IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කොවිඩ් රෝගියකුට හුස්ම ගැනීම පහසු කිරීමේ නිවැරැදි ඉරියව්

කොවිඩ් වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය මේ වන විට රටපුරා සීඝ්‍ර පැතිර යාමක් සිදුවෙමින් පවතී.ඒ දිනෙන් දින ආසාදිත ලැයිස්තුවට වාර්තාවෙන තුන්දහස ඉක්මවූ රෝගීන්ගෙන් සහ මරණ ප්‍රතිශතය අලුත් වෙමින් 150ට අධිකව ගොඩ ගැසෙන කොරෝනා මරණත් සමගිනි.

රෝහල් කිහිපයකම ධාරිතා මට්ටම පසුකර ඇති මෙවන් මොහොතක කෙසේ හෝ තත්ත්වය මර්දනය උදෙසා දිවා රෑ නොබලා වෙහෙස වීමට ⁣සෞඛ්‍ය අංශවලට සිදුව ඇත.

කොවිඩ් ආසාදිත පුද්ගලයින් හට රෝහල් තුළ ප්‍රතිකාර කිරීමට සමගාමීව රෝග ලක්ෂණ නොදක්වන හා සුළු රෝග ලක්ෂණ සහිත ආසාදිතයන් හට තම නිවසෙහි ම රැඳී ප්‍රතිකාර ලබා ගැනීමට හැකි වැඩපිළිවෙළක්ද ඉකුත් සතියේ සිට ක්‍රියාත්මක කෙරිණි.

නිවසේ රැඳී ප්‍රතිකාර ලැබීමේ දී රෝග ලක්ෂණ උත්සන්න වීම කලින්ම හඳුනා ගැනීම, ඉතා වැදගත් කරුණකි. විවේකීව සිටියදී හෝ සුළු මහන්සි වීමකින් පසුව, හුස්ම ගැනීමේ අපහසුතාවක් හෝ හතියක් ඇතිවීම මෙහි දී, වහාම රෝහල්ගත වීමට හේතුවක් සේ සැලකේ. එමෙන්ම රුධිරයේ ඔක්සිජන් මට්ටම, විවේකීව සිටියදී හෝ සුළු මහන්සි වීමකින් පසු 96% කට වඩා, අඩු වේ නම්, එයත් තව දුරටත් නිවසේ රැඳී සිටීමට සුදුසු තත්ත්වයක් නොවේ.

යම්කිසි කෙනෙක් නිවෙස් ගත කොවිඩ්-19 ප්‍රතිකාර සම්බන්ධීකරණ පද්ධතියෙහි ලියාපදිංචි වීමෙන් පසුව මෙවන් තත්ත්වයක් ඇති වුවහොත් වහාම අදාල වෛද්‍ය කණ්ඩායමට දැනුම් දිය යුතුයි. ඉන්පසුව එම වෛද්‍ය කණ්ඩායම විසින් විශේෂඥ වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම රෝගියා වහාම රෝහලකට ඇතුළත් කිරීමට කටයුතු යොදනු ලැබේ.

එසේ රෝහලකට ඇතුල් කිරීම සම්බන්ධීකරණය කිරීමට ගත වන කාලය ඇතුළත හුස්ම ගැනීමේ අපහසුතාවක් පවතින්නේ නම් රෝගියා හට පහත ආකාරයට ඉරියව් වෙනස් කිරීමෙන් එම හුස්ම ගැනීමේ අපහසුතාව යම් දුරකට අවම කර ගත හැකියි.

ඒ අනුව සෑම පැය 2 කට වරක් ම...,

⦾ විනාඩි 20-30 මුනින් අතට ද, ( ගර්භනී කාන්තාවන් හා ස්ථුල පුද්ගලයන් විසින් මෙම ඉරියව්ව මග හැරිය යුතු වේ)

⦾ විනාඩි 20-30 දකුණු ඇලයට ද,

⦾ විනාඩි 20-30 වාඩි වී ද,

⦾ විනාඩි 20-30 වම් ඇලයට ද , ස්ථානගත වීමෙන් මෙම අපහසුතාව අවම කර ගත හැකි වනු ඇත.

මෙය ලොව පුරා කොවිඩ් - 19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල හුස්ම ගැනීමේ අපහසුතාවෙන් පෙළෙන රෝගීන් සඳහා භාවිත වන , ස්වසන අපහසුතාව අවම කරගැනීමට උපකාරී වන එක් සරල ක්‍රමෝපායකි.

එහෙත් මෙහිදී වඩාත්ම අවධාරණය කළ යුතු සහ මතක තබා ගත යුතු වැදගත් කාරණය වන්නේ, හැකි ඉක්මනින් ම වෛද්‍ය උපදෙස් ලබා ගනිමින් ලැබෙන උපදෙස්වලට අනුකූල වෙමින් රෝහල් ගත වීමට කටයුතු කිරීමයි.

රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන නව කොරෝනා වයිරසයෙන් ගැලවී, එම රෝග ආසාදනය නිසා සිදුවන විවිධ අපහසුතාවලින් මිදීමට ඔබ මේ අවස්ථාවේ ගත යුතු වඩාත්ම වැදගත් පියවර වන්නේ සියලු අනවශ්‍ය ගමන් බිමන් හා හමුවීම් වහාම නවතා නිවසට වී සුරැකිව සිටීමයි. මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය පුරාවට පුරවැසියන් ලෙස අපේ වගකීම පිළිබඳ සැලකිලිමත් වුවහොත් සැමටම සුබදායී කාලයක් යළිඳු උදාවනු ඇත.

(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරු ඇසුරිනි)

-සටහන- මාධවී ධර්මරත්න.

 



අදහස් (0)

කොවිඩ් රෝගියකුට හුස්ම ගැනීම පහසු කිරීමේ නිවැරැදි ඉරියව්

ඔබේ අදහස් එවන්න

සුව දිවියට අත්වැලක්

රට පුරාම පැතිරෙන 'ටීනියා'
2024 අප්‍රේල් මස 19 221 0

ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද


මුලින් හැඳුනා ගැනීමෙන් පිළිකාව පරදන මග
2024 මාර්තු මස 21 474 0

පිළිකා රෝගය කලින් කඳුනා ගනීමෙන් නිට්ටාවටම වුව සුව කරගත හැකි රෝගයකි.. එහෙත් නොසැලකිලිමත්කමෙන් හෝ නොදැනුවත්බවින් සිටියහොත් එසේ සුව කරගත හැකි අවස්ථා මග


බෙහෙත්වල ගුණ නැති කරන කෑම බීම ගැන දන්නවාද?
2024 මාර්තු මස 06 1260 0

පුද්ගලයකු කායිකව හෝ මානසිකව රෝගී වූ විට හොඳම විසඳුම නිසි ප්‍රතිකාරයක් සඳහා යොමුවීමයි. එහෙත් ඖෂධ ප්‍රතිකාර ගත් පමණින්ම රෝගයක් සුවවෙන්නෙ නැහැ. ඒ සඳහා තව


ලාදුරුවලින් බේරෙන්නෙ මෙහෙමයි
2024 පෙබරවාරි මස 20 705 0

මෙරට ලාඳුරු රෝගීන් සොයාගැනීම ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ ලාඳුරු රෝගින් 1500කට අධික සංඛ්‍යාවක් අලුතින් වාර්තා වී තිබෙන අතර එයින් 173 දෙනෙකු පාසල් දරුවන් ය.


මව රැකියාවට ගියත් මුල් මාස හය දරුවාට මව්කිරි පමණක් ලබා දෙන්නේ කොහොමද
2024 ජනවාරි මස 20 544 0

අලුත උපන් බිළිඳාගේ පූර්ණ පෝෂණයට අවශ්‍යය වන එකම ආහාර වේල වන්නේ මව්කිරි ය. එම නිසා දරුවාගේ වැඩීමට, බුද්ධිවර්ධනයට හා ප්‍රතිශක්තිකරණය සඳහා මුල් මාස හය නිව


උණ දවස් දෙකකට වඩා වැඩි නම් බෙහෙත් ගන්න
2024 ජනවාරි මස 10 548 0

පසුගිය කාලයේ පැතිර ගිය ඔමික්‍රෝන් රෝගයේ ම අනු ප්‍රභේදයක් වන න්‍භග 1 ප්‍රභේදය මේ වනවිට ලෝකය පුරාම ඉතා ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ. එම රෝගය මෙරටටත් පැමිණ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1636 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site