බුලත්සිංහල ලක්මි කුඩලිගම
කාර්යාලයක සේවය කළ සේවකයෙක් අලුත් කාර් රථයක් මිලදී ගත් සතුට සමරන්නට සිය කාර්යාල මිතුරන්ට සූදානම් කළ සාදයට ආ පිරිසගේ මුදල් පසුම්බිවලට විද්ද හොරා දන්තාලේපයෙන් අල්ලාගත් පුවතක් බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ නගරයකින් වාර්තාවේ.
කාර් රථය මිලදී ගත් සතුටට සාදය පැවැත්වුණි. විසිපහක තිහක විතර පිරිසකගෙන් අලුත් කාර් රථය මිලදී ගත් මිතුරාගේ නිවස එදින හැන්දෑවේ පිරී ඉතිරිණි. ගෙමිදුලේ ගිනි මැලයක්ද සූදානම් කළ මිතුරු පිරිස එය වටා ආසන කීපයක් තබා සිය මිතුරාගේ සාදය හොඳ හැටි බුක්ති වින්දහ. පිරිසක් ගීත ගායනා කරන අතර තව පිරිසක් ගිනි මැලය වටා කැරකී විවිධ නර්තනයේ යෙදුණි.
මෙසේ පැය කීපයක් ගතවිණි. නර්තනයේ යෙදෙමින් සිටි එක් මිතුරෙක් පය පැටලී ගිනි මැලය දෙසට ඇද වැටුණු අතර වහා මිතුරු පිරිස විසින් ඔහු අල්ලා ගිනි මැලයෙන් ඉවතට ඇද ගත්තත් ඔහුගේ දකුණු අතෙහි ඇඟිලි පහේම උඩ කොටස්වලට ගිනි රස්නය වැදි තිබිණි. මේකට නම් අත් බෙහෙතක් කළ යුතුම යැයි යෝජනා කළ එක් මිතුරෙක් වහා දිව ගොස් දත් මැදීමට යොදාගන්නා බෙහෙත් ටියුබයක් රැගෙන විත් මිතුරාගේ ඇඟිලි මත තැවරීය. පසුව පැය කීපයකට සීමා වූ සාදය අවසන් වුණේ පිරිසක් තැන් තැන්වල වැටි නින්දට ගොස් තවත් පිරිසක් සිය නිවෙස් කරා පිටවීමෙන් පසුවය. නින්දට වැටුණු පිරිස ද එළිය වැටෙන්නට පෙර නිවෙස්වලට ගොස් තිබිණි.
එදින දිවා කාලයේ කාර් රථය හිමි මිතුරාට දුරකථන ඇමතුම් කීපයක් ලැබුණේ සාදයට සහභාගී වූ තම මිතුරන්ගේ මුදල් පසුම්බිවලින් මුදල් අඩුවී ඇති බවත් ඒ සියලුම මුදල් පසුම්බි ඇතුලේ දන්තාලේප තැවරී ඇති බවත්ය. ඒ අනුව පරීක්ෂා කිරීමේ දී දැක ගැනීමට ලැබුණේ තම මුදල් පසුම්බියෙන් ද සෑහෙන මුදලක් අඩුවී ඇති බවයි.
එහිද දන්තා ලේප තැවරී ඇති අයුරු දැකීමෙන් කාර් මිතුරාට කාරණය වැටහි යකා නැංගේය. වහා ක්‍රියාත්මක වූ ඔහු සිය රථයෙන් අනතුරට පත් මිතුරා සොයා ගියේය. මට ඇත්ත කියපන් උඹ අපේ පර්ස්වලින් සල්ලි ගත්තා නේද? යැයි ඇසීය. ‘‘පිස්සුද බං මම උඹලට එහෙම කරනවාද? ඔහු එසේ කීය. එහෙනම් කොහොමද යකෝ ඒ හැම පර්ස් එහෙකම දන්තා ලේප ගෑවුණේ. උඹ තමයි හොරා ඇත්ත කීවේ නැත්නම් යාලුවා කියල බලන්නේ නැහැ, මම පොලිසි යනවා’’ කීය. බියවූ මිතුරා පොලිසි නම් යන්න එපා, ‘‘මම ඇත්ත කියන්නම් ගත්ත සල්ලිත් ආපසු දෙන්නම්’’ කියා සියල්ල වැමෑරීය. ‘‘උඹල වගේ යාලුවෝ ආශ්‍රය කරනවාට අපට කසේකින් ගහන්න ඕනා’’ කියු කාර් මිතුරා කේන්තියෙන් යන්න ගිය අතර පසුදින කාර්යාලය පුරා මේ සිද්ධිය පැතිරිණි.
ඒ අනුව සොරකම් කළ මිතුරාට සිය කාර්යාලයේ දන්තාලේපයා යනුවෙන් නමක් පට බැඳුන අතර එය ඉවසා දරා ගත නොහැකිවූ ඔහු වෙනත් කාර්යාලයකට ස්ථාන මාරුවක් රැගෙන ගිය බව ද වාර්තාවේ.
සිය අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තාවේ. සිද්
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සාදයේදී පසුම්බිවලින් මුදල් ඇද්ද හොරා දන්තාලේපයෙන් මාට්ටු
pakeer Wednesday, 23 November 2022 11:52 AM
සුපිරි හොරුන් තමයි... පසුම්බිය තියෙද්දිම සල්ලි විතරක් ඇදලා... දේශපාලකයෙක්ද දන්නේ නැහැ..