IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සහරාන් කාන්තාවන් පුහුණු කළ මධ්‍යස්ථානයක් වටලයි

වසන්ත චන්ද්‍රපාල සහ කුමාර සී. ලියනආරච්චි

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කරන ලද ත්‍රස්තවාදි නායක සහරාන් හෂිම් විසින් කාත්තන්කුඩි පාලමුනේ කරබලා ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය කාන්තවන් පුහුණු කිරිමේ මධ්‍යස්ථානයක් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීහු සමත්වූහ.

මාවනැල්ල බුදු පිලිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව විසින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරිමේදි මෙම ස්ථානය පිලිබදව තොරතුරැ සොයා ගැනිමට හැකිව තිබේ.

පසුව ඔහු සමග කාත්තන්කුඩි පාලමුනේ කරබලා ප්‍රදේශයට ගොස් සියාද් ගාඩන් නැමැති හෝටලය සොය ගැනිමට අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීහු සමත්වූහ.

පසුව පොලිස් විශේෂ කාර්ය බලකායේ පරීක්ෂා නිළධාරින් පැමින මෙම හෝටලයේ කාමර සහ භුමිය දැඩි පරීක්ෂාවට ලක් කරනු ලැබිය.

හෝටලයේ අයිතිකරැ සහ මිට පෙර මෙම ඉඩමේ අයිතිකරැ ගෙන් ප්‍රශ්ණ කර ඔවුන් ගේ ප්‍රකාශ සටහන් කර ගැනිමට අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිළධාරින් කටයුතු කරනු ලැබිය.

මෙම ස්ථානයේ සහාරාන් සමග කටයුතු කල බොම්බ පුපුරැවා ගෙන මිය ගිය අයගේ බිරින්දෑවරැ පිරිසක් මෙම ස්ථානයේ සහරාන් පැවැත්වු දේශණවලට සහාභාගි වි ඇති බව ද පරීක්ෂණ වලින් කරැණු හෙලි කර ගැනිමටද පරීක්ෂණ පැවැත්වු නිළධාරින් සමත් වි තිබේ.

මේ පිලිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිළධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වති.



අදහස් (31)

සහරාන් කාන්තාවන් පුහුණු කළ මධ්‍යස්ථානයක් වටලයි

Siri Friday, 08 May 2020 03:11 PM

ඡන්දෙ කවද්ද?

:       0       0

සුදේශ් Friday, 08 May 2020 03:21 PM

වැඩක් නැහැ. සහරාන්ව හදපු මිනිස්සු තමයි අද රට පාලනය කරන්නේ. බොරුද...?

:       0       0

kamal Friday, 08 May 2020 04:28 PM

ටිකෙන් ටික ඡන්දය වෙනකන්...

:       0       0

Pradeep Friday, 08 May 2020 05:53 PM

අපි බොහෝවිට ඉස්තාලය වසා දමන්නේ අශ්වයා පැන ගියාට පසුවය..

:       82       343

sunilFriday, 08 May 2020 07:49 PM

අශ්වයා ඉන්නේ ජනාධිපති මන්දිරයේ.

:       1783       723

WasanthaSaturday, 09 May 2020 09:32 AM

ඒ කියන්නෙ අශ්වයා සිරිකොතෙන් පැනල ඇවිල්ලද අරලියගහ මන්දිරයට....

:       2       73

බණ්ඩා Saturday, 09 May 2020 07:31 PM

නෑ. කවදාවත් එහෙ හිටියේ නෑනේ... මැදමුලනට ගිහින්, එහෙන් පැනලා ඇවිත් දැන් පොහොට්ටුවේ සභාපති වෙලානේ ඉන්නේ...

:       0       0

MaheshSaturday, 09 May 2020 02:39 AM

බොහෝ ආණ්ඩු කැමතියි ජාතින් බෙදාවෙන්කරන්න පුලුවන් ඕනෑම දේකට.... මොකද එතකොට ඡන්ද කරන්න ලේසියි එයාලට. දැන් මේ කරන්නේත් ඒකම තමයි.. නැතුව ඒවා නැවත නොවෙන්න කටයුතු කිරීම නොවේනේ..

:       0       0

jonanaSaturday, 09 May 2020 11:29 AM

දැනගෙන නේ යවලා තියෙන්නේ එකනේ ප්‍රශ්නේ...

:       15       4

සමන්ත Friday, 08 May 2020 06:16 PM

අනේ මේ, ලොක්කෝ, බොරු වැඩ වලින් කාවද මේ රවට්ටන්න හදන්නේ? ඕවා ඔක්කොම ඡන්ද වැඩ බව අපි දන්නවා. හිතාගෙන ඉන්නේ රවී සෙනෙවිරත්න්ලා, ශානි අබේසේකරලා බූරුවෝ කියලා වෙන්ටෑ. ඇයි එතකොට FBI එකට, RAW එකට මේ වගේ දේශපාලුවොන්ට කඩේ ගිය උන් එක්ක හැරෙන්නවත් බැරුව ඇති නේද?

:       5090       1337

samantha - wattalaFriday, 08 May 2020 07:54 PM

පොලිසියේ දැනට අපරාධ අංශයේ සිටින නිලධාරීන්ව බයකරලා තියෙන්නේ. ඒ නිලධාරියෙක් මේ මෑතකදී මා සමග කීවා ශානි අබේසේකර මහත්මයා සම්පූර්ණයෙන්ම හරිලු. නමුත් එයා ගෝඨාගේ කේස් එකත් හරියටම හෙලිකළ නිසා අන්තිමට "බෙල්ල" දෙන්න වුනාලු. ඒ නිසා දැන් වැඩකරන නිලධාරීන් වැඩ කරන්නේ ඉහළ සිටින දේශපාලුවන් කියන විදිහටලු. හැබැයි දවසක රජය පෙරලුනොත්, එහෙමත් නැතිව ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරියට යන්න වුනොත් සම්පූර්ණ ඇත්ත කියනවලු...

:       0       0

jonanaSaturday, 09 May 2020 11:35 AM

කෑම්ප් අටවාගෙන නටනකන් මුකුත් දන්නේ නැහැ බලන්න කෝ...?

:       4       16

Binkunndaa Friday, 08 May 2020 06:22 PM

අවුරුද්දකට පස්සේ ආණ්ඩුව රටට පේන්න බයිලා නටනවා.

:       2530       1063

athuraSaturday, 09 May 2020 04:24 AM

ජුනි 20 අනිවා ඡන්දෙ තියනවා.

:       0       0

කුමාර Friday, 08 May 2020 06:36 PM

අපේ රටේ පොලිසියේ ඉන්න දක්‍ෂ නිලධාරීන්ට අපහාස කරන්නේ ඇයි...? සොයන්න ඕනේ තොරතුරු සියල්ල හොයලා පරීක්ෂණ හරියට කළ බවට පිටරටවලින් පවා අගය කරලා තියෙන්නේ... මේක බාලගිරි දෝෂය වගේ වෙනවා.. ඔක්කොම එක වල්ලේ කට්ටිය...

:       0       0

sumithra liyanage Friday, 08 May 2020 07:57 PM

මේ ආණ්ඩුවේ පච විශ්වාස කරන ගෝත්‍රිකයින් තවත් ඉන්නවා නම්.. ඒ අය මේ මාසේ පඩිය ආණ්ඩුවට දෙන්න. හැබැයි අපි ශතයක්වත් ආණ්ඩුවට දෙන්නෙත් නැහැ. බලෙන් ගත්තොත් ආණ්ඩුවේ ආයුෂ හිතුවටත් වඩා අඩුවේවි...!!!

:       0       0

Raju Friday, 08 May 2020 11:02 PM

ඡන්ද ගුණ්ඩු... අහුවෙයි අපි ඕවාට...

:       0       0

ඈන් රොෂෙල් Saturday, 09 May 2020 01:45 AM

එකල රජය රටට පේන්න පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනයක් කළා. එම විමර්ශණයන් එකඟතාවයක් මත සිදුවූ දෙයක් වගේ. එකල තිබුණේ මහේස්ත්‍රාත්වරුන්ට, ඉහළම පොලිස් නිලධාරීන්ට බලපෑම් කළ යුගයක්... සැබැවින්ම 'අවපාලන' යුගයක්... දැන්වත් විමර්ශනවලින් පසුව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම දෙනා නීතියේ රැහැනට ගත යුතුයි. තම වගකීම් මග හැර සිටි දේශපාලකයින්ද සමගින්...

:       0       0

Mahesh Saturday, 09 May 2020 02:35 AM

ඡන්දේ ළංවෙන කොට එකඑක බයිලා පෙන්වනවාට වඩා කළයුත්තේ එවැනි ප්‍රහාරයක් එල්ලකරන්න ඔවුන් කටයුතු කලේ ඇයි කියන එකයි.. අරමුණ, කොහොමද මනස එහෙම හදාගත්තේ කියන එක සොයාගන්න එක. මොකද එහෙම සැබෑ ප්‍රශ්නය විසඳන්නේ නැතිවුනොත් ආයෙත් ඔය වගේ දේවල් වෙන්න පුලුවන්. අනික නායකයා කවුද කියන එකත් හටියටම සොයාගත යුතුයිනේ. නායකයෙක් මුලින්ම මැරෙන්නේ නෑනේ මෙවැනි කණ්ඩායම් වල. ඒක නිසා සැබෑ ප්‍රශ්නය සොයාගන්න ඕනෑ. අනික මේ ආගමික නාලිකා සහ ප්‍රධාන ආගම්වලින් කැඩිලා ගියපු කණ්ඩායම් ගැනත් පියවරක් ගන්න ඕනෑ. ඔවුනුත් ජාතීන් ආගම් අනුව මිනිස්සු බෙදා වෙන්කිරීම සූක්ෂම ලෙස කරනවා.

:       0       0

සමන්ත Saturday, 09 May 2020 02:38 AM

ඔය තිලකරත්නට කියන්නකෝ ගිහින් අර සිරිසේනව අල්ලාගෙන එන්න කියලා. මිනිහනේ ඔය බෝම්බ වැඩේට සහරාන්ටත් වඩා වගකියන්න ඕනේ.

:       0       0

jagath Saturday, 09 May 2020 04:22 AM

දේපළ රාජසන්තක කළ යුතුයි...

:       0       0

paata kannadi nodana vasiyek Saturday, 09 May 2020 05:10 AM

බෝම්බ කරුවන්ගේ භාර්යාවන් ටික කිව්වා නේද අපේ මිනිස්සු මෙහෙම වැඩ කරන බව අපි දැනන් හිටියේ නැහැ කියලා. එතකොට දේශනා තියන්න මේ ගෑනු ගියේ මෛත්‍රී භාවනාව ගැන වෙන්න ඇති....

:       0       0

nappiya Saturday, 09 May 2020 06:44 AM

ලංකාවේ අය මෝඩයි කියලා හොඳට මේ රජය දන්නවා, ඒකයි මේ ඡන්දෙ කාලෙට එල්ටීටීඊ නැත්නම් සහරාන්ව ගේන්නේ...

:       0       0

Lakmal Saturday, 09 May 2020 07:29 AM

මිනිස්සු රවට්ටන්න සොක්කෝ අල්ලන් නැතුව කෙළින්ම බදුර්දීන්ලාව අල්ලලා පෙන්නන්නකෝ...!!!

:       0       0

wije Saturday, 09 May 2020 07:50 AM

චන්දයක් කිට්ටුවෙනකොට පහුගිය ආණ්ඩුවට තාදුජින් හිටියා මේ රජයට සහරාන් ඉන්නවා. අනේ හොදයි.

:       9       54

සමන්ත Saturday, 09 May 2020 07:24 PM

අපි දාන ඒවා වැඩිය මේවගේ දාන්නේ නෑ. බය ඇති. එ්ත් ඇත්ත ඇත්තම තමයි. ඔව්... තාජුදීන් කියන අහිංසකයා මරා දැම්ම එක දැන් නෑ කියනවද? ඒක නොකළ යුතු පරීක්ෂණයක්ද? අැයි ඒ මිනිස්සු මිනිස්සු නෙමේද? තාජුදීන් මරාදැමීම සාක්ෂි මත හිටපු අති දක්ෂ රහස් පරීක්ෂකයින් වන රවී සෙනෙවිරත්න, ශානි, නිශාන්ත සිල්වා වගේ අය ඔප්පු කළා. සමරසේකර නමැති අධිකරණ නිලධාරියා විසින් සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති සේනානායක නමැත්තා විසින් තහවුරු කළා. තව මොනවද මේ කියන්නේ? සහරාන්ව හැදුවේ රාජපක්ෂලා. ඒවා කරේ තියාගන්න යන්න ඕනේ ජනතාව මිසක් හොර දේශපාලකයන් නෙමෙයි. සුද්ද කරන්න හදන්න එපා කවුරුත්...

:       0       0

Athula Saturday, 09 May 2020 08:51 AM

ඉතින් උන්ට අන්තවාදයට ජනතාවගෙ සල්ලි දුන්නෙ දැන් අපි අබිනවයෙන් පත්කල ජනාධිපතිනෙ... මුලින්ම ප‍්‍රශ්න කල යුත්තෙ ඔහුගෙන්... ජනතාව හැමදාම කළේ බොරු ප‍්‍රචාරයන්ට රැවටිි විත්තිකාරයන්ව කඩුකාරය කරපු එක යුද්ධය නිර්මානය කරන්න මුලුවුු ජෙ.ආර්.ව බලයට ගෙනාව යුද්ධය විනාශකරන්න යුද්ධයට අවංකවම විරුද්ද වුුවන් පනපිටින් ටයර් මත පුච්චල අතුරු දහන් කලා... දැන් කරල තියෙන්නෙත් ඒකම තමයි..

:       35       7

KumaraSaturday, 09 May 2020 08:56 PM

කව්ද අනේ මේ අතුල කියන්නේ? මෙයා නම් සිරිකොතේ ඉඳුල් කන කෙනෙක්ද කොහෙද?

:       0       0

Aris Saturday, 09 May 2020 10:10 AM

එදා ඉදපු පොළිස්පති මේ ගැන නොදැන ඉදලද? එහෙම නැත්නම් දේශපාලන බලයට යටවෙලා ඉදලද? මේක විතරක් නොවෙයි තවත් ගොඩක් දේවල් කලින් අහුවුනා නේද?

:       1       2

Aris Saturday, 09 May 2020 10:10 AM

එදා ඉදපු පොළිස්පති මේ ගැන නොදැන ඉදලද? එහෙම නැත්නම් දේශපාලන බලයට යටවෙලා ඉදලද? මේක විතරක් නොවෙයි තවත් ගොඩක් දේවල් කලින් අහුවුනා නේද?

:       1       1

jonana Saturday, 09 May 2020 11:27 AM

කීදෙනෙක් පැමිණිලි කරාද ඌව අල්ලන්න, මේ නිකන් පම්පෝරි වැඩ, හරිම උත්තරේ ගන්න පුළුවන් ඉන්දියාවෙන්, අපි නම් කියන්නේ....

:       12       9

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1139 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2770 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 718 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 928 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 802 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site