IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ප්‍රාණ බුක්තිය තියාගෙන ලියූ ඉඩමේ පොල් කැඩුවාට පියා පුතාට එරෙහිව පොලිසි ගිහින්

හක්මන විශේෂ - දෙනගම  යසන්ත ආරියසේන

ප්‍රාණ බුක්තිය තබාගෙන දුන් ඉඩමේ ඇති ගසක පොල් කැඩූ පුතාට එරෙහිව පොලිසි ගිය අපූරු පියකු පිළිබඳව කතාවක් දකුණු පළාතේ තොටමුණක් ගැන සඳහන් වන ප්‍රදේශයකින් වාර්තා වේ.

පුතුන් දෙදෙනකු සහ දියණියක ඇති පියා සහ මව මහ ගෙදර ජීවත්වූ අතර එම නිවෙසට දෙපසින් පුත්තු දෙදෙනා නිවාස දෙකක් ඉදිකර පදිංචිව සිටිති. එම පුතුන් දෙදෙනාගෙන් වැඩිමලා නිතර පියා සමග අඬදබර ඇති කරගත්තේය. අනෙකා කලබලයක් නොමැතිව ජීවත් වූයේය. පියා පුතුන් දෙදෙනාට ඉඩමේ කොටස් පවරා ඇත්තේ ප්‍රාණ බුක්තිය තබාගෙනය. මේ අතර පියා මුළු ඉඩමම බුක්ති විඳින බව වාර්තාවේ. පුතා පොල් ගස් කිහිපයක ගෙඩි කඩා ඇති බව දැනගත් පියාට කේන්ති ගියේය. ඔහු ඒ පිළිබඳව පොලීසියට පැමිණිලි කළේය.

පැමිණිල්ල සහ විත්තිය යන දෙපාර්ශ්වය කැඳවා පොලිසිය විමර්ශන කටයුතු සිදුකරන අවස්ථාවේ පියා සහ පුතා පොලිසිය තුළදී ද පොල් ගස සම්බන්ධව ආරවුල් කරන්නට වූහ. තරයේ අවවාද කළ පොලිසිය දෙදෙනාම අධිකරණයට ඉදිරිපත් කරන බව පැවැසීමත් සමග ඔවුන් දෙදෙනාටම දෙලොවම රත්විය. එක් ගසක පොල් කඩා ගැනීමට අවසර දෙන ලෙස පුතා තාත්තාගෙන් ඉල්ලා සිටියද පියා එයට ද එරෙහි වූයේය. පොල් සල්ලිවලට ගන්නා බව පවසමින් තවත් පොල් නොකඩන බවට පුතා පොරොන්දු වූ අතර දෙදෙනාටම පොලීසිය තරයේ අවවාද කර සිද්ධිය සමථයකට පත්කළේය.

පිය-පුතු දෙදෙනා නිවසට ගොස් ටික දිනක් යන විට පොල් ගසේ ආරවුල පිළිබඳ කතාව ගම පුරා පැතිර ගියේය. පියාට බොහෝ දෙනා අප්‍රසාදය පළකිරීම නිසා මව විසින් දින කිහිපයකට වරක් හොර රහසේ පොල් ගෙඩි කිහිපයක් පුතාට ලබාදෙන බවද පැවසේ.    

 



අදහස් (1)

ප්‍රාණ බුක්තිය තියාගෙන ලියූ ඉඩමේ පොල් කැඩුවාට පියා පුතාට එරෙහිව පොලිසි ගිහින්

podiekaa Thursday, 19 January 2023 01:14 PM

මේකේ වරද හාත්තා තාම ජීවතුන් අතර කියන එක නේද .හපොයි

:       2       5

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 493 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 329 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1051 1

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 823 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 702 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


පුතුගේ අවමඟුලදා තාත්තාගේ කාඩ් කුඩු
2024 අප්‍රේල් මස 20 433 0

මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site