(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
මියගොස් සිටි අසුඑක් වැනි වියේ පසු වූ අයෙකුගේ දේහය ඉල්ලා බිරියන් දෙදෙනකු හිමිකම් පෑම නිසා දේහය ලබාදීමට සුදුසු බිරිය තෝරා බේරා ගැනීම පිණිස අධිකරණ නියෝගයක් ලබාගැනීමට සිදුවූ බව හලාවත පොලිසිය කියයි.
හලාවත මයික්කුලම අසරප්පාවත්තේ විසූ නොමදියාපිල්ලේ අබ්දුල් රසාක් නමැති (81) වියේ පසුවන අයගේ සිරුර මහමග තිබිය දී පසුගිය සිකුරාදා (1) සොයාගෙන තිබූ බවත් පසුව ඔහුගේ දුවගේ ස්වාමි පුරුෂයා මේ බව පොලිසියට දන්වා මෘත ශරීරය පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ මෘත ශරිරාගාරය වෙත ගෙන ගොස් ඇති බවත් පොලිසිය කියයි.
මෙම මෘත ශරීරය වෙනුවෙන් පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයක් හා මරණ පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම් වූ අවස්ථාවේ දී කාන්තාවන් දෙදෙනකු ඉදිරිපත් වී මිය ගොස් ඇත්තේ තම ස්වාමිපුරුෂයා බවත් සිරුර තමන් වෙත බාර දෙන ලෙසත් ඉල්ලා කලහකාරි ලෙස හැසිරී ඇති බව පොලිසිය සඳහන් කළේය.
පසුව පොලිසිය බී වාර්තාවක් මගින් හලාවත අධිකරණය හමුවට කරුණු ඉදිරිපත් කර සිරුර බාරදිය යුතු අය හඳුනා ගැනීමට අවසර ඉල්ලා ඇත. ඒ අනුව හලාවත වැඩ බලන මහේස්ත්‍රාත් ඩබ්ලිව්. චමින්ද ප්‍රදීප් රුද්‍රිගු මහතා සිරුරේ හිමිකාරිත්වය නීත්‍යනුකුල භාර්යාවට බැවින් ඒ අනුව ඇයට සිරුර ලබාදෙන ලෙසත් අවසන් කටයුතු සඳහා සිරුර නගරයේ අවමංගල්‍යාගාරයක තැන්පත් කර සමාදානයෙන් සිරුර මිහිදන් කිරීමට නියෝග කර ඇති බවත් පොලිසිය කියයි.
ඒ අනුව මරණ පරීක්ෂණ කටයුතුවලින් පසු අධිකරණ නියෝගය අනුව සිරුරේ අයිතිය පිළිබඳ පරීක්ෂණය කරනු ලැබීය. ඒ අනුව මෘත ශරීරයට හිමිකම් පෑ බිරියන් දෙදෙනාට පෙර මෙම පුද්ගලයා පුලිච්චාකුලම ප්‍රදේශයේ කාන්තාවක විවාහකර ගෙන සිට ඇති අතර ඇය මෘත ශරීරයට කිසිදු හිමිකමක් නොපෑ බවත් පොලිසිය කියයි.
හලාවත පොලිසියේ කොස්තාපල් බී.එම්.ඒ. විජේබණ්ඩාර මහතා හලාවත පොලිසිය වෙනුවෙන් කරුණු දැක්වීය.
විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට
අලුත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලුණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය
වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ
අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ.
අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ
එළැඹෙන අලුත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං” වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මියගිය සැමියාගේ දේහය ඉල්ලා කාන්තාවෝ දෙන්නෙක් ඇවිත්
terrance Tuesday, 05 December 2017 09:23 PM
එතකොට මෙම පුද්ගලයා කාන්තාවන් තුන්දෙනෙක් සමහ විවාහ වෙලා ඉදලා තියෙනවා.