බිරියට හැකිවිය. සැමියාගේ මේ ක්‍රියා කලාපයට නැවතීමේ තිත තබන්නට තීරණය කළ බිරිය දිනක් රාත්‍රී 8.30 පමණ වැඩිමහල් දරුවන් දෙදෙනාට රූපවාහිනිය නරඹන්නට සලස්වා මාස තුනක් පමණ වූ අත දරුවා රැගෙන ත්‍රිරෝද රථයකින් ගොස් කෙලින්ම නතර වූයේ නගරයේ ප්‍රසිද්ධ  අවන්හලක් තුළය. 


බිරියට  ලැබුණු ඔත්තුව හරියටම හරිය. මිතුරන් කිහිප දෙනෙකු සමග ව්‍යාපාරික සැමියා මධු විතෙන් පදම් වෙමින් සිටියේය.


බිරිය අත දරුවා සමග ගොස් කෙලින්ම සිට ගත්තේ සැමියා අසලය. මත්පැන් වීදුරුව අත දරාගෙන සිටි සැමියාට බිරිය දුටු ගමන් හීන් දාඩිය දමමින් නැගිට්ට වුණේ ඉබේටමය. කෙලින් සිටගන්නට බැරිව සිටි සැමියා  අත තිබූ වීදුරුව වෙව්ලන්නට විය.


 මිතුරන් දෙසවත් නොබලා හෙමින් සිරුවේ ගොස් ත්‍රිරෝද රථයට නැගුණු ව්‍යාපාරික සැමියා සුවච කීකරු ගෝලයකු ලෙස නිවසට පැමිණියේ සුපුරුදු ජීවිතයට නැවතීමේ තිත තබමිනි.  

(මඩුල්ල සේනක බණ්ඩාර සහ මොනරාගල අතිරේක කේ.එම්.පී. බණ්ඩාර)



අදහස් (0)

අත දරුවාත් බිරියත් රැගෙන බාර් එකට ඇවිත්

චින්තක Tuesday, 10 January 2017 08:04 AM

මාස 3-4 ක් යනකම් මධුවිතේ ගඳවත් මේ බිරිඳට දැනුනේ නැද්ද? (නි)

:       0       0

මලික් Thursday, 12 January 2017 09:22 PM

දරුවාට යමක් කමක් තවම නොතේරෙන එක හොඳයි

:       0       0

ඉන්ද්‍රා Tuesday, 10 January 2017 10:49 AM

බිරිඳ හොඳ ඉවසීමෙන් වැඩකළ නිසා බේරුනා (නි)

:       0       0

එඩ්වඩ් Tuesday, 10 January 2017 11:58 PM

බිරිඳට ගරුකරන හොඳ සැමියෙක් (නි)

:       0       0

සෝමරත්න Wednesday, 11 January 2017 03:36 AM

මේවා බොරු රඟපෑම්. කොච්චර බිවුවත් යටිහිත සීරුවෙන්. මැරෙන්න තියන බය තියනවා. යටිහිත අවදියෙන්. හොඳටම බිවුවොත් සිහිය නැතුව වැටෙනවා. බීලා කරන්නේ යටිහිතේ තියන අදහස්. වීරෝයෝ වෙන්නේ බිවුවම. මේ කතාවේ ස්වාමියා ගොඩක් හොඳයි. එමනිසා බිරිය සමඟ ගෙදර ගියේ. (නි)

:       0       0

ලක්ෂි Tuesday, 10 January 2017 06:26 AM

සුවච කීකරු ස්වාමි පුරුෂයෙකු නිසා මේ වැඩේ ගොඩින් බේරුනා,නමුත් පිරිමි බොනතැන්වලට බලෙන් කඩාවදින්න එපා. එ් වෙලාවට ඹවුන් ඉන්නෙ හරි සිහිකල්පනාවෙන් නොවේ. (බ)

:       0       1

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 409 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 736 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 605 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1130 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 874 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 752 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 318 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site