(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
නිවෙසකට අනතුරක් වන ආකාරයෙන් පිහිටා තිබූ ගසක් කපා ඉවත් කිරීමට ගොස් නිවෙසට හානිවන අයුරෙන් එම ගස කපා දැමීම හේතුවෙන් වන්දියකුත් ගෙවා හිස් අතින් ගෙදර යාමට ගස් කපන්නෙකුට සිදුවූ පුවතක් අගනුවරට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.
නිවෙසක ඉදිරිපස මිදුලේ තිබූ විශාල අඹ ගසකි. එය නිවෙසට අනතුරුදායක බැවින් එය කපා ඉවත් කිරීමට ගෘහ මූලිකයා තීරණය කළේය. ඒ අනුව ඔහු ප්‍රදේශයේ සිටින ගස් කපන්නකු කැඳවා කටයුත්ත ඔහුට පැවරුවේය.
ගස කැපීමට පෙර එහි අතු කපා දැමිය යුතු වූ බැවින් ගස් කපන්නා සමඟ පැමිණි සහායකයා ගසට නැඟ අතු කපන්නට විය.
නිවෙස පැත්තට වන්නට තිබූ අතු ටික හනි හනිකට කපා දැමූ ඔහු ගසෙන් බසින්නට සූදානම් වන බව දුටු නිවෙස් හිමියාට දැක ගන්නට ලැබුණේ තවත් දිගු අත්තක් ඉතුරුකර ඇති බවයි. යම්කිසි ලෙසකින් ගස කපන විට කැරකී ගියහොත් එය වහලයේ වැදීමට ඉඩ ඇති බැවින් එම අත්ත ද කපා දමන ලෙස ඔහු ඉල්ලා සිටියේය. නමුත් ගස් කපන්නා එය ගණනකට නොගත්තේය.
බිම සිටි ප්‍රධාන ගස් කපන්නා ද
“ඕක වදින්නෙ නෑ මහත්තය”_ කියමින් වහසි බස් කීවේය .
“වැදුණොත් අලාබ ගෙවන්න වෙයි”_ නිවෙස් හිමිකරු කීවේය.
“හරි, හරි, එහෙම වුණොත් බලාගමු” කියූ ඔවුහු ගස කැපුවෝය. නිවෙස් හිමිකරු කී ලෙසින්ම ගස කැරකී ගොස් දිගු අත්ත වහලයේ වැදී ඇස්බැස්ටස් තහඩුවක් කැඩී ගියේය.
කටඋත්තර නැතිවූ ගස් කපන්නෝ දෙදෙනා පිටවී ගියහ. ටික වේලාවකින් සෙවිලි තහඩුවක් ලොරියක පටවාගෙන පැමිණ එය වහලට සවි කළහ. ගස කැපීමට පොරොන්දු වූ මුදලට වැඩි මුදලක් ඒ සඳහා වැයවී තිබිණ.
මින්පසු මෙවැනි වැඩ කරන විට පණ්ඩිත නොවී අනෙක් අයගේ ද අදහස්වලට ඇහුම්කන් දෙන ලෙස අවවාද කළ නිවෙස් හිමිකරු අලාභ වූ මුදල ද ඔහුගේ අතින් ගෙවා දැම්මාලු.
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා
මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මුදලට ගහක් කපන්න ඇවිත් ගෙහිමියාට වන්දියකුත් ගෙවලා