(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත සහ ඇත්කදුර ජනක් ද සිල්වා)
කොරෝනාවෙන් මියගිය තැනෙත්තෙකුගේ සෘජු ආශ්‍රිතයකු බව පවසා ස්වයං නීරෝධායනයට යොමුවූ අයකුට ලැබූණ අපූරු බඩු මල්ලක් පිළිබඳව දකුණේ ගමකින් අහන්නට ලැබේ.
හේ කාට හෝ හෙනපතයක් පාත් කර ජීවත්වන්නකු ලෙස ගම පුරාම ප්‍රචලිතව සිටියේ අද ඊයක සිට නොවේ. කොවිඩ්-19 ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට යොමු කරන ලද පසු ඔවුනගේ හිතවතුන්ගෙන් හා ඥාතීන්ගෙන් ලැබෙන බඩු මලු පිළිබඳ ඔහුට ආසාවක් උපන්නේය.
කවර හෝ උප්පර වැට්ටියක් යොදා ස්වයං නිරෝධායනයට යොමු වුව හොත් තමාට ද සති කිහිපයක් නිවසේ සිටම කරදරයක් නොමැතිව ජීවත්විය හැකි බව හේ සිතුවේය. මේ අල්ල පනල්ලේ ඔහුගේ නිවස ආසන්නයේ පදිංචි අයකු කොවිඩ්-19 ආසාදිතව මිය ගියේය. ඔහු මෙය වාසියට හරවා ගත්තේ ප්‍රදේශය බාරව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මිය ගිය අයගේ ආශ්‍රිතයන් කවුදැයි සොයමින් සිටි අවස්ථාවේදීය. මියගිය අයත් මොහුත් ආශිතයන් බව දන්නේ ඔවුන් දෙදෙනා නිසා සිය උපාය යොදා ගැනීමට මෙය තවත් පහසුවක් විය.
මිය ගිය අයගේ ආශ්‍රිතයන් සැබෑ ආශ්‍රිතයන් සැඟව සිටි අවස්ථාවක මොහු ස්ව කැමැත්තෙන්ම ආශ්‍රිතයකු ලෙස පෙනී සිටියේ යටි සිතේ ලැගුම් ගෙන තිබූ උපාය ක්‍රියාත්මක කිරීමටය. ඒ අනුව ඔහු නිරෝධායනයට යොමු කෙරිණි. ඒ අනුව ඔහු නිවස ස්වයං නීරෝධායනයට ලක් කෙරිණි
ඒ සමගම ඔහු තමන්ගේ ඥාතීන්ට හිතවතුන්ට තමා නිරෝධායනයට යොමු කර ඇති බව දැන්වූයේ ඔවුන්ගෙන් ලැබෙන වාසි ලබා ගැනීමටය. ඒ සඳහා ඔහු හිස් පුටුවක් සිය නිවසේ ඉදිරිපිට වැට අයිනේ තබා තිබුණේය. අසල්වාසීන්, නෑ හිතවතුන් තමන්ට හැකි පමණින් බඩු ගෙනත් පුටුවේ තැබුවේය.
ඔහුගේ මේ කූට උපාය ගමේ තරුණ පිරිසට දැන ගන්න ලැබෙන්නේ ඔහුගේ කටේ වූ වරදකිනි. එදා හිමිදිරියේම ඔහුගේ පුටුව උඩ පෝර ගෝනියක බඩු මල්ලක් දක්නට ලැබුණි. අද නම් කවුරු හරි හොඳට සලකා තියෙනවා, යැයි සිතමින් හේ සතුටින් බඩු මල්ල ගෙන ඉතා අපහසුවෙන් නිවසට උස්සගෙන ගොස් එය ලිහා බැලුවේ එහි ඇති දෑ මොනවා දැයි යන්න දැන ගැනීමට තිබූ නොතිත් ආසාව නිසාමය.
කැපූ දෙහි බෑ, හිල් කරන ලද තැඹිලි ගෙඩියක්, පත්තුවී නිවුනු පන්දම් කොට කිහිපයක් ආදී පෙරේත තටුවක දෑ එම පෝර උරයේ තිබෙනු දැකීමෙන් ඔහු බය විය. වහාම ඔහු ඒවා විසිකර දැමූවේ ආයේ නම් නිරෝධායනයට යොමු නොවන බව සිතමිනි.
සිය අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තාවේ. සිද්
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වාසියට නිරෝධායනය වෙලා: පෙරේත තටුවක් ගෙදර ඇවිත්