නවසීලන්තය තුළ කොරෝනා වයිරසය සමාජීය වශයෙන් පැතිරීම නතර කිරීමට හැකිවූ බව එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් මහත්මිය පවසයි.
දින කිහිපයක සිට තනි සංඛ්‍යාවක රෝගීන් එරටින් වාර්තා වන අතර ඊයේ දිනයේ වාර්තා වී ඇත්තේ වෛරසය ආසාදිත එක් රෝගියෙකු පමණි.
හෙට දිනයේ සිට අත්‍යවශ්‍ය සේවා වශයෙන් සැලකිය නොහැකි ව්‍යාපාර කටයුතු, සෞඛ්‍ය සත්කාර සේවා සහ අධ්‍යාපන ක්‍රියාකාරකම් යළි ඇරඹේ.
අප නැවත ආර්ථික කටයුතු ආරම්භ කරන නමුත් ජනතාවගේ සමාජීය ජීවිත ආරම්භ නොකරන බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
රෝගය සමාජීය වශයෙන් පැතිරීම නතර කිරීමට හැකිවූ සටන අප ජයග්‍රහණය කළ බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
රටේ මෙම තත්ත්වය දිගටම පවත්වා ගැනීමට සුපරික්ෂාකාරීව සිටිය යුතු බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
නවසීලන්තයේ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් ඈෂ්ලි බ්ලූම්ෆීල්ඩ් මහතා පැවසුවේ ගතවූ ආසන්නතම දිනවල කොරෝනා වෛරසය ආසාදිත නව රෝගීන් වාර්තා වීම අවම වීම වෛරසය තුරන් කිරීමේ ඉලක්කයට ළඟා වී ඇති බවට විශ්වාසය ගොඩනගන බවයි.
කෙසේ වුවත් ඉදිරියේදී අලුතින් රෝගීන් වාර්තා නොවේ යැයි ඉන් අදහස් නොකෙරෙන බවත් රෝගය පැමිණීමේ මූලාශ්‍ර අප හඳුනාගෙන ඇති බවත් ඔහු සඳහන් කරයි.
නවසීලන්තයෙන් මේ වන විට වෛරසය ආසාදිත රෝගීන් 1,500 කට අඩු සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 19 කි.
-226-
(බීබීසී ඇසුරෙනි)
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කොරෝනා වයිරසය නවසීලන්තයේ පැතිරීම අවසන්