කොරෝනා වයිරසයෙන් අප්‍රිකාව පුරා වසරක් තුළ 190 000ක ජනතාවක් මිය යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
අප්‍රිකානු රටවල වසංගතය වසර කිහිපයක් පවතිනු ඇති බවට ද නව සමීක්ෂණයකින් අනුමාන කර තිබේ.
සමීක්ෂණයෙන් පැවසෙන්නේ අප්‍රිකාවේ මිලියන 29 - 44ත් අතර ජනතාවක් පළමු වසර තුළදී ආසාදනය වියහැකි බවයි.
එම කාලය තුළ 83 000 - 190 000 ත් අතර පිරිසක් මිය යා හැකි බවද එය අනතුරු අඟවයි.
අප්‍රිකානු කළාපයේ රටවල් 47ක් සම්බන්දව මෙම සමීක්ෂණයේදී අවධානය යොමුකර තිබේ.
කළාපයේ රජයන් විසින් ඉක්මන් ක්‍රියාමාර්ග අනුගමනය නොකළහොත් ඉදිරි වසර කිහිපය තුළ, ජීවිත බිලිගැනීම කෙරෙහි කොවිඩ් - 19 සිදුකරන බලපෑම වැඩි වනු ඇතැයි ලෝක සෞඛය සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.අප්‍රිකාවේ වඩාත් ජනාකීර්ණ රටවල් වන නයිජීරියාව, දකුණු අප්‍රිකාව සහ අයිවරි කෝස්ට් ඇතුළු රටවල් කිහිපයක් ඔවුන්ගේ අගුලු දැමීමේ පියවරයන් ලිහිල් කිරීමට පටන් ගැනීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ.
"පරීක්ෂා කිරීම, ආසාදිතයන් ලුහුබැඳ යාම, නිරෝධායනය කිරීම සහ ප්‍රතිකාර කිරීම කෙරෙහි වැඩි වැඩියෙන් අවධානය යොමු කළ යුතුයි." යැයි ඔවුහු පවසති.
අප්‍රිකානු මහාද්වීපය පුරා මේ වනවිට කොරෝනා මරණ 2 000කට වඩා සිදුවී ඇති බව අප්‍රිකානු රෝග පාලන මධ්‍යස්ථානය පවසයි.
ලෙසෝතෝ හැර සෑම අප්‍රිකානු රටකම ආසාදිතයන් වාර්තා වී තිබේ.
දකුණු අප්‍රිකාවෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන අතර එය 8 200කි. මරණ 160ක් සිදුවී තිබේ.
වැඩිම මරණ සංඛ්‍යාව වන 483ක් ඇල්ජීරියාවෙන් වාර්තා වේ.
(බීබීසී ඇසුරිණි - 085)
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අප්‍රිකාව ගැන භයංකාර අනතුරු ඇඟවීමක්
chandima Friday, 08 May 2020 12:39 PM
මොකද අප්‍රිකාව ගැන කියන්නේ..? බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව ගැන කියන්න බයේද? එහෙත් නහුතෙට මැරෙනවා.