(නයිනමඩම චන්දන ප්‍රනාන්දු)
නොදන්නා කර්මාන්තයක් කරන්න ගිහින් ලොකු අලාභයක් කරගත් ලොරි හිමියකුගේ සිද්ධියක් පසුගියදා වයඹ පළාතේ සාගරයක් ළඟ තිබෙන ප්‍රධාන නගරයකින් වාර්තා විය.
මෙම ලොරි හිමියා කාලයක් රාජ්‍ය සේවයේ සිට වයස සපිරෙන්නත් පෙර ඉක්මනින් තමන්ගේ පාරිතෝෂිතයත් අරගෙන ගෙදර නතරවුණ කෙනෙකි.
ගෙදර නතර වූ මෙම හිටපු රාජ්‍ය සේවකයාට තමන්ට ලැබුණ මුදල් ටික ආයෝජනය කරන්න විවිධ ආකාරයේ යෝජනා එද්දී තමන්ගේ අසල්වැසියන් බොහෝම ජයට කරගෙන යන ව්‍යාපාරයක් ගැන හිතා උවමනා ලොරියක් අරගෙන තිබුණේ ලොකු බලාපොරොත්තුවකිනි.
එම ව්‍යාපාරයේ ස්වභාවය අනුව ලොරි රථයට පළපුරුදු සහයකයකු උවමනා වුවත් සේවකයාට ලොකු මුදලක් ගෙවීමට වෙන බව දැක ගෙදර හිටපු තමන්ගේ පුතකු ලොරියේ සහයකයා ලෙස යොදාගෙන පළමු දවසේම ලොරිය පසුපසට ගැනීමට යද්දී නිවෙසක තාප්පයක් කඩාගෙන ගොස් නතර විය. ලොරි හිමියාට අවබෝධ වෙලා තියෙන්නේ තම පුතා ලොරිය පසුපසට ගැනීමට සංඥා ලබාදී ඇත්තේ දුරකථනයකින් ඔහුගේ යහළුවෙක් සමග කතා කරමින් බවය.
තමන්ගේ අලූත්ම ලොරියට වූ අලාභය දරාගෙන නිවෙස් හිමියාගේ කැඩුණු තාප්පයට අලාභය ගෙවා තමන් කරගත් අණුවන ක්‍රියාව ගැන ලොරි හිමියා කල්පනා කරමින් සිටී.
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
දකුණේ රාජ්‍ය අනුග්‍රහය ලබන එක්තරා ආයතනයක “සර්” කියා ගැනීමට මහත් ගිජුකමක් දැක්වූ නිලධාරියකුගෙන් තමාගේ කටයුත්ත ඉටු කර ගැනීමට ලිපියක් ලියා ඒ තුළ සර් යය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වැඩි වාසියට ගිහින් තිබුණු ටිකත් නැතිවෙලා
දෙවිඳු Saturday, 11 April 2015 02:53 AM
කලින් විශ්‍රාම ගියාට පාරිතෝෂිකය ලැබෙන්නේ 60 පැන්නමනේ (නි)
විමුක්ති Sunday, 12 April 2015 02:22 PM
පරිතෝශිකය 45න් ගන්න පුළුවන් උනත් වයස 60 නෙමේ 100 පැන්නත් නැති මොලයක් ආපහු ගන්න බැහැනේ අනේ. (නදී)
දුමින්ද Saturday, 11 April 2015 06:20 AM
ලාබ බඩුවේ හිලක් ඇත (නි)
කිරි ගමරාල Thursday, 09 April 2015 04:16 AM
නවීන පන්නයට හැඩ ගැසුණු සහායකයින් එකම වෙලාවේ වැඩ කීපයක් කරන්න පුළුවන් අයලුනේ. එ්කයි අලභා දෙකකින් නැවතුනේ. (ස)
ආරච්චිගේ Thursday, 16 April 2015 07:50 AM
1985දී තිරගතවුණු "ආණ පාවම්"(පිරිමියා පව්)කියන දෙමල චිත්‍රපටියේ එන එක ජවනිකාවකත් ඔහොම දෙයක්වෙනවා, නගරයේ සිට ගමට කාර් එකකින් එන අයෙක්,එම ගමේ පාරේ පටු ගතිය නිසා,ගමේ අයෙකුට කි- යනවා කාර් එක බෝක්කුවේ හැප්පෙනවාද කියල බලන්න,පස්සේ ඔහු කාර් එක පස්සට ගනිද්දී,එයා බලාගෙන හිටපු මිනිහ හෙප්පුනේ නැහැ හැප්පුනේ නැහැ එන්න එන්න කියාගෙන ගිහිල්ල,අන්තිමේදී කාරය බෝක්කුවේ හැප්පුනු ගමන්ම හා දැන් හැප්පුනා කියල ප්‍රීතිවෙනවා,ඒ වගේ දෙයක්තමයි මේකත් (බ)
කුමාරි Thursday, 09 April 2015 05:50 AM
එකපාරම දියුණුවෙන්න හදනකොට ඔහොම තමා. (නි)
පිටබැද්දර ජයා Thursday, 09 April 2015 06:20 AM
හැම කිල්ලටම වඩා නොසැලකිල්ල ලොකුයි කියන්නේ ඕවට තමයි ! දැන් ඉතින් වෙච්චි දේ උන එකෙන් පාඩමක් ඉගෙන ගෙන නැවත පටන් ගනිමු ජිවිතේ කියන්නේ ඕකට තමයි . (බ)
මැක්සි ලියනාරච්චි Thursday, 09 April 2015 02:07 PM
තාත්තාගේම පුතානේ! (නි)
මුදියන්සේ Saturday, 11 April 2015 02:58 PM
කුමාරිලා වගේ අය මේවා පාඩමට ගතයුතුයි (නි)
උපාලි Saturday, 11 April 2015 03:27 PM
ඔහුගේ උත්සාහය අගය කරන්නේ නැද්ද? පවු අහිංසක රජයේ සේවකයා! (නි)
නිහාල් Thursday, 09 April 2015 07:45 AM
දෙයියෝම සාක්කි තමයි! (නි)
සෑම් Thursday, 09 April 2015 08:08 AM
"හැපෙනවාද බලන්න" කිව්වාම හැපෙනකම් ඉඳලා "ඔන්න දැන් හැපුණා" කියන්න ඇති.(බ)
සරත් කුමාර Sunday, 12 April 2015 11:24 AM
දෙවිදු නොදන්නා දේ නොකියා ඉන්න. වයස 45 පහු උනාම ඒ අදාල දේ ගන්න පුලුවන් (නදී)