IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


විදුල මිල - තෙල් මිල වැඩි කිරීමක් සිදුවන්නේ නෑ

(එච්. චන්දන )

පවතින තත්වය හමුවේ හදිසි අවස්ථාවක හැර විදුලි කප්පාදුවක් , විදුල මිල වැඩි කිරීමක්  සහ ඛනිජ තෙල් මිල වැඩි කිරීමක් සිදු කිරීමට සුදානමක් නැති බව විදුලි බලශක්ති හා ප්‍රවාහන සේවා කළමණාකර ආමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුනේ නොරොච්චෝලේ ලක් විජය විදුලි බලාගාරයේ අද (07) නීරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදීය.

මේ අවස්ථාවේ සෞඛ්‍ය , ත්‍රිවිධ හමුදාව පොලිසිය විශාල කටයුත්තක් සිදු කරන බවත්  , ඔවුගේ කටයුතු සාර්ථකව කරගෙන යාමට දිවයින පුරා අකණ්ඩ විදුලි සැපයීමත් සිදු කළ යුතු බවත්  මෙම විදුලි බලාගාරවල සේවය කරන සියළු සේවකයින්ගේ සේවය මේ මෙහොතේ විශාල ලෙස වටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔවුන් දිරිමත් කිරීම සඳහා රජය වෙනුවෙන් බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බවත් ලක් විජය බලාගාරයේ සේවය අකුරටම ඉටුකර ජතික විදුලි බල පද්ධතියට සියයට 60 ක ධාරිතාවයක් ලබා දීමට කටයතු කිරීම විශිෂ්ඨ කටයුත්තක්  බවත් අමාත්‍යවරයා කීය.

ඩීසල් විදුලිය ලබා ගැනීමට වඩා මෙහි ඊලඟ අධියර ක්‍රියාත්මක කලහොත් කෝටි 10 මුදලක් දවසකට ඉතුරු කිරීමේ හැකියාව ලැබෙන බවත් විදුලි බල මණ්ඩලය පරිසර හිතකාමී ගල් අගුරු බලාගාර , කුඩා ජල විදුලි බලාගාර , එල් එන් ජි විදුලි බලාගාර , සෝලා මගින් ක්‍රියාත්මක වන , සුළං බලයෙන් ක්‍රියාත්මක කරන , මිශ්‍ර වු ව්‍යපෘති ගණනාවක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බවත් හෙතෙම පැවසීය.

පසුගිය වසර 05 තුළ නව විදුලි බලාගාරයක් රටේ ඉදි නොවීම නිසා දැවැන්ත පාඩුවක් රටට විදුලි බල මණ්ඩලයට මුහුණ දෙන්න වෙලා තිබෙන බවත් ඒ තත්වයෙන් මිදෙන්න අවශ්‍ය කටයතු සුදානම් කරමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම අව්සථාවට විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් , ලක් විජය විදුලි බලගාරයේ  සාමාන්‍යධිකාරී ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 



අදහස් (1)

විදුල මිල - තෙල් මිල වැඩි කිරීමක් සිදුවන්නේ නෑ

Nuwan Tuesday, 07 April 2020 01:15 PM

"පසුගිය වසර 05 තුළ නව විදුලි බලාගාරයක් රටේ ඉදි නොවීම නිසා දැවැන්ත පාඩුවක් රටට විදුලි බල මණ්ඩලයට මුහුණ දෙන්න වෙලා තිබෙන බවත් ඒ තත්වයෙන් මිදෙන්න අවශ්‍ය කටයතු සුදානම් කරමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය." එතකොට මහින්ද අමරවීර පහුගිය ආණ්ඩුව කාලේ කොහෙද හිටියේ ඇත්තටම? මුන් හිතන්නේ අපි මැරිලා ඉපදිලා කියල....

:       0       41

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1139 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2770 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 718 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 926 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 800 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1636 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site