(හිඟුරානේ - නවරත්න සමරතුංග)
අවස්ථා තුනකදී අමාරුකම් කියා රියැදුරන් තිදෙනෙකු පැමිණි විට ඔවුන් විසින් දුන් හයිඩ්‍රොලික් ජැක් තුනක් ඇපයට තබාගෙන මුදල් දුන් ව්‍යාපාරිකයෙකු ලෝක අමාරුවක වැටුණ සිද්ධියක් අම්පාර දිස්ත්‍රික්කයේ එක්තරා නගරයකින් වාර්තා විය.
දිනක් ඔහුගේ සේවා ස්ථානයට ලොරි රථයකින් පැමිණි රියැදුරෙක් “අනේ සර් මගේ වාහනය කැඩුණා. ස්පෙයාර් පාට්ස් ණයට අරන් රෙපයාර් එක කරගත්තා දැන් බාස්ගේ කුලිය ගෙවාගන්නවත් විදියක් නැහැ. මට අනුකම්පා කරලා තෙල් ගහගන්නත් එක්ක රුපියල් දෙදාහක් දෙන්නැයි” ඉල්ලා සිටියේ තම රථයේ ඇති අලුත්ම හයිඩ්‍රොලික් ජැක් එක ඇපයට තබන බව කියමිනි.
ඔහු ගැන අනුකම්පා කළ ව්‍යාපාරිකයා “එහෙම නම් ඔය ජැක් එක අර කාමරයෙන් තියන්නැයි” කියා රුපියල් 2000ක් දී ඔහු පිටත්කර හැරියේය.
එහෙත් එම රියැදුරා නැවත නොපැමිණි අතරතුර තවත් රියැදුරෙකු ඔහු හමුවීමට පැමිණ මුදල් හදිසියක් කියා තම රථයේ ජැක් එක ඇපයට තබා මුදල් රුපියල් 1500ක් ඉල්ලාගෙන ගියේ නැවත ආවිට මෙම මුදල ආපසුදී ඇපයට තැබූ ජැක්එක ගෙන යන බව පවසමිනි.
ඒ අනුව උපකාරය කළ ව්‍යාපාරිකයා එම ජැක් එක ද පළමු ජැක් එක ළඟින්ම තබනු ලැබීය.
ටික දිනක් ගතව ගියෙන් තවත් එවැනිම ආකාරයෙන් අමාරුවේ වැටුණ බව කියා වෙනත් රියැදුරෙකු පැමිණ තම මෝටර් රථයේ ජැක් එක ඇපයට තබා රුපියල් දහසක් අතමාරු කරගෙන ගොස් ඇති බව කියති.
භාණ්ඩ ඇපයට තබා ගිය එකදු රියැදුරෙකුවත් නැවත නොපැමිණි අතර ව්‍යාපාරිකයාට මේ ගැන සැකයක් පහළ වුණේ නිතැතිණි.
තීන්ත ආලේපය පවා නොගැලවී ලිහිසිතෙල් ගෑවී අලුත්ම ආරයෙන් තිබුණ මෙම ජැක් තුන ව්‍යාපාරිකයා විසින් පරීක්ෂා කර ඇත.
එවිට ඔහුට තරු පෙනුණේය.
අලුත්ම තත්ත්වයෙන් පැවති මෙම ජැක් තුනම පරණ යකඩ ගොඩකින් හොරෙන් පන්නාගෙන විත් තමන්ගේ අනුකම්පාව දිනාගෙන තමන් අන්දවා තිබිණි.
එහෙත් සිදු වූ පාඩුව තරමකින් හෝ මකා ගන්නට අදහස් කළ හෙතෙම අබිලි යකඩ එකතු කරන්නෙකුට කිලෝව රුපියල් 30 කටත් අඩුවෙන් ජැක් තුනම දී රුපියල් නවසීයක් පමණ ලබාගත් බව තතුදත්තෝ පවසති.
සිය අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තාවේ. සිද්
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රියැදුරන්ගේ ජැක් ගැහිල්ලෙන් ව්‍යාපාරිකයා අමාරුවේ