බිඟුන් මේනක ගමගේ
නීති විද්‍යාලයේ මෙතෙක් කලක් විභාග පැවැත් වූ ක්‍රමවේදය වෙනස් කිරීමෙන් සිසුන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බව කියමින් ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමය අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතාට ලිපියක් යොමුකර ඇත.
විභාගයේ පවතින තරගකාරීත්වය නිසා අධ්‍යයන වසර සමත්වීමට පනවා ඇති කොන්දේසි සැපිරීමට අසමත් වන සිසුන්ට පැවැත්වූ සහනශීලී විකල්ප විභාග හදිසියේම අහෝසි කිරීමෙන් මෙම ප්රශ්නය පැන නැග ඇති බව ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමය සිය ලිපියෙහි දක්වා ඇත.
නීති විද්‍යාලයේ පවතින විභාග ක්‍රමය යටතේ විෂය අටකට අදාළව ප්‍රශ්න පත්‍ර සකස් කරන බව ද අධ්‍යයන වර්ෂය සමත්වූවකු සේ සැළකීමට නම් අදාළ විෂය අටෙහි ලකුණු එකතුවේ සාමාන්‍ය 50% ක් ද ඒ එක් එක් විෂයකට ලකුණු 40 ඉක්මවා ලබාගත යුතු බව ද එහි සඳහන් වේ.
එහෙත් මෙම ඉලක්ක සැපිරීමට අසමත් වන සිසුන්ට දින දහයක් ඇතුළත පැවැත්වෙන විකල්ප විභාගයක් මෙතෙක් කලක් පැවතුණ බවත් පසුගිය මාර්තු මාසයේ කළ හදිසි නිවේදනයකින් පසුව එය අහෝසි කර ඇති බවත් ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමය චෝදනා කරයි.
මෙම තත්ත්වය විස්තර කරමින් වෙනම විශේෂ වාර්තාවක් සකස් කිරීමට ද එම ශිෂ්‍ය සංගමය කටයුතු කර ඇති අතර එහි පිටපතක් ද අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතාට යොමු කර ඇත.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පතිනි ජනාධිපති නීතිඥ ඉන්දිරා සමරසිංහ මහත්මිය ඒ ගැන තමාට නිශ්චිත අදහසක් පළ කළ නොහැකි බවත් අගවිනිසුරුවරයාගෙන් උපදෙස් ලබාගැනීමට කටයුතු කරන බවත් පැවසීය.
මාර්ග සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීමේ දී ඔවුන්ගේ කාර්යසාධක වාර්තා අධ්‍යයනය කරන්නැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්රනාන්
අධිකරණ අමාත්‍යංශයේ මහජන දිනය ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පැවැත්වීමට එම අමාත්‍යංශය පියවර ගෙන ඇත.
කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ, මධ්‍යම තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවා සැපයීම ඔක්තෝබර් 17 වැනිදා දක්වා අත්හිටුවීමට තීරණය කළ බව තැපැල්පති රංජිත් ආරියරත්
සිංගප්පූරුවේ ටෙමාසෙක් පදනම මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් වටිනා මුඛ ආවරණ මිලියනයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා ස
විභාග සහතික පත්‍ර නිකුත් කිරීම අන්තර්ජාලය ඔස්සේ පමණක් සිදු කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.
පොල්තෙල් හා පාම්තෙල් කලවම් කර විකිණීමට අනුමැතිය දෙමින් 2016 වසරේ නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පාරිභ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නීති විභාග ක්‍රමවේදයේ වෙනස ගැන සිසුහු අගවිනිසුරුට ලියති