IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බිරිඳ අයාලේ ගියාට බෙල්ල තියන්න යද්දී පොළඟෙක් හරස්වෙලා

(හලාවත  ඔගස්ටින් ප්‍රනාන්දු)
සිය බිරියගේ තහනම් ගහේ ගෙඩි කෑම අල්ලාගත් ස්වාමි පුරුෂයකු ඒ සම්බන්ධයෙන් ඇතිවූ කලකිරීමෙන් දුම්රියට පැන සිය දිවි නසා ගැනීමට ගත් උත්සහයක් ඒ අවස්ථාවේ දී පැමිණි දාර පොළඟකු තම දිවි පුදමින් ව්‍යර්ථ කළ අපූරු පුවතක් හලාවත කිට්ටුව ගමකින් වාර්තා විය.


මළ පොතේ අකුරක් නොදන්නා මිගෙල් අහිංසක මනුෂ්‍යයෙකි. ඔහු තිදරු පියෙකු වන අතර ඔහුගේ කලින් බිරිඳ ඔහු අත්හැර ගමේ තරුණයකුගේ හුරතලියක වූවාය. පොල් කැඩීම වෘත්තිය කර ගත් ඔහු ඉඩ ලද අවස්ථාවක පරණ යකඩ බඩු එකතු කර විකුණා අත මිට සරු කර ගෙන ඇත.


ඔහුගේ මුල් බිරිඳ ඔහුට අහිමි වූයේ මිගෙල් පදම ඉක්මවා මත්පැන් පානය කර වෙරි වූවාම වෙරි බහිනකම් ඕනෑම කානුවක වුව ද වැටී නිදන පුරුද්දක් ඇති කරගෙන තිබු නිසාය. 


තම මුල් බිරිඳ අන් උණුසුමක් සොයා ගිය නිසා දැඩි ලෙසින් කම්පනයට පත් මිගෙල්  කෙරෙහි අනුකම්පාවක් ඇති කර ගත් වෙනත් තැනැත්තියක් ඔහුගේ තනිකම නැති කිරීමට කැමැතිවී ඇත. මෙයින් පසු මිගෙල් මධුවිත තොලගෑම අඩු කරමින් අලුත් බිරිඳට පණ මෙන් ආදරය කරමින් අලුත් ජීවිතයක් ආරම්භ කළේය. 


මේ අතර ඔවුන් විසින් ඉදි කිරීම ආරම්භ කළ නව නිවසේ සිවිලිම් ගැසීමට යයි කියා ආ බාස්, මිගෙල් නැති අතර ඔහුගේ බිරිය හා අනියම් ඇසුරක් ඇති කර ගත්තේය. මෙය දැන ගත් මිගෙල් දෙවන බිරිඳට ගුටි බැට සංග්‍රහයක් දි ජීවිතය කලකිරී දුම්රියට පැන සිය දිවි නසා ගැනීමට  අලුයම් කාලයේ දුම්රිය මගට ගොස් රේල් පාරේ පිල්ල මත වාඩි වූයේය.


මේ අවස්ථාවේ එම ස්ථානයට නොසිතු ලෙසින් පැමිණි පොළඟකු දුටු මිගෙල් තමන් පැමිණි කාර්යය ද අමතක කර අසල තිබූ විශාල කළු ගලක් ඔසවා පොළගාගේ හිස මත අතහැර සර්පයා මරා සර්ප කුණ අතැතිව  පණ බේරා ගෙන ගෙදර ගොස් ඇත.



අදහස් (3)

බිරිඳ අයාලේ ගියාට බෙල්ල තියන්න යද්දී පොළඟෙක් හරස්වෙලා

ලුම්බිණි Saturday, 24 April 2021 08:13 AM

තම ජීවිතය බේරා දුන් සතාට සලකපු හැටි නම් අපුරුයි.

:       3       29

rathgama Monday, 26 April 2021 07:53 AM

පොළඟට තිබුණා නේද මෙයාගේ බෙල්ලට පැනලා දෂ්ඨ කරලා මේ සියදිවි නසාගැනීමට උදව් කරලා තමන්ගේ ජීවිතයත්... රැකගන්න. අනේ මෙහෙමත් මෝඩ පොළොංගු... !!!

:       1       22

sampath Wednesday, 28 April 2021 04:22 PM

මැරෙන්න ගියත් තව කෙනෙක්ට හානි කරන පුරුද්ද අත් ඇරලා නෑ.. ඒ සතාට පාඩුවේ යන්න දීලා වෙන තැනකට යන්න තිබුණනේ මැරෙන්න ඕනෑ නම්...

:       0       5

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 862 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 911 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1127 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1046 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1289 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1634 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site