IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වැරැදි දළුවක් කා දිනක් තිස්සේ වැසිකිළියක ඉඳලා

(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
ගස්වල දළු කඩාගෙන කෑමේ පුරුද්ද හේතුවෙන් දිනක් වැසිකිළියක සිටීමට සිදු වූ පුද්ගලයකු පිළිබඳව උඩරට ප්‍රදේශයෙන් වාර්තාවේ.


සිද්ධිය මෙසේය.


ඔහු පුරුද්දක් වශයෙන් ගස්වල දළු කඩාගෙන කන පුද්ගලයෙකි. මොහු නිවසේදී මෙන්ම වෙනත් කොහේ ගියත් ගස්වල දළු කඩා කටේ දමා ගනී. මෙම ක්‍රියාවට ගෙදර උදවිය මෙන්ම පිටස්තරයන් ද විරුද්ධ වූයේ අලංකාර දුර්ලභ මල් පැලෑටියක වුවද මොහු දළු කඩාගෙන කන නිසාය. ඇතැම් පිරිස් මොහු තම නිවෙස්වලට පැමිණෙනවාට ද කැමති නැත. මොහුගේ පවුලේ පිරිස ද මෙම ක්‍රියාව නතර කර දමන ලෙස කොපමණ කීවත් ඉන් පලක් වූයේ ද නැත.


දිනක් මොහු ඥාති නිවෙසකට ගොස් සුපුරුදු ලෙසම ගසක අත්තක් කඩාගෙන කටේ දමාගෙන ඇති අතර මොහුට වෙනදාට වඩා අමුත්තක් ද සමග බඩ ගොර ගොර ගාන ශබ්දයක් ඇසීමෙන් එම නිවැසියන්ගෙන් තමන් දළු කඩාගත් ගස පිළිබඳව අසා ඇත. නිවැසියන් සොයා බලද්දී මොහු විසින් කඩාගෙන කටේ දමාගෙන ඇත්තේ වැට මායිමේ වූ ජාපාල ගසේ අතුරිකිල්ලක් බව දැනගෙන තිබේ. කෙසේ වෙතත් ඔහු දිනය පුරා පොල් කිරි පානය කරමින් වැසිකිළියේ ගත කළාලු.



අදහස් (0)

වැරැදි දළුවක් කා දිනක් තිස්සේ වැසිකිළියක ඉඳලා

කයාන් Monday, 30 May 2016 11:58 PM

යන යන තැන්වල ගස් වල ගෙඩි හොරෙන් කන අය ගැන නම් අහලා තියෙනවා.දළුත් කන අය ගැන නම් මේ ඇහුවාමයි.කොට්ටෝරුවාට උන දේ වෙලා වාගෙයි. අනේ කාලේ වනේ වාසේ කිව්වලු.....(රේ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 31 May 2016 10:07 AM

කොළ නම් කෑවත් මොකෝ අපේ දිහා ඉන්නවා ගොබිලෙක් මේක කන්නෙම ගස්වල ගෙඩිනේ, දන්නා කියන කෙනෙක්නම් මුන්දැව වත්ත්පිටියේ මායිමකටවත් ගන්නේ නැහැ (අ)

:       0       0

විශ්වා Tuesday, 31 May 2016 12:53 AM

මනුෂ්‍යයින් හට පුරුදු වූ චර්යාවන් සහ උත්පත්තියෙන් ගෙනෙන පුර්ව ආත්ම ගති ද තියනවා. බුදුන් දවස එක් රහත් තෙරණුවක් වැඩ සිටියා (උන් වහන්සේගේ නම මතක නැහැ). මේ රහතුන් වහන්සේ දානයකට වැඩියාම නැවත නැවත පාත්‍රය පුරවාගෙන කනවා. ටික දවසක් මෙහෙම උනාම උන් වහන්සේ සමග දානයට වඩින තෙරවරුන් අතර සිටි රහත් නොවූ පෘතග්ජන භික්ෂුන් වහන්සේලා කීප නමක් බුදුන් වහන්සේ හමුවට ගියා. ගිහිල්ලා...\"අනේ බුදු හිමියනේ...අර ස්වාමින් වහන්සේ දානයකට වැඩියාම කනවා කනවා බඩ ජාරියෙක් වගේ ...ලැජ්ජාවේ බෑ...අපිට නම් බැහැ ආයිමත් එයැයි එක්කලා නම් දනට වඩින්න අරම කනකොට....බැරිද ඔබ වහන්සේට ටිකක් අවවාද කරන්න...\" කියලා පැමිණිලි කළා...ඔන්න එතකොට බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා අර රහත් තෙරණුව බඩ පැළෙන තරමට කන්න හේතුව පැහැදිළි කරලා දේශනා කළා උන් වහන්සේ එහෙම කන්න හේතුව පෙර ආත්ම ගණනාවකම අලියෙක් වෙලා ඉපිද තිබීම කියලා. ඉතින් මේ ආත්මෙදිත් රහත් වුනා කියලා නෑ අර අලි පුරුද්දට තාම කනවා. (රේ)

:       0       0

රොෂාන් Wednesday, 01 June 2016 03:26 PM

නොමිලේ ලැබෙනවා නම්, කට්ටිය කන හැටි විතරක් නෙමෙයි, බොන හැටිත් අපි නොදන්නවැයි? (නි)

:       0       0

අන්වර් Tuesday, 31 May 2016 01:52 AM

නියම දඬුවම ලැබිලා තියෙන්නේ (නි)

:       0       0

තුෂාරී Tuesday, 31 May 2016 10:54 AM

එළුවෝ විතරද දළු කන්නේ? සමහර පක්ෂීන් පවා කොළ දළුකනවා.මා දන්නා කාන්තාවකට අමු සහල් කන පුරුද්දක් තිබුනා.රුධිර පරීක්ෂණයකින් හෙළි වුණේ ඇය ඇනීමියා නම් රක්ත හීනතාවයකින් පෙළෙමින් සිටින බව. මෙහි එන මිනිසාට සංසාර ගත පුරුද්දක් වෙන්නත් බැරි කමක් නැහැ. මෙවැනි අයවලුන් ගැන awankchawen නොබලා සුදුසු ප්‍රතිකර්මයකට යොමු කලොත් හොඳයි නේද...?(අ)

:       0       0

මනෝරි Tuesday, 31 May 2016 02:33 AM

විශ්වා, ඒ කියන්නේ මෙයා එළුවෙක් වෙලා ඉපදිලා ඉන්න ඇති පෙර ආත්මයක. (නි)

:       0       0

විශ්වා Tuesday, 31 May 2016 03:07 AM

ඒක නම් කියන්න දන්නේ නැහැ, මනෝරි. ඒත් දළු කන එක කොච්චර කිවුවත් නවත්වන්නේ නැහැ කිව්වම මට ඔය කතාව මතක්වුණා (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Tuesday, 31 May 2016 06:59 PM

මෙයාට නියඟලා වැලක් හමුවෙන්න කලින් ජාපාල කාපු නිසා ජීවිතේ බේරුනා. නියගලා මලක් කඩාගෙන කටේ දමාගත්තා නම් කපෝතියි (නි)

:       0       0

සමන්තලාල් Tuesday, 31 May 2016 08:54 PM

ජාපාල කියන්නේ බොහොම දුර්ලභ ශාක විශේෂයක් නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 756 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 862 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1088 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1024 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1286 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1626 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site