IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පාස්කු ප්‍රහාරයෙන් මියගිය - අනාථ වූ දරුවන් වෙනුවෙන් අරමුදලක්

(අංජුල මහික වීරරත්න)

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන්  ආබාධිත වූ දරු දැරියන් සඳහාත් මාපියන් මියගිය සහ  ආබාධිත වීමෙන් අනාථ වූ දරුදැරියන් සඳහාත් විශේෂිත ළමා අරමුදලක් පිහිටුවීමට කටයුතු යොදා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

මෙම ළමා අරමුදල රුපියල් මිලියන 500 කින් සමන්විත වන අතර, රුපියල් මිලියන සියයක් රජයේ ප්‍රදානයක් ලෙස ද, ඉතිරි මිලියන 400 ආධාර ලෙස ද එම අරමුදලට එක් කෙරෙනු ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ විශේෂ ප්‍රකාශකයෙක් පැවැසීය.

ඒ සඳහා වූ කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍යවරයා විසින් හෙට (04) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව කී අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයා අරමුදලේ ඉදිරි කාර්යයන් අධීක්‍ෂණය හා ක්‍රියාත්මක කරලීම උදෙසා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් ද පත් කරන බවද සඳහන් කළේය.

එමෙන්ම මෙම ප්‍රහාරයෙන් ආබාධිත වූ පුද්ගලයන්ට විදේශගතව ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය අවස්ථාවල රජය විසින් වියදම් දැරීම හා වින්දිතයන්ගේ විශේෂ අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා කටයුතු කිරීමට ද රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද රජය තීරණය කර තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 261 දෙනෙක් බවට දැනට තහවුරු වී ඇති අතර එයින් 174 දෙනෙකු වෙනුවෙන් මේ වන විට වන්දි ලබා දී ඇතැයිද තුවාල සිදුවූ 407 දෙනෙකු අතරින් 226 දෙනෙකු පිළිබඳ වෛද්‍ය වාර්තා දැනට ලැබී ඇති අතර ඒ සියලු දෙනා වෙනුවෙන් වන්දි ලබා දී ඇති අතර ඉතිරි වෛද්‍ය වාර්තා ලැබුණු විගස වන්දි ලබා දීම සඳහා පියවර ගෙන තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.

මීට අමතරව විනාශයට පත් දේවස්ථාන යළි පිළිසකර කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදනයන් ද රජය විසින්මේ වන විට ලබා දී තිබෙන බව කී අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුණිඳුන්ගේ දේවස්ථාන ගොඩනැගිල්ල පුළුල් කරලීම උදෙසා වරාය අධිකාරියට අයත් පර්චස් 9 ක ඉඩම් ප්‍රමාණයක් ද ලබා දී තිබෙන බව සඳහන් කළේය.

වින්දිතයන්ට වන්දි සහ සහන සැපයීම උදෙසා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුල් ම කැබිනට් පත්‍රිකාව අප්‍රේල් 22  ඉදිරිපත් කරන ලද බව කී හෙතෙම  ඊට අප්‍රේල් 25 වන දා කැබිනට් අනුමැතිය ලැබුණු බවද පසුව ඇතිවූ කලබලකාරී තත්වයන් නිසා හානියට පත් මුස්ලිම් දේවස්ථාන පිළිසකර කිරීමටත්, වින්දිතයන්ට සහන සැලසීමටත් අනුමැතිය පතමින් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මැයි 23 වන දා අනුමැතිය ලැබුණු බවද පැවැසීය.



අදහස් (0)

පාස්කු ප්‍රහාරයෙන් මියගිය - අනාථ වූ දරුවන් වෙනුවෙන් අරමුදලක්

ඔබේ අදහස් එවන්න

තීරණ

මහමාර්ග ඇමැතිගෙන් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස්
2020 ඔක්තෝබර් මස 19 625 0

මාර්ග සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීමේ දී ඔවුන්ගේ කාර්යසාධක වාර්තා අධ්‍යයනය කරන්නැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්


අධිකරණ අමාත්‍යංශයේ මහජන දිනය ඔන්ලයින් ක්‍රමයට
2020 ඔක්තෝබර් මස 14 509 0

අධිකරණ අමාත්‍යංශයේ මහජන දිනය ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පැවැත්වීමට එම අමාත්‍යංශය පියවර ගෙන ඇත.


මධ්‍යම තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවා සැපයීම අත්හිටුවයි
2020 ඔක්තෝබර් මස 09 2762 0

කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ, මධ්‍යම තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවා සැපයීම ඔක්තෝබර් 17 වැනිදා දක්වා අත්හිටුවීමට තීරණය කළ බව තැපැල්පති රංජිත් ආරියරත්


සිංගප්පූරුවෙන් ලංකාවට මුඛ ආවරණ මිලියනයක්
2020 ඔක්තෝබර් මස 08 1064 0

සිංගප්පූරුවේ ටෙමාසෙක් පදනම මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් වටිනා මුඛ ආවරණ මිලියනයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා ස


විභාග සහතිකපත් නිකුත් කිරීම අන්තර්ජාලය ඔස්සේ පමණයි
2020 ඔක්තෝබර් මස 05 804 0

විභාග සහතික පත්‍ර නිකුත් කිරීම අන්තර්ජාලය ඔස්සේ පමණක් සිදු කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පොල්තෙල් - පාම්තෙල් කලවම් කර විකිණීමට තිබූ අනුමැතිය අවලංගුයි
2020 සැප්තැම්බර් මස 30 497 0

පොල්තෙල් හා පාම්තෙල් කලවම් කර විකිණීමට අනුමැතිය දෙමින් 2016 වසරේ නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පාරිභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site