IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඇඳුනුම්කමට කන්න ගිහින් වැසිකිළියේ නවතින්න වෙලා

උදේ සහ දවල් ආහාර සහන මිලට සපයන යෞවනයන්ට සම්බන්ධ ආයතනයක ආපන ශාලාවකි. දිනක් රාත‍්‍රී හතට පමණ ආපන ශාලාවේ හිමිකරු තම ගෝලයන්ට මෙසේ පැවැසීය.

”හැමදාම අපි මෙහෙන්, කන නිසා වෙනසකටත් එක්ක හෝටලයකින් කමු.” සේවකයින් දෙදෙනාද එයට එකඟ වූයේ ඉතාමත් ප‍්‍රීතියෙනි. තිදෙනාම දන්නා හඳුනන හෝටලයකට ගියවිට, ”ආ, අපේ කැන්ටිමේ මල්ලිනේ. එන්න එන්න කියමින් හෝටලයේ මුදලාලි ආපනශාලාවේ හිමිකරු පිළිගත්තේ පිටට තට්ටුවක් ද දමමිනි.

”මොනාහරි කනවැයි” මුදලාලි විමසීය. ”අයියේ මස් මාළු නැතිව කොත්තු දෙකක් පාර්සල් කරලා දෙන්න” යැයි පැවසූවිට, කොත්තු බාස් ළඟට ගිය මුදලාලි, මේ එහා පාරේ කැන්ටිමේ මුදලාලි මහත්තයා, කොත්තු දෙකක් හොඳට දාන්න යැයි පැවැසීය. කොත්තු රැගෙන ආපසු පැමිණෙන විට තම ගෝලයන් ඇමතූ ආපනශාලාවේ හිමිකරු ”ඒ අපේ ගමේ කෙනෙක්, මම ගියාම හොඳට සලකනවා” යැයි කීය.

තිදෙනාම කොත්තු අනුභව කර නින්දට ගියහ. මැදියම් රැයේ අවදි වූ ගෝලයෙක්, බඩ අල්ලාගෙන කෙඳිරි ගාන්නට විය. වහා අවදි වූ ආපනශාලාවේ හිමිකරු ”මොකද මල්ලී” යැයි විමසීය.

”බඩ රිදෙනවා අයියෝ අම්මෝ ඉන්න බැහැ” ගෝලයා වේදනාවෙන් පැවැසීය. මේ අතර අනෙක් ගෝලයා ද අවදි වී පැවසුවේ ඔහුගේ උදරය ද රිදෙන බවය. ”කොත්තු කද්දී අමුතු රහක් ආවා” ඔහු පැවැසීය.

අවසානයේදී ආපනශාලාවේ හිමිකරු ද ”ඔන්න දැන් මගේ බඩත් රිදෙන්න ගත්තා.” හරි වැඬේ උදේට වැඩ කරන්නේ කොහොමද?” ඔහු පැවසුවේ සුසුමක් හෙලමිනි. ආපනශාලාවේ තිබූ අමු ඉඟුරු සපමින් සෝඩා වතුර බොමින් තිදෙනාම බිම දිගාවී ඇස් පියා ගත්හ. උදෑසන වනවිට අමාරුව සමනය වී තිබුණි. ”ආයේ නම් බඩ ගින්නේ හිටියත් දන්න හඳුනන හෝටලයකින් කෑම නම් කන්නේ නැහැ” ආපනශාලාවේ හිමිකරු පැවැසීය.
 



අදහස් (0)

ඇඳුනුම්කමට කන්න ගිහින් වැසිකිළියේ නවතින්න වෙලා

චින්තක Wednesday, 28 August 2013 12:02 PM

ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය... සද්ද බද්ද දාලා හැදුව මේක කොත්තු රොටිය... (නි)

:       0       0

අසාද් Wednesday, 28 August 2013 06:13 PM

ඒකත් හරි. පොලිස්කාරයො වැඩිදෙනෙක් ඉන්නෙ අනුන්ගෙ රීරිමාංශ කන්නමනේ (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Thursday, 29 August 2013 03:50 AM

කොහොමටත් හෝටලයක් ආරම්භ කරන දවසේ පරිප්පු හදපු සාස්පන අයෙත් හෝදන්නේ කඩේ බංකොලොත් වෙලා වහන දවසට. අලුතින් පරිප්පු හෝදලා පරණ පරිප්පු එකටම දාන එක තමයි හැම හෝටලේම කරන්නේ. (අ)

:       0       0

දිසානායක Friday, 30 August 2013 12:28 PM

සමාජයේ දෙයක් දැනගෙන එක වරදක් කියල පෙන්නලා දුන්නහම් එක වැරදිද ..ලක්සිත සහ අකිලට බඩේ අමාරුද (දී)

:       0       0

දිසානායක Friday, 30 August 2013 12:28 PM

සමාජයේ දෙයක් දැනගෙන එක වරදක් කියල පෙන්නලා දුන්නහම් එක වැරදිද ..ලක්සිත සහ අකිලට බඩේ අමාරුද (දී)

:       0       0

ගුණරත්න Wednesday, 28 August 2013 01:40 PM

මාස ගානක් පරණ රොටි වලින් හදපු ඒවා කාපුවහම ඕක වෙනවා. ආපන ශාලාවේ හිමිකරු වෙච්චි මනුස්සයා ඕවා දන්නේ නැද්ද.අනේ අර මල්ලිලා දෙන්නා පව් අනේ (නි)

:       0       0

අකිල දුලාජ් Wednesday, 28 August 2013 09:48 PM

ඔයාල හැමදාම අනුන්නට වලවල් කප කපා ඉන්නවලා.වෙලාවකට හිතෙනවා මේක මෙතන ඉන්න ඔක්කොම දිසානායකට මම කලින් ඒවායේ දැක්ක හොදට බැනගෙන තියෙනවා.අනේ මන්ද."මට නම් නිකන් පිස්සු වගේ" (අ)

:       0       0

ලසන්ත Wednesday, 28 August 2013 10:01 AM

ඔන්න වරුණ, සල්ලි හම්බකරන චේතනාව පමණක් තියාගන්න එපා. හරියට වාහනේ එලවන්න තමන්ගේ එකක් වගේ. (නි)

:       0       0

උපාලි Wednesday, 28 August 2013 10:06 AM

මස්, මාළුවලින් තොර කොත්තුවෙන් වැඩක් තියෙනවද? මස් මාළු කියන්නේ කොත්තුවලට නැතුවම බැරි දෙයක්. ඒවා නැතුව කෑව එකේ විපාකනේ ඔය. කොත්තුවට දාන අනික් පිළුණු එළවළුවල එහෙම විස මැකෙන්නේ කුණුවේච්ච මස්, මාළුවල විසෙන්. විසෙන් විස නැසේ කියලා මේ මුදලාලි අහලා නැතුව ඇති. (නි)

:       0       0

චන්දි Wednesday, 28 August 2013 10:12 AM

ඊර්ශියාවයි, ක්‍රෝධයයි , පළිගැනීමයි නිසා තමයි ලංකාව හැමදාම දියුණු වෙන්නේ නැත්තේ !!! මෙතන පළිගැනීමේ චේතනාවෙන් කල වැඩක් බව මගේ හැඟීමයි. (ස)

:       0       0

ධම්ම Wednesday, 28 August 2013 03:57 PM

කොත්තු වලට දාන බිත්තර වල කට්ටේ ගෑවුණු කුකුල් වසුරු කොත්තුවට එකතුවෙන හැටි මා දැක තිබෙනවා. (ස)

:       0       0

සරත් Wednesday, 28 August 2013 04:02 PM

දිසානායක, ඔබ කියූ ලෙසම මමත් දන්නවා. " පොලිස් ටී " කියලා ජාතියක් තියනවා. එක හැදෙන්නෙත් බීලා ඉතුරු කරපු කිරි එකතු කරලා බොයිලේරුව ළඟ තියලා "පොලිස් ටී එකයි" කිවුව ගමන් එතනින් දෙනවා. (ස)

:       0       0

ලක්ෂිත Thursday, 29 August 2013 11:50 PM

හොදට මිනිසුන්ට ජරාව කවපු අය මෙතැන ඉන්නවා වගෙයි (නි)

:       0       0

දිසානායක Wednesday, 28 August 2013 11:20 AM

මම ඔබට කතාවක් කියන්නම් කොත්තු ගැන අත්දැකීම් මටත් තියනවා.පොලිස් කොත්තු කියලා ජාතියක් තියනවා. ඒක හදන්නේ මෙහෙමයි.කාලා ඉටුරුවෙන කොත්තු වෙනම අරන් තියනවා. රෑට රාජකාරියේ යන ගමන් හෝටලට ගොඩ වෙන පොලිස් නිලදාරීන්ට දෙන්න.මොකද එයාලා මුදල් දෙන්නේ නැති හින්දා කියලා තවුවේ.තවත් දවසක ගාලු මුවදොර පිටියට ගියා පවුලේ අයත් එක්ක. එතන තියනවා කොත්තු හදන තැනක්. අපි හැමෝම කොත්තු කෑවා. වැඩිපුර ඉතුරු කරලා හැමෝම වතුර පාගන්න පහලට ගියා. මම කොත්තු ගහන හැටි බලන් හිටියා. අර අපි කාලා ඉතුරු කොත්තු ටික කලවම් කරනවා මම දැක්කා තවත් කොත්තුවකට. ඒ කියන්නේ අපිත් කන්න ඇත්තේ කවුරුහරි කාපු කොත්තු වෙන්න ඇති. කවදාවත් දරුවොත් එක්ක යද්දී පිටින් කෑම කන්න එපා. කෑම ගෙදරින් හදාගෙන යන්න.කවුරුහරි කාපුවා කන්න ආසා නම් කඩෙන් කන්න.අනිත් කරුණ නම් දවස් 3 .4 ක් හෝ ඊට වඩා කල් ඉකුත්වූ මස් මාළු හොදි මේවට කලවම් කරනවා.මේ ගැන කල්පනාවෙන් පිටින් ආහාර ලබාගන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 595 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 800 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1051 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1006 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1275 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1619 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site