(කරන්දෙනිය - එම්. සුසිල් ප්‍රියන්ත)
දඬුවම් දෙන්න යයි පවසමින් දෙවියන්ට කියූ දෙස් යළි කැන්සල් කළ කපුවකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ කුරුඳුවලට ප්‍රසිද්ධ නගරයකින් වාර්තාවේ.
හේ දේවාලයක කපු මහතෙකි. ඔහුගේ දේවාලයට තැබීමට පිරිසක් ගෙනා පූජා වට්ටියක තිබූ අන්නාසි ඇපල් වැනි පලතුරු කිහිපයක් කවුරුන් හෝ සොරකම් කොට තිබුණි.
පූජා වට්ටිය තැබීමට ගෙනා පිරිස තමන් තැබීමට ගෙනාපූජා වට්ටියේ පලතුරු සොරකම් කර ඇතිබව කපුමහතාට කීහ. එවිට ඔහුගේ යක්ෂයා ඇවිස්සුනේය.
පලතුරු හොරෙන් කාපු අයට හොඳ පාඩමක් උගන්වන්නම් පවසා තමන්ගේ දේවාලයේ දෙවියන් ඉදිරිපිට දණින් වැටී පලතුරු හොරා කෑ අයට දෙස් තබමින් සිටියේය.
අනේ දෙවියනේ මේ නරයන්ගේ පලතුරු ගෙනත් තිබුණේ ඔබ වහන්සේට පූජා කරන්නයි. පූජා කරන්නත් ඉස්සර වෙලා මේ පූජා වට්ටියෙන් පලතුරු හොරකම් කළ අයට දඬුවම් දෙන්න. ඒ වැඬේ කළේ කවුදැයි යන්න මට පෙන්වන්න. ඔවුන්ට ලේ බඩ යන්න. මේ ආකාරයට ඔහු දෙවියන් ඉදිරියේ දෙස් තිබ්බේය.
මේ දෙස් තබමින් සිටි කපු මහත්තයා ළඟට පැමිණි අයකු ඔහුගේ කනට කර යමක් කීවේය.
ඒ සැණින්ම මේ කපු මහතා අනේ දෙවියනේ පලතුරු හොරකම්කළ අය මේ දැන් මට සැලවුණා. අනේ ඔවුන්ට දඬුවම් නම් දෙන්න එපා. මම තියපු දෙස් කැන්සල් කැන්සල් යයි කියමින් ඔහු කියූ දෙස් නැවතත් කැන්සල් කර දෙන ලෙස ඉල්ලමින් දෙවියන් ඉදිරියේ වැඳ වැටුණේය.
දෙවියන් ඉදිරියේ තැබූ දෙස් මේ කපු මහතා යළි කැන්සල් කරන්නේ මොකද යැයි බැලූවිට දැන ගන්නට ලැබුණේ පූජා වට්ටියෙන් පලතුරු සොරකම් කොට ඇත්තේ කපු මහතාගේ පුතා ඇතුළු ඔහුගේ යහළුවන් පිරිසක් බවයි.
සිය අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තාවේ. සිද්
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දෙයියන්ට දෙස් තියා යළි කැන්සල් කරන්නැයි කන්නලව් කරලා
පිටබැද්දර ජයා Wednesday, 01 July 2015 10:30 AM
ඇත්තටම දෙවියෝ වැඩ හිටියත් දෙවොලේ ... කපුවන්ගේ මේ පිස්සු කෙලිල්ල නිසා, දොවොල අතහැර යනවා දෙවියොත් (නි)
යසින්ත Friday, 03 July 2015 04:21 PM
මොන විකාරයක්ද මේ (බ)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Wednesday, 01 July 2015 05:15 PM
කපුවටද අපිටද වැරදුනේ? සමදරා නෝනේ, කපුවාගේ දෙවියෝ තමා පළතුරු ටික කාලා තියෙන්නේ යාලුවොත් එක්ක.අනේ කාලේ වනේ වාසේ......! (නි)
සමදරා ආරියදාස Wednesday, 01 July 2015 03:01 AM
මෙහමයි - කපු මහතාගේ ක්‍රියා වෙන් ඔප්පුවෙනවා ඔහු ඔහුගේ දෙවියන් ඉන්න බවට විශ්වාස කරන බව (නදී)
පුජා Wednesday, 01 July 2015 06:15 PM
එතකොට කපුවාගේ කෙනෙක් මොන හත් ඉලව්වක් කලත් කමක් නැහැ. අනිත් අයට තමයි හෙන වදින්නට ඕනේ කියා දෙවියන්ට යාතිකා කරන්නේ. කපුවෝ පසුපස යන මෝඩයෝ එදත් හිටියා. අදත් ඉන්නවා. හෙටත් ඉඳියි. අනේ කවදා මේ වනචාරි යුගයෙන් මිදී අපේ මිනිසුන් දියුණු ලෝකයත් සමග අත් වැල් බැඳ ගනු ඇත්ද? (නදී)
සමදරා ආරියදාස Thursday, 02 July 2015 09:05 AM
පාරිස් ඔයා කතෝලිකයෙක් නේද? නිකන් ඕගොල්ල එහෙනම් පල්ලි ගිහින් ඉටිපන්දම් පත්තු කරන්න ඇයි, සෙනග මැදට යාඥා වතුර විසිකරන්නේ ඇයි (බ)
පියලාල් Wednesday, 01 July 2015 06:30 PM
කපුවා බයවෙන්න ඇති දෙවියන් ඇපයට තියලා හොයාගන්න දේත් ඉවරවෙයි කොලුවා ලෙඩ වුණොත් කියලා. (නි)
අශෝක Thursday, 02 July 2015 03:26 PM
කපුවා කපෝති... (ර)
වජිර Wednesday, 01 July 2015 04:42 AM
කපුවොත් දැන් මොඩ් වෙලා වගෙයි (නි)
සඳුන් Wednesday, 01 July 2015 04:48 AM
දෙවියෝ ඕනෑම භාෂාවක් දන්නා නිසාම හොඳයි.(නදී)
රෙජි-සිඩ්නි Wednesday, 01 July 2015 11:50 PM
කපුවාට යක්ෂයා ඇවිස්සුනා නම් යන්න තිබුනේ යක්ෂයා ලඟට. මොකද දෙයියෝ ලඟට යන්නේ පිහිට ලබන්න මිසක් අනිත් අයට ශාප කරන්න නොවෙයිනේ. මේවට රැවටෙන මිනිස්සු තවමත් ඉන්නවනේ. (නදී)
චාමර Wednesday, 01 July 2015 04:55 AM
දෙවියොත් දැන් ඉංග්‍රීසි පන්ති යනවලු (නදී)
චතු Thursday, 02 July 2015 11:52 AM
කතෝලිකයෝ කවදාවත් දෙවියන්ගෙන් ඉල්ලන්නේ නැහැ කාටවත් දඩුවම් කරන්න කියල . එයාලගේ වතුරත් හරියට බෞද්ධයන්ගේ පිරිත් පැන් වලට සමානයි .(ම)
පිටබැද්දර ජයා Friday, 03 July 2015 04:42 AM
පාරිස් කතෝලිකයෙක්නම් කියන්න තියෙන්නේ දැන් දැන් ඔයාලගේ පල්ලිවලත් අපි පිරිත් නුල් බඳිනවා වගේම එයාලත් සුදු නුලක් බඳින්න පටන් අරන් කියලයි (බ)
පාරිස් Thursday, 02 July 2015 01:26 AM
ලංකාවේ මිනිසුන්ගේ මිත්‍යා විස්වාස වල තරම ඔවුන්ගේ අතේ බැඳලා තියෙන නූල් දුටු විට පේනවා. අපේ මිනිස්සුන්ගේ මෝඩ කම දැන් මුළු ලෝකෙම මිනිස්සුන්ට පෙනී ගෙන යනවා. මිත්‍යාව දුරු කල බෞද්ධයන්ට වෙච්ච දෙයක්.(නදී)
සන්ධ්‍යා කුමාරි Wednesday, 01 July 2015 09:02 AM
ප්‍රතිචාර දාන්නවත් දන්නේ නැති මෝඩ මිනිස්සු (නදී)
සඳුන් Thursday, 02 July 2015 10:49 PM
සමදරා, මටනම් පෙනෙන්නේ පාරිස් බෞද්ධයෙක් හෝ බෞද්ධයන් අගය කරන අයෙක් බවයි. එකයි ඔහු කණගාටු වෙන්නේ. (අ)
රොෂාන් ප්‍රනාන්දු Wednesday, 01 July 2015 01:05 AM
ලංකාවේ මේවා විශ්වාස කරන අය තවම ඉන්න නිසා කපුවන්ට වාසියි (නි)
සමන්ති Wednesday, 01 July 2015 01:13 AM
දෙවියන්ට අලුත් භාෂාවක් ඉගෙනගන්න වෙයි. මොකද කපුමහතාත් දැන් කතාකරන්නේ එෆ් එම් ගිරවියන්ගේ සින්ගිලිස් භාෂාවෙන්නේ. (නි)
දුමින්ද Friday, 03 July 2015 08:56 AM
දෙවියන් සමග ගනුදෙනු (බ)