(ගිලීමලේ අමරදාස අංගම්මන )
පානදුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන තරුණියක් හදිසි අවශ්‍යතාවක් සඳහා නිවාඩු ලබාගෙන රත්නපුරය නගරයට පැමිණියේ සිය නිවෙස කරා යෑමටය. ඒවන විට රෑබෝවී තිබුණ ද එය ඇයට ගැටලුවක් නොවූයේ සිය නිවස නගරයට කිලෝ මීටර් දෙකක් පමණ දුරින් පිහිටා තිබීමත්, ත්‍රීරෝද රථයකින් පහසුවෙන් යා හැකිවීම නිසාත්ය.
වටපිට බලා ත්‍රිරෝද රථයකට ගොඩ වූ ඇඟලුම් සේවිකාව සිය නිවෙසට පිවිසෙන මංසන්ධිය තෙක් පැමිණ රියැදුරුට ගමන් ගාස්තු ගෙවා නිවසට පිවිසෙන අතුරු මාර්ගය දිගේ පයින්ම ගමන් කළාය.
අතුරු මාර්ගය ඔස්සේ තනිවම කඩිමුඩියේ ගමන් කරන ඇයට පිටු පසින් වේගයෙන් පැමිණෙන යතුරු පැදියක හඬක් ද ඇසිණි. යතුරු පැදියෙන් පැමිණි තරුණයන් දෙදෙනා රැගත් යතුරු පැදිය ඇය අසල නැවතිණි.
යතුරුපැදිය පැදවූ තරුණයා හඬ අවදිකරමින් කිසිවකුගේ නමක් පවසා එම පුද්ගලයාගේ නිවසට පිවිසීමට තව බොහෝදුරක් ඇද්දැයි විමසනවාත් සමග යතුරු පැදියේ පිටුපස අසුනේ වාඩිවී සිටි තරුණයා ඇයගේ ගෙලට සිය දකුණත යවා ගෙල පිරිමදින අයුරු සනීපෙට ඇයට දැණුනි.
යතුරුපැදිය පැදවූ අය තමන් සමග කතාකරද්දී පසුපස සිටි අය තමන් ගෙළපැලඳ සිටින මාලය කඩා ගැනීමට උත්සහා දරන බව වැටහීමෙන් ඇය නිහඬව උන්නාය. ක්ෂණයකින් තරුණයා ඇය ගේ ගෙල බැඳිමාලය අතට කඩාගත් වහාම කතාකර සිටි තරුණයා වහා යතුරුපැදිය පණ ගන්වා විදුලි වේගයෙන් ඉගිල ගියේය.
මෙම සිද්ධිය දුටු අසල ගමන් ගත් කීපදෙනෙක් කෑ මොර දෙමින් ”අනේ මිස් උන් දෙන්නා මිස්ගේ මාලෙ කඩාගෙන ගියා නේද? යි ඇසූහ.
”දැන් ඉතින් ඕකට දුක්වෙලා වැඩක් නැහැ නංගී, ඔයා ජොබ් එකක් කරනවා නම් අලුත් චේන් එකක් ගන්න ට්‍රයි කරන්න යැයි සිද්ධිය දුටු එතැනින් ගමන් කළ තවත් තරුණයෙක් ඇගේ දුක අස්වසාලමින් පැවසීය.
”මට කිසිම දුකක් නැහැ අයියේ. මාලේ පෙනුමට තිබ්බට ඒක ඉමිටේෂන් මාලයක්. මම පානදුරේ ඉඳලා ඇවිදින් රත්නපුරෙන් බැහැලා පාර දිගේ ගෙදර යනකොට වැඩිපුර පයින්ම යන්නෙ තනියෙන්. ගෙදර යද්දී පාරෙ යන අය මට නිතරම හමුවෙනවා. මේ දෙන්නා මගේ මාලේ කඩාගන්න ගොඩාක් කාලයක ඉඳන් ප්ලෑන් කරල තියෙනවා. උන් දෙන්නා මාස ගණනක් මම එන වෙලාව බලලා අද ඇවිත් ඉමිටේෂන් මාලේ කඩාගෙන ගියා. ඒක කඩා ගනිද්දි දඟලන්න ගිහින් පිහි පාරකින් ජීවිතේ නැතිකර ගන්නෙ නැතුව මම නිශ්ශබ්දව හිටියා.
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
දකුණේ රාජ්‍ය අනුග්‍රහය ලබන එක්තරා ආයතනයක “සර්” කියා ගැනීමට මහත් ගිජුකමක් දැක්වූ නිලධාරියකුගෙන් තමාගේ කටයුත්ත ඉටු කර ගැනීමට ලිපියක් ලියා ඒ තුළ සර් යය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මාලෙ කඩාගන්න බෙල්ල අතගාද්දී සනීපෙට ඉඳලා