IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නැකතට කිරි උතුරුවන්න සැමියා සොහොනෙන් මුට්ටියක් ගෙනත්

(කොත්මලේ-සුදත් එස්. කුමාරසිරි) 
අවුරුදු නැකතට කිරි ඉතිරවීම සඳහා නැවුම් මුට්ටියක් රැගෙන එන ලෙසට බිරිය සැමියාට දුන් මුදල්වලින් රා බී හවස ගෙදර යන ගමන් සොහොනක තිබූ මැටි මුට්ටියක් රැගෙන ගොස් බිරියට ලබාදීමේ  සිද්ධියක් කොත්මලේ ගම්මානයකින් වාර්තාවේ. 


එම සිද්ධිය මෙසේය. කොත්මලේ ගම්මානයක පදිංචි කාන්තාවක් අවුරුදු  සිරිත් විරිත් අකුරටම ඉටුකරන්න සූදානම් වූයේ අලුත් අවුරුද්දේ තමන්ටත්, තම පවුලේ අයටත් යම්කිසි යහපතක් උදාකර ගැනීමේ අරමුණ ඇතිවය. 


ඒ සඳහා අලුත් අවුරුද්දේ නැකතට කිරි ඉතිරවීම සඳහා නැවුම්  මැටි මුට්ටියක් ඇයට අවශ්‍යය විය. 


තම සැමියා අසල පිහිටි නගරයට යාමට සූදානම්ව සිටින බව දැන ඇය සැමියා අතට රුපියල් 200ක මුදලක් ලබා දුන්නේ හවස ගෙදර එද්දී අලුත් අවුරුද්ද උදාවන නැකතට කිරි ඉතිරවීමට නැවුම් මැටි මුට්ටියක් රැගෙන එන ලෙස දන්වමිනි.


ලබාදුන් මුදල ද රැගෙන නිවෙසින් පිටවූ සැමියා මුලින්ම ගියේ අසල තිබූ රා තැබෑරුමකටය. එහි මද වේලාවක් රැඳී සිටි ඔහුට නොදැනුවත්ම වාගේ තම බිරිඳ මුට්ටියක් රැගෙන ඒම සඳහා ලබාදුන් මුදල ද වියදම් විය. 


එම මුදල්වලින් ද රා පානය කිරීමෙන් පසුව හවස ගෙදර යන කොට  කොහොම හරි මුට්ටියක් රැගෙන යා යුතු බව ඔහුට සිහිවූයේ බිරිඳගේ හැටි හොඳින් දන්නා නිසාය. ඒ අතරතුර පාර දිගේ තම නිවෙස බලා යමින් සිටි සැමියාට අතරමග දී ගණදෙවි නුවණ පහළ විය. ඒ අසල තිබූ කනත්තක් දකින විටය. ඒ සැණින්ම කනත්තට ගොඩවූ ඔහුට අලුත මිහිදන් කළ මිනීවළක් අසල මැටි මුට්ටි කිහිපයක්ම දක්නට ලැබිණි. ඉන්පසුව ඉන් එක් මැටි මුට්ටියක් පරිස්සමට ගත්තේ අලුත් අවුරුද්දේ තම බිරිඳට කිරි ඉතිරි වීමට කෙසේ හෝ මැටි මුට්ටියක් රැගෙන යායුතු බැවිනි. 


අතේ තිබූ ඉටිබෑග් එකට මැටි මුට්ටිය දමාගෙන බිරියට බාරදුන්නේ  බිරිය වෙනුවෙන් හරියටම යුතුකම් ඉෂ්ට කරන සැමියකු ලෙසනි. 


සද්ද බද්ද නැතිව නින්දට ගිය සැමියා ගෙන ආ මැටි මුට්ටිය, මල්ලෙන් එළියට ගෙන බිරිය විසින් බැලුවේ පසුදින උදෑසනය. ඒ  අවස්ථාවේ දී බිරිය දැක ඇත්තේ සැමියා ගෙන ආ මැටිමුට්ටියේ මතුපිට  රිදී පාට තීන්ත ආලේප  කර ඇති අයුරුය. 


මෙයින්  සිදුව ඇති දේ  අවබෝධ කර ගත් බිරිය සැමියාගේ ඇද ළඟටම ගොස් දෙස් දෙවොල් තැබුවේ සැමියාට ද කිසිත්  සිතාගත නොහැකිවය.

 



අදහස් (1)

නැකතට කිරි උතුරුවන්න සැමියා සොහොනෙන් මුට්ටියක් ගෙනත්

sampath Thursday, 22 April 2021 02:16 PM

මේ රටේ පවුල් ආරාවුල් බොහෝමයකට මුල බීමත්කම සහ මත්ද්‍රව්‍යය.. මේවගෙන් රජයට බදු සහ දඩ විදිහට සුළු මුදලක් ලැබුණත් මේකෙන් සිදුවන බරපතල සමාජ ව්‍යවසනය ගැන කවුරුත් හිතන්නේ නැති එක ඛේදවාචකයක්... සමහර පවුල් මිහිමත අපායක්...

:       0       2

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 388 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 723 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 596 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1126 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 874 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 751 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site