IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මවගේ මිනිය බෙදාගන්න බැරිව දු දරුවෝ පොලිසි යති

ඈ දරුවන් හය හත් දෙනකුගේ මවකි. 74 වැනි වියේ පසුවූ ඈ පසු ගිය දිනක මියගියේ පුතුගේ ගෙදර සිටියදීය.
මවගේ අවසන් කටයුතු තම නිවසේදී කළ යුතු බව පැවසූ පුතු ඒ සඳහා සියලූ කටයුතු සූදානම් කර සිරුර ළඟම පිහිටි මල් ශාලාවට භාර දුන්නේය. මේ ගැන උරණ වූ සෙසු දු දරුවෝ මවගේ අවසන් කටයුතු මවගේ මහගෙදරදී සිදු කළ යුතු බව තරයේ කියා සිටියහ. මවගේ සිරුර බෙදාගැනීමට බැරිවූ තැන දු දරුවෝ පොලිසි ගියහ.
කහතුඩුව පොලිසිය ඔවුනට කොතෙක් අවවාද කළත් ඉන් පලක් නොවූ තැන පොලිසිය කියා සිටියේ සිද්ධිය අධිකරණයට යොමු කරන බවය.
සිද්ධිය දුර දිග යන බව දැනගත් දු දරුවෝ පසුව සමාදානයකට එළඹ මවගේ අවසන් කටයුතු එක්වී සිදු කළහ.



අදහස් (0)

මවගේ මිනිය බෙදාගන්න බැරිව දු දරුවෝ පොලිසි යති

යොහාන් Thursday, 09 May 2013 07:30 AM

හේරත්,වැදූ මව විතරක් නොවෙයි, මිය ගිය මවටත් කරන්නේ නිගාවක් (නි)

:       0       0

ශීලිය Friday, 10 May 2013 09:02 AM

මියගිය මවට පින්දීමෙන් ඇගේ ආත්මයට සලකන්න. (නදී)

:       0       0

වරුණ Thursday, 09 May 2013 07:40 AM

මමත් ගියා ඊයේ පෙරේදා ඔය වගේ මළ ගෙදරකට. අම්මා ඔත්පලවෙලා අවුරුදුගණනක් හිටියා. දරුවෝ 4ගෙන් තුන් දෙනෙක් පැත්තවත් බැලුවෙ නැහැ. මැරුනට පස්සේ ඇවිල්ලා ඉතිරි තුන්දෙනත් ඒගොල්ලන්ගේ දරුවෝ එක්කම (නි)

:       0       0

සරසි Thursday, 09 May 2013 02:35 PM

අනිවාර්යෙන් මහගෙදර බුරු පිටිය දාන්න වෙන්න ඇති, පව් කාර දරුවෝ.(නදී)

:       0       0

නෙතුමි Thursday, 09 May 2013 09:21 AM

ඉන්නකම් අම්මා බෙදාගන්න දැගලුවා නම් සතුටුවෙන්න තිබුනා සළකගන්න තියෙන ආසාව කියලා. ඒත් මෙහෙම රණ්ඩු වෙන්නේ රටේ ලෝකෙට සැලකුවේ මම කියලා පෙන්නලා නම්බු නාම ගන්න වෙන්න ඇති. මව සිටිය නිවසටම දුන්නා නම් ඉවරයි. (නි)

:       0       0

අජිත් Sunday, 12 May 2013 02:49 PM

ඔහොම වැඩ කරන දු පුත්තු අපේ රටේ කොච්චරවත් ඉන්නවා. බොහොම දෙනෙක් ප්‍රභූ කියා ගත්තු මට්ටමේ මිනිස්සු, උන්ගේ වැඩ නම් බලු සරි.(නදී)

:       0       0

ඩීන් Thursday, 09 May 2013 09:35 AM

ජීවත්ව සිටියදී උදවු කළ කෙනාට තමයි මිනිය අයිති (නි)

:       0       0

අනුර Thursday, 09 May 2013 10:35 AM

අම්මා ඉන්න කාලේ කොහොම සැලකුවද දන්නේ නැහැ. (ස)

:       0       0

ෂෙරිෆ් Thursday, 09 May 2013 10:36 AM

ඉස්සරනම් මේ වගේ ප්‍රශ්නයකදී ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් අනුසාසනා ලබාගන්නවා පොලීසියට නොගොස්, නමුත් වරතමානේ මිනිසා ආගම ධර්මෙන් ඈත්වෙලා, අනේ අපේ හෙළයට වෙච්ච නස්පැත්තිය. (ස)

:       0       0

මුන්සීර් Thursday, 09 May 2013 11:41 AM

මෝඩ හරක් ටිකක්. (නදී)

:       0       0

ලංකා Thursday, 09 May 2013 04:23 PM

වත්තල හැදල ගමේ වැලිඅමුන පාරේ ඔය වගේ වැඩක් කලා. වයසක අම්මගේ ඉඩන් කැල්ල ලියවාගෙන වයසක අම්මව මහලු මඩමට දමාපු සල්ලිකාර පුතෙක්.(නදී)

:       0       0

රංජනී Sunday, 12 May 2013 05:24 AM

පත්තරේට වැටෙනකම් අනේ, රෑට නින්ද යන්නෙ නැහැ අනේ... (නි)

:       0       0

සමීර - සල්මියා Thursday, 09 May 2013 10:50 PM

පොලිසියට තිබුනේ අම්මගේ දේහය දවස් 7 කට පසුව අනෙක් දරුවන්ට බාර දෙන්න (නි)

:       0       0

සම්පත් Monday, 13 May 2013 04:24 PM

සහෝදරයෝ අතර ප්‍රශ්න... ඉතින් හොදම දේ තමයි මහගෙදරට ගන්න එක. හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන්.නැත්නම් වෙන්නේ අනෙක් අයට බලන් ඉන්න. මේකේ ප්‍රතිචාර දාපු අය ගැනත් දුකයි (නි)

:       0       0

කුරුවිට Friday, 10 May 2013 01:02 AM

ජීවිතේ මල් අම්ම ඉන්නකම්. අමිමා මැරැකට පස්සේ දරැවෝ කචල්.(නදී)

:       0       0

ලලිත් Thursday, 09 May 2013 12:29 PM

එක හොදා අඩුම ගානෙ ප්‍රසිද්දියක් වත් ළමයින්ට ලැබුණනේ. (ස)

:       0       0

චින්තන ප්‍රනාන්දු Sunday, 12 May 2013 09:24 AM

ෂෙරිෆ්, දැන් පන්සලෙන් අනුශාසනා ගන්න එක අමාරු වැඩක්. මොකද හැමදුරුවෝ ඕනෑම වෙලාවක තමන්ගේ දේශපාලනයත් එක්ක කාර්යබහුල වෙලානේ ඉන්නේ. මිනිසා ආගම ධර්මයෙන් ඈත් වෙලා නොව ඇත් කරවලා. (නදී)

:       0       0

ඩිරාම් Saturday, 11 May 2013 04:17 PM

මේ වගේ සිද්දි පත්තරේ ලියනවිට සියලු නම් ගම් ඇතිව ලිව්වනන් වඩා වටිනවා. ඒ දරුවන්ට ආඩම්බර වෙන්නත් එක්ක.(නදී)

:       0       0

ලන්කාපුතා Thursday, 09 May 2013 12:46 PM

මෝඩ කම ප්‍රදර්ශනය කරන්ඩ එපා, ළමයි හැදුවේ අම්ම මුලින් හිටපු මහා ගෙදර මරණය ගන්ඩ. අනික ළමයි සැලකුවේ නෑ කියලත් නෑ නේද?, පොලිසි ගිය එක විතරයි මධ්‍යස්තව හිතනකොට වැරදි. (ස)

:       0       0

රාජු Friday, 10 May 2013 03:32 AM

මෙතනදී ගහ මරා ගන්නෙ නැතිව පොලිසි ගිය එක හොඳයි. නැත්නම් ඉතින් තව කී දෙනෙක් කරදරයට පත්වෙයිද කියල කවුද දන්නෙ? (නදී)

:       0       0

රොබට් Thursday, 09 May 2013 12:50 PM

මේ දරුවො ගැන මට පුදුමයි. අපේ ආච්චි මැරුණු වෙලේ මිනිය තියන්න ගෙයක් නැති වුණා. මහ ගෙදර, එකම පුතා (අපේ මාමා) විකුණලා බෑණගෙ ගෙදර පදිංචිය, බෑණා මිනිය බාර ගන්න බැහැ කිව්වා. ලොකු දුවත් මිනිය ගෙදර ගෙනියන්න බැහැ කිව්වා. පොඩි දුව වුණ අපේ අම්මා මිනිය අපේ ගෙදර ගේන්න හැදුවත්, අපේ තාත්තා රණ්ඩු කරලා ඒක නැවැත්තුවා. පව් අපේ ආච්චි! (නි)

:       0       0

ලීල් ගුණවර්ධන Friday, 10 May 2013 07:06 PM

හරි ඉතින් ඒ අම්මාගේ මරණය තිබ්බේ කොහෙද? එය පැහැදිලි නැහැනේ. විස්තරය හරියට කියන්නකෝ.(නදී)

:       0       0

බන්දුල Thursday, 09 May 2013 02:29 AM

දෙමවුපියෝ ජීවත් වෙලා ඉන්න කාලේ එයාලගේ දුක සැප හොයල බලන්නේ නැතිව මැරුණම විතරක් රටට පේන්න මිනිය බෙදාගන්න පොරකනවා. අනේ මෙහෙමත් දරුවෝ. දෙමවුපියන්ට සළකන්න ඕනෑ එයාල ජීවත්වෙලා ඉන්නකොට මිසක් මැරුණම නෙමෙයි. (නි)

:       0       0

හේරත් Thursday, 09 May 2013 02:31 AM

වැදූ මවට සැනසීමක් නැහැ කියන්නේ ඕකටයි. ඒ අම්මට නිවන් සුව. (නි)

:       0       0

අමර Sunday, 12 May 2013 11:35 AM

අනේ මෙහෙම දූ දරුවොන් හදපු අර අම්මට පව්. මෙහම අවසන් ගමන් යන්න කිසිම අම්ම කෙනෙක් හීනෙන්වත් හිතන්නේ නැහැ. දූ දරුවන් හදන්නේ මේවගේ සිද්දි වෙන්න නම් නෙමෙයි. මව්වරුන්ගේ දිනයකදී මේවගේ ප්‍රව්ත්ති බලන්න ලැබීම ගැන නම් මට හරි දුකයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 539 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 889 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 934 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1246 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1581 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 1026 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1504 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site