IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


වැරදි තැනක යතුරු පැදිය තියලා බිරියගෙන් බේරෙන්න ‘සාම ගිවිසුමක්’ ගහලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
ජෝඩු සඳහා කාමර කුලියට දෙන ස්ථානයක සිය යතුරුපැදිය දමා ගිය අයකුට තමාගේ නිරවද්‍යතාව බිරියට පෙන්වීමට රාජකාරි අත්සන් ලේඛනයේ පැමිණීමේ හා පිටවීමේ පිටපත් පෙන්වීමට සිදුවූ අපූරු පුවතක් දකුණු ගම් පළාතෙන් වාර්තා වේ.


එදා ඔහු සිය යතුරුපැදිය නගරයේ ජෝඩු සඳහා කාමර කුලියට දෙන හිතවතකුගේ ස්ථානයක නවතා රාජකාරියට ගියේය. ඒ තමා යතුරුපැදිය වෙනදා දමන නිවෙසේ කවදාවත්ම නැතිව ගේට්ටු වසා තිබීම නිසාය. ඔහු යතුරුපැදිය නවතා දමා ගිය මේ ස්ථානය හදිසියෙන්ම පොලිසිය වැටලුවේ එහි ගණිකා නිවාසයක් පවත්වාගෙන යතැයි කියන තොරතුරකට අනුවය. එහිදී ජෝඩු කිහිපයක්ම පොලිස් අත්අඩංගුවට පත්වූ අතර එක් අයෙක් පැන ගියේය. පොලිසිය සිතුවේ පැන ගියේ යතුරුපැදියෙන් පැමිණි අය සිතාය. එබැවින් මේ ස්ථානයේ නවතා තිබූ යතුරුපැදි පොලිස් නිලධාරීන් සිය සේවා ස්ථානයට පටවාගෙන ගියේය.


මේ සමගම අපේ කතානායකයාගේ බිරියට මෙය සැලවූයේ සිය සැමියා වෙනත් කාන්තාවක සමග මේ ස්ථානයට පැමිණ සිටියදී පොලිසිය වටලන අවස්ථාවේදී ඔහු පැන ගොස් ඇති බවය. වෙනදාට වඩා සිය සැමියා ප්‍රබෝධයකින් අවදි වී නාගෙන සුවඳ විලවුන් තවරාගෙන පිළිවෙළකට ඇඳුම් පැලඳුම් ඇඳගෙන නිවෙසින් පිටවී යාම ඇයට ලැබුණු මේ පුවත තවත් මල් පල දැරීමට සාධකයක් විය. ඒ පුවත ලැබූ වේලාවේ සිටම ඔහුගේ ජංගම දුරකතනය ක්‍රියා විරහිත වී තිබීම බිරියගේ සැකය තවත් තහවුරු කරන්නක් විය.


එදා ඔහු ගියේ ආයතන ප්‍රධානීන් සමග දිනය පුරාම ක්‍රියාත්මක වූ විශේෂ වැඩමුළුවකට බව ඇය නොදැන සිටියාය. මේ නිසාම ඔහුට පිළිවෙළකට ඇඳ පැලඳගෙන යාමට සිදුවූවක් මෙන්ම දවස පුරාම සිය ජංගම දුරකතනය ක්‍රියා විරහිත කොට තබා ගැනීමට ද සිදු වූයේය.


සිය රාජකාරිය නිමා කර යතුරුපැදිය ගැනීමට ගිය අවස්ථාවේදී සිදු වූ අකරතැබ්බය දැනගත් ඔහු පොලිසියට ගොස් තමා කවුදැයි හඳුන්වා දී තමාගේ නිරවද්‍යතාව පෙන්වා අත්අඩංගුවට ගත් යතුරුපැදිය නිදහස් කර නිවෙසට පැමිණි විට ඔහු පෙර මග එන තෙක් බිරිය කොස්ස අතේ තබාගෙන මුරකරමින් සිටියාය. වැඩේ ගැස්සී ඇති බව දුරදීම තේරුම් ගත් ඔහු තමා වරදක් නොකළ තිබුණ ද සිය භාර්යාවගේ මොළයේ තරම දන්නා බැවින් එකවර නිවෙසට ගොඩ නොවී මේ මොකදැයි ඇසූවේ කොසු පහර අනිවාර්යයෙන්ම කෑමෙන් වැළකීමටය.


මොකද මොකද තමයි කියමින් කට අරිය ඇය දන්නා සිංහලෙන්ම ඔහුට එක දිගටම ඇමතුවාය. ඒ විතරක් නොව කාමරේට ගිය කාන්තාව සමග යන ලෙස ද ඇය ඔහුට තර්ජනය කළාය. තමන් දන්නා සිංහලෙන් නිරවද්‍යතාව පෙන්වීමට ඔහු උත්සාහ කළත් පලක් නොවූ තැන මේ දෙදෙනා එකඟත්වයකට පැමිණියේ එදා දිනයේ ඔහුගේ රාජකාරි අත්සන් ලේඛනයේ පැමිණීමේ හා පිටවීමේ පිටපත් ඊට පසු දින ගෙනත් පෙන්වීමේ පොරොන්දුව පිටය. ඒ වනවිටත් ඔහුගේ නෑයන් මෙන්ම අසල්වාසීන් ද ඔහු ගැන තිබූ විශ්වාසය දිනක් යනතෙක්ම බිඳගෙන තිබුණේ බිරියගේ අවිචාරශීලී හැසීරීම නිසාය.

 



අදහස් (0)

වැරදි තැනක යතුරු පැදිය තියලා බිරියගෙන් බේරෙන්න ‘සාම ගිවිසුමක්’ ගහලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 311 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 767 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 859 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1233 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1565 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 1020 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 196 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1481 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site