(බිඟුන් මේනක ගමගේ)
ජනමාධ්‍ය නිදහසට බරපතල තර්ජනයක් එල්ල විය හැකි යැයි පවසමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරාල මහත්මියට ලිපියක් යොමුකර ඇත.
අසත්‍ය ප්රවෘත්ති ප්‍රචාරය කරන්නන් සහ වෛරී ප්‍රකාශ පළකරන්නන් හට දඩ හා සිර දඬුවම් නියම කිරීමට හැකිවන පරිදි දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය විධිමත් පැහැදිලි කිරීමකින් තොරව සංශෝධනය කිරීමෙන් ජනමාධ්‍ය නිදහසට බරපතල තර්ජනයක් එල්ල වන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දන්වාසිටියි.
අසත්‍ය සහ වෛරී ප්‍රකාශ මේ වනවිට රටේ බරපතල ප්‍රශ්නයක් බවත් ඒවා වැළැක්වීමට පියවර ගැනීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ස්ථාවරය බවත් එසේ වුවත් ඒ සඳහා දැනට පවතින නීති නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවත් එහි සඳහන් වේ.
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඉල්ලීම අනුව මීට අදාළ කැබිනට් පත්‍රිකාවක් අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇතැයි ද ඒ අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් දෙන්නැයි විෂය භාර ඇමැතිනියගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය ලිපියේ සඳහන් කර ඇත.
දැනට ඒ සඳහා පවතින නීති , පදනමකින් තොරව විවිධ පාර්ශ්වයන් සිය අවශ්‍යතා මුදුන් පමුණුවාගැනීමට යොදාගන්නේ යැයි ද එහි දැක්වේ.
අයි.සී.සී.පී.ආර් පනත යටතේ චෝදනා එල්ල කර ලේඛක ශක්තික සත්කුමාර මහතා මාස දෙකහමාරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබීමත් ප්‍රවීණ මාධ්‍යවේදී කුසල් පෙරේරා ලියූ පුවත්පත් ලිපියක් පදනම් කරගෙන එම පනත යටතේම පරීක්ෂණයක් ආරම්භ කර තිබීමත් ඊට කදිම නිදසුන් යැයි ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
මාර්ග සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීමේ දී ඔවුන්ගේ කාර්යසාධක වාර්තා අධ්‍යයනය කරන්නැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්රනාන්
අධිකරණ අමාත්‍යංශයේ මහජන දිනය ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පැවැත්වීමට එම අමාත්‍යංශය පියවර ගෙන ඇත.
කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ, මධ්‍යම තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවා සැපයීම ඔක්තෝබර් 17 වැනිදා දක්වා අත්හිටුවීමට තීරණය කළ බව තැපැල්පති රංජිත් ආරියරත්
සිංගප්පූරුවේ ටෙමාසෙක් පදනම මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් වටිනා මුඛ ආවරණ මිලියනයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා ස
විභාග සහතික පත්‍ර නිකුත් කිරීම අන්තර්ජාලය ඔස්සේ පමණක් සිදු කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.
පොල්තෙල් හා පාම්තෙල් කලවම් කර විකිණීමට අනුමැතිය දෙමින් 2016 වසරේ නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පාරිභ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් අධිකරණ ඇමැතිනියට ලිපියක්