(මතුගම පියසේන දොඩන්ගොඩ)
දැනට දශක කිහිපයකට පමණ පෙර ගමේ ගොඩේ කොයියම් නිවසකින් හෝ බෙරහඬක් නෑසුන රාත්‍රියක් නැති තරම්ය. සන්නියකුමක්, බලි තොවිලයක්, ග්‍රහ පූජාවක්, ශාන්ති කර්මයක් හෝ අඩු වශයෙන් කහ නූලක් බැඳීමක් නැතහොත් දෙහි කැපීමක්වත් ගමේ කොතනක හෝ සිදුවිය.
එදා යකුන්, ප්‍රේතයන්, පිශාචයින් හා කුම්භාණ්ඩයින් තම පවුලේ අයට හෝ තමාට හදි හූනියම් ‘අණ විණ’ කරතියි බියක් වැඩිදෙනා අතරේ හැම විටම පැවතුණි. මේ අතර සෑම රෝගාබාධයකටම මුල භූතයන් යකුන් පිට පටවා ‘ලෙඩේට’ ප්‍රතිකාර නොගෙන මිය පරලොව ගිය අය ද නොසිටියා නොවේ.
දිනක් ගැමි ගෙදරක රාත්‍රි කාලයේ තදබල භූත දෝෂයක් ඇති බවට කට කථා පැතිරී තිබුණි. දිනපතා මැදියම් රාත්‍රියේ එම නිවස පිටුපසින් ‘කරාස්’ බරාස්’ යනුවෙන් බියජනක ශබ්දයක් ඇසී ඒ ගැන විපරම් කර බැලුවත් කාට හෝ කිසිම හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය. මේක නම් තම පවුලට බලවත් විපත් කරදර ගෙනදෙන මහා භූත බලවේගයක් බව සිතු ඔහු යකැදුරන් සොයා ගියේය.
මෙය යක්ෂ උපද්‍රවයක් බව ඔහු පැවසුවෙන් වහා තොවිලයක් කර යකා පලවා හැරිය යුතු බව කීය. බියට පත් ගෙහිමියා මුදල් පොලියට ගෙන යකැදුරාගේ නියමය පරිදි තොවිලය කර ඇති අතර රුපියල් විසිදහසක් පමණ රටට ණය වී තිබුණි.
එහෙත් පසුවදා සිරිත් පරිදි මහ හඬින් එම ශබ්දය නැවතත් නිවස පිටුපසින් ඇසෙන්නට විය. මේ කතාව ගම පුරා පැතිරී ගිය අතර භූතයා සොයා දීමට ගමේ තරුණයෝ ඉදිරිපත් වූහ.
මූ නම් මහ මාර යකෙක් යයි පැවසු එක් අයෙක් පසුවදා එම නිවස පිටුපස කෙසෙල් පඳුරක සැඟවී රෑ මැදියම වෙනතුරා බලාගෙන සිටියේ නොයිවසිල්ලෙනි. මේ අතර එම නිවසේ බිත්තිය අසල නිදාගෙන සිටි හරකෙක් ‘දනිපනි’ ගා නැගිට ගලෙන් බැඳි බිත්තියේ ‘කරාස් බරාස්’ යන හඬ නගමින් බිත්තියේ කර උලන්නට විය.
දින ගණනාවක් අසල්වාසීන් සමග ශ්‍රමය හා මුදල් වැයකර තොවිලයක් නටා ‘සතේක’ පලක් නොවූ අතර අවසානයේ භූත යකා ගවයකු බව දැන ගන්නා විට ‘පෙරහර’ ගොස් හමාරය.
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
දකුණේ රාජ්‍ය අනුග්‍රහය ලබන එක්තරා ආයතනයක “සර්” කියා ගැනීමට මහත් ගිජුකමක් දැක්වූ නිලධාරියකුගෙන් තමාගේ කටයුත්ත ඉටු කර ගැනීමට ලිපියක් ලියා ඒ තුළ සර් යය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
තොවිලෙ නැටුවට යකා පිළිකන්නේ