IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කොරෝනා මැඬලීමට තුර්කියේ ජනපති මාස 7 ක වැටුප පිරිනමයි

තුර්කි ජනපති රිසෙප් ටයියීප් එර්දොගාන් මහතා සිය මාස 7 ක වැටුප කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සඳහා පරිත්‍යාග කර ඇතැයි වාර්තා වේ.

ජාතික සහයෝගිතා ව්‍යාපාරය ආරම්භ කරමින් ඔහු මෙම පරිත්‍යාගය සිදුකර තිබේ.

කැබ්නට් අමාත්‍යවරුන් හා නීතිවේදීන් ද මේ සඳහා අමෙරිකානු ඩොලර් අට ලක්ෂයකට ආසන්න මුදලක් පරිත්‍යාග කර ඇත.

වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලදී ආර්ථික වශයෙන් දැඩි පීඩාවට ලක්වන අඩු ආදායම්ලාභී පුද්ගලයින්ට සහන සැලසීම මෙම ව්‍යාපාරයේ අරමුණක්  බව ජනපතිවරයා පැවසීය.

මේ අතර වයිරසයට එරෙහිව කටයුතු කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග කිහිපයක් ද ප්‍රකාශයට පත්කර ඇත.

නගාරාන්තර ගමනාගමනයට සීමා පැනවීම, සියලු ජාත්‍යන්තර ගුවන් ගමන් අවලංගු කිරීම සහ සතිඅන්ත දිනවලදී එළිමහන් ස්ථාන වසා දැමීම ඒවා අතර වෙයි.

තුර්කියෙන් මේ වන විට වයිරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 10,827 ක් වාර්තා වන අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව 168 කි.

(සීඑන්එන් ඇසුරෙනි)

-226-



අදහස් (9)

කොරෝනා මැඬලීමට තුර්කියේ ජනපති මාස 7 ක වැටුප පිරිනමයි

ravi Tuesday, 31 March 2020 06:05 AM

ඇමෙරිකානු ඩොලර් සියයකටත් අධික පුද්ගලික දේපොළක හිමිකාරයෙක් වෙන ඇර්දොගාන් මාස 7ක වැටුප් ජනතාව වෙනුවෙන් පුජා කෙරුවලු. මේක තමයි මෙයා කරපු ලොකුම විහිලුව .. !!!

:       0       0

රවින් Tuesday, 31 March 2020 06:45 AM

ඔං අපේ රටේ කට්ටියට නම් මේවගේ වැඩවලට සහබාගි වෙන්න බැහැ. තියෙන්නේ භාරකාර කැබිනෙට්ටුවක්, රටේ ප්‍රධාන පුටුව බාරගෙන යන්තං මාස තුන හතරයි ගෙවුනේ. ඒ අතරතුර දියවන්නාවේ තිබුණු කුඩුවෙත් දොරවල් ඇරලා. රටේ පවතින තත්වය උඩ කොමිෂන් ගැනත් හිතන්න අමාරුයි. මෙවැනි උභතොකොටික ප්‍රශ්න වැලයි. හොඳමදේ තමා ඇටිකෙහෙල් ගිල්ල උගුඩුවො වගේ බලාගෙන ඉන්න එක.

:       4       7

Sri Lankan Tuesday, 31 March 2020 07:01 AM

අපේ රටේ මුලූ සේසතම ජනතාවට පිරිනමපු 225 ට සහ සියලු ශ්‍රී ලංකා පාලකයින්ට මගේ හදපිරි මෙව්වා එක... ජනතාව ඔයාලව අවුරුදු 72 කන්න , බොන්න , වාහන , සහ මුලූ පව්ලම නඩත්තු කලා. ඔයාලගෙන් රටේ අහිංසක ජනතාවට වෙන මුකුත් එපා කෑම, බෙහෙත් ටික “නයට “ (පසුදිනක මුදල් ගෙවීමට ) හදන්න ක්‍රමයක් නැත්නම් ඇති වැඩේ මොකක්ද ?

:       2       48

කපුරු හාමි Tuesday, 31 March 2020 08:25 AM

ඒකටත් එක්ක.... අපේ රටේ දුශිත දේශපාලුවන් ..පවුල් පිටින් ජනතාව ගසාකාපු එකාලා.

:       0       9

mahinda Tuesday, 31 March 2020 08:36 AM

අනේ පිංකල තුර්කින්නේ, තොප කල පිං නිසයි එවන් රජේක් තොපට ඉන්නේ.... අප කලපවු නිසයි අපෙ මුදලින් උන්ගේ දෙමාපියන්ගේ සොහොන් තැනූ රජෙක් අපිට ඉන්නේ...

:       1       16

Nuwan Tuesday, 31 March 2020 08:46 AM

කෝ හප්පා අර චීනගෙන් චීනාගේම වයිරසේ පාලනය කරන්න ගත්තු මිලියන 500 ණය?

:       0       20

ලුම්බිණි Tuesday, 31 March 2020 09:21 AM

ඒකට අපේ රටේ...

:       0       1

Raveendra Tuesday, 31 March 2020 09:50 AM

හුරේ ඔන්න කරනවා නම් පිං අතේ වැඩ.... අපේ සත් ගුණවත් " දියවන්නඔය පට්ටියේ 225 ටම " මෙය කියවීමට හැකි වේවා !!! පිං බත් ගිලපු එකේ කළගුණයවත් තැබීමට 225 මහගු අවස්ථාවක් ලැබී ඇති බැවින් එය නිසි ලෙස ප්‍රයෝජනයට ගනු ඇතැයි අප තරයේ විස්වාස කරන්නෙමු....

:       1       0

athura Wednesday, 01 April 2020 04:24 AM

රවින්ද්‍ර මහත්මා ඇයි දියවන්නාවේ 225 ගැනම විතරක් කතා කරන්නේ ? එතකොට ලොකුම කෙනා.

:       0       1

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1138 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2770 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 718 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 926 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 800 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site