(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , විවිධ රටවල ගුවන් තොටුපළ වල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් අතරින් 14 දෙනෙක් අද (12) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
ඔවුන් අතරින් 09 දෙනෙකු සිංගප්පූරු ගුවන් තොටුපළේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් වූ අතර , ඔවුන් ඊයේ දින රාත්‍රී 11.35 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
එසේම අද දින අලුයම 1.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම ගුවන් තොටුපළේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 05 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
විදේශවල සිරවී සිටි 14 ක් ශ්‍රී ලංකාවට
Abdul Sunday, 12 April 2020 06:03 AM
අපිවත් ගන්නෝ... ඉන්නෙ ඔමාන්වල...
Simiyon_AUSMonday, 13 April 2020 02:45 AM
හපොයි… ගෙන්න ගත්තොත් කොහේ හරි හැංගිලා මුළු රටටම ආයෙත් කොරෝන බෝ කරයි. එ්ක නිසා ඉන්න තැනම හිටපල්ලා....
Raveendra Sunday, 12 April 2020 06:32 AM
ලංකා මාතාවගේ දරුවන් වන ඔබ සෑම සාදරයෙන් පිළිගන්නා අතර සෞඛ්‍ය නිලධාරීන්ගේ නියෝගවලට "විනීතව" අවනතවී ඒ රාජකාරිවලට සහයදී තමන්ගේ මෙන්ම අනිකාගේද ආරක්ෂාව වෙනුවෙන් තම පුරවැසි යුතුකම ඉටුකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
නුවන් Sunday, 12 April 2020 06:35 AM
බොහොම හොඳයි. පිටරට වල ඉන්න සේරම ආයෙ ලංකාවට ගෙන්නලා කොරෝනා දෙවැනි රැල්ලකුත් ඇති කරන්න රටේ. ඊට් පස්සෙ මෙහෙ ඉන්න අහිංසක එදා වෙල හම්බකරන් කන අහිංසක මිනිස්සුයි දුක් විඳින්න ඕනි....
RamaniSunday, 12 April 2020 06:58 PM
ඔබ පිටරටවල සිටින ශ්‍රී ලාංකිකයන් එවන එක ඩොලර් එකකින්වත් ප්‍රයෝජනයක් ලබාගත් කෙනෙක් නොවෙයි කියා සිතමි....
සුද්දා Sunday, 12 April 2020 11:08 PM
රමණි, ඔය නුවන් හාදයා ඉන්නේ කටුනායක එයාර්පෝට් එකේ කාර් පාක් එක ළඟ. පිටරට ගිහිල්ලා එන අපේ අයගේ සූට් කේස් උස්සලා වාහනවලට දමන්නේ මිනිහා තමයි. ඊට පස්සේ ඒ අයගෙන් "වන් ඩොලර් ප්ලීස් " කියලා හිඟාකනවා.
Dewa Sunday, 12 April 2020 07:24 AM
මේ වගේම අර ඩුබායි හිරවෙලා ඉන්න අයවත් ගෙන්න ගන්න වැඩ පිළිවෙලක් හැදුවොත් හොදයි.
නන්නාදුනන හාදයා Sunday, 12 April 2020 04:41 PM
දියවන්නාවේ තිබෙන අසුචි නිෂ්පාදනාගාරයේ සිටින රටේ මිනිස්සුන්ගේ ලේ බොන නරි රැලේ නෑදෑයන් මේ ප්ලේන්වල ඉන්නවානම් ගුවන් නියමුවන්ට මම ආයාචනය කරනවා..කරුණා කරලා ඒ අයව උඩදීම මුහුදට දමන්න. චුට්ටක්වත් පව් නැහැ.එය ඔබ ඔබටම කරගන්නා ප්‍රභලම කුසල කර්මයකි.