IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඔරලෝසුවේ කටු මාරුවී විභාග ශාලාවට යද්දී පැය භාගයක් පහුවෙලා

අදහස් හුවමාරුවට මෙන්ම වෙලාව බලා ගැනීමටත් ජංගම දුරකථනයක් භාවිත කළ ඇය දකුණු පළාතේ ප‍්‍රධාන පෙළේ කාන්තා විද්‍යාලයක උසස් පෙළ විභාග අපේක්ෂක සිසුවියකි. විභාග ශාලාවට ජංගම දුරකථන ගෙනයාම තහනම් බව කීවිට ලොකු අයියා ඇයට අලූත් අත්ඔරලෝසුවක් තෑගි දුන්නේ විභාගයට ද සුබ පතමිනි.

උදේ විභාගයට යාමට සූදානම්ව ඔර්ලෝසුවේ වේලාව බැලූ ඇයට තවත් පැය එකහමාරක් ඇති බව පෙනිණි. අවසන් මොහොතෙත් තවත් ටිකක් පාඩම් කිරීමට පාසල් ඇඳුම පිටින්ම ඇය කාමරයට ගියාය. ටික වෙලාවකට පසු කාමරයට එබුණ අම්මා කීවේ ”ළමයො ගියේ නැද්ද? දැන් අටයි කාලයි” කියාය. යළිත් ඔර්ලෝසුව දෙස බැලූ ඇයට තරු පෙනුණේ කලින් වෙලාව බලද්දී මිනිත්තු හා පැය කටු දෙක මාරුවී හඳුනාගෙන ඇති බව වැටහුණු නිසාය. ඒ වනවිටත් සැබෑ වෙලාව අටට ආසන්නව තිබී ඇත.

කඩිනමින් විභාග ශාලාවට දිව ගියත් ඒ වනවිට විභාගය පටන්ගෙන තිබිණි. එහෙත් මිනිත්තු තිහකට වඩා ප‍්‍රමාද නොවීමේ වාසිය නිසා ඇයට විභාගය ලිවීමට අවසර ලැබුණා. 



අදහස් (0)

ඔරලෝසුවේ කටු මාරුවී විභාග ශාලාවට යද්දී පැය භාගයක් පහුවෙලා

පුෂ්ප Saturday, 09 August 2014 06:39 PM

තාක්ෂනයත් එක්ක ඉදිරියට යන්න කියන්නේ අන්න ඒකයි (දී)

:       0       0

චමත් ඉතාලිය Monday, 11 August 2014 11:21 AM

දේවිකා, මොනම හේතුවකටවත් ජංගම දුරකථන දෙන්නත් එපා අනන්තර් ජාලයේ හැසිරෙන්න දෙන්නත් එපා. මේ කියන මම ඒ දේවල් මගේ දුවට දීලා මම හොද පාඩමක් ඉගෙන ගත්තා. මුහුණු පොත එයාලව විනාස කරනවා (නදී)

:       0       0

සමන්ති Friday, 08 August 2014 02:16 PM

මේක "ඩිජිටල්" තාක්ෂණයට පුරුදුවෙලා කටු තිබෙන ඔරලෝසුවේ වෙලාව කියවන්න නොහැකිකමක්. (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 08 August 2014 05:56 AM

මෙතන සිදුව ඇත්තේ ඔරලෝසුවේ කටු වැරැද්ද ගැනීමක් නොව ඉලක්කම් වරදවා වටහා ගැනීමකි.(දිල්)

:       0       0

සංඛ Saturday, 09 August 2014 07:40 PM

බෙන්තර ග‍ඟෙන් එහා නිසා විශ්වාස කරන්න අමාරුයි (නි)

:       0       0

පැතුම් Friday, 08 August 2014 06:39 AM

බෙන්තර ගඟෙන් එහා පැත්තෙ අයත් අමාරුවේ වැටෙන වෙලාවල් තියෙනවා (නි)

:       0       0

පද්මන් Friday, 08 August 2014 06:52 AM

මේක වෙන්න පුළුවන් දෙයක්.මම උසස් පෙළ කරන කාලේ මටත් ඔවැනිම දෙයක් වුණා. (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 10 August 2014 07:28 AM

කොහොම හරි විභාහගේ ලිව්වනේ ඒ ඇති.කලබලේට ඔවැනි දේ කාටත් වෙනවා. (ස)

:       0       0

චමින්ද Saturday, 09 August 2014 11:42 PM

කිව්වට පිළිගනීවිද දන්නෙ නැහැ.මම ජංගම දුරකතනයක් පාවිච්චි නොකරන කෙනෙක්. ඇත්තටම, පාවිච්චි කළා මාසයක් විතර.ඒ මාසෙන්ම මට ඇතිවුණා.පණිවුඩයක් කියන්න ඕනෑ කෙනා, ගෙදරට කතා කරලා කියනවා. (නි)

:       0       0

අසේල Friday, 08 August 2014 08:08 AM

අපි මේකට හිනාවුණාට මේ කාරණය බොහොම බරපතළයි (නි)

:       0       0

මාලිකා Sunday, 10 August 2014 01:53 AM

තව පොඩ්ඩෙන් හරි වැඩේ තමයි වෙන්නේ (නි)

:       0       0

කවිඳු ලක්ෂාන් Monday, 11 August 2014 03:25 PM

ලංකාදීප පත්තරය මම හිතන විදිහට නම් ලංකාවේ හොදම පත්තරය කියන්න පුළුවන් මම ලංකාදීපයට සුබ පතනවා!!!!!!(දිල්)

:       0       0

සරත් Friday, 08 August 2014 09:12 AM

වෙන්න පුළුවන්. මම දන්නා කෙනෙක් විභාගෙට ගිහින් වාඩි වුනාමලු දන්නේ අයදුම්පත සහතික කොට නැති බව. කෙසේ හෝ ඇය පැය බාගයක් ඇතුලත අවශ්‍යතාව සපුරාගෙන විභාගයට මුහුණ දුන්නලු. (දිල්)

:       0       0

සුරනි Sunday, 10 August 2014 03:19 AM

මම නම් ප්‍රසිද්ධ තැන් වල ජනකාය ඉදිරිපිට ජංගම දුරකථනය භාවිතය හරි පරිස්සමින් කරන්නේ. විශේෂයෙන්ම පුද්ගලික තොරතුරු අවට ඉන්න අයට දැනගන්න ලැබෙන කිසිම කතාවක් කරන්නේ නැහැ. (නි)

:       0       0

චමින්ද-මෙල්බන් Sunday, 10 August 2014 03:43 AM

විභාගයට ලියන්න, වෙලාවට යන්න ඕනෑ කියලා හිතනවා වගේම, අපේ ලංකාවේ අය බොහෝ දෙනා අනිත් සෑම වැඩ කටයුත්තක්ම, වෙලාවට කරනවා නම් කොතරම් අගේද? (නි)

:       0       0

දේවිකා Sunday, 10 August 2014 10:55 PM

මම නම් අපේ දුවට කොච්චර ඉල්ලුවත් ජංගම දුරකතනයක් අරන් දෙන්නේ නැහැ. තවම වයස 15 යි. අනෙක ළමයින්ට අත්‍යවශ්‍ය නැති දේවල් ඉල්ලපු පමණින් අරන් දීලා ඒවායේ වියදම දරාගන්න බැරුව ජීවන වියදම වැඩියි කියලා ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ. කාටද අද කාලයේ ගෙදර ජංගම දුරකතන බිල් තුන හතරක් එක මාසයේ ගෙවන්න පුළුවන්. (නි)

:       0       0

විජේසිංහ Friday, 08 August 2014 10:22 AM

මටත් එහෙම වැඩක් උනා, දිනය පැටලීම නිසා. මම වෙන ගමනක් එදා බස් එකෙන් යද්දී මම දැක්ක මගේ යාලුවෝ විභාගයට යනවා. මට තරු පෙනුනා. වෙලාවට කාලසටහන් තිබුන නිසාත්, අයි.ඩී එකත් තිබුන නිසා, අවසර අරගෙන පාට අැදුමින්ම විභාගය ලිව්වා, මමත් හොදට පාස් උනා. අනේ මෙයත් හොදට පාස් වෙයි (නදී)

:       0       0

අජිත් Saturday, 09 August 2014 02:50 PM

හ්ම්ම්!!! එහෙම වෙන්නත් පුළුවන්... (අ)

:       0       0

අජිත් Saturday, 09 August 2014 02:58 PM

පැතුම්ගේ, වංචාවල කෑල්ල හැලුවේ මොකද දන්නේ නැහැ. පසුගිය ලිපියේ පහන් හොද උත්තරයක් දීල තිබුන නිසා වෙන්ට ඇති මයේ හිතේ...(අ)

:       0       0

දිනේෂ් Friday, 08 August 2014 02:39 AM

අපිට ජංගම දුරකතනයක් ලැබුනේ රැකියාවට ගොස් අවුරුදු තුනකට පසු ආයතනයට කන් කෙඳිරි ගාලා ණයකුත් ගත්තට පසු. ලේසියෙන් පහසුවෙන් හැම දෙයක්ම ලැබෙනකොට වගේම තමන් නවීන තාක්ෂනය භාවිතා කරන්න ඕන සීමාව දන්නේ නැති වුනාම ළමයින් අතින් මෙහෙම අත්වැරදීම් සහ සදහටම වැරදීම් වුනත් සිද්ධ වෙන්න පුළුවන්. (දී)

:       0       0

අනුර Sunday, 10 August 2014 11:23 AM

ඔරලෝසුවේ අංක රෝමානු ඉලක්කම් නියම වෙලාව 8 ට විනාඩි 2 අනෙක් පැත්තට අතේ බැඳ ගත්තු මේ ළමය දැක්කේ වෙලාව 6 පසුවී විනාඩි 10 ලෙස (නදී)

:       0       0

චින්තක Friday, 08 August 2014 04:11 AM

මේක බොරුවක්නේ. මේකේ කියලා තියෙන විදියට අටට ලංවෙද්දී එයා පැය මිනිත්තු කටු මාරු කරන් වෙලාව බලන් තියෙන්නේ. එහෙම් නම් එයා තේරුම් ගන්න වෙලාව තමයි 11.40 කීයන එක. නමුත් විභාගය උදේ තිබිලා තියෙන්නේ. එතකොට උදේ පාන්දර වෙලාව 11.40 කියලා දැක්ක ගමන් වේලාව වැරදියි කියලා තේරෙනවනේ.(අ)...

:       0       0

ටි‍රෝන් Friday, 08 August 2014 04:37 AM

අයියෝ! අපරාදේ නේද විභාගය ලියන්න බැරි වුණා නම් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 862 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 911 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1127 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1046 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1289 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1634 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site